2019 ජනවාරි 19 වන සෙනසුරාදා

තෛපොංගල් පණිවුඩේ

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 397

උතුරු සන්ධානෙ ලොක්කා තෛපොංගල්වලට පණිවුඩයක් නිකුත් කරන්න ලෑස්ති වුණා...

ඒ පණිවුඩේ ලියන්න බාරවුණු පාටියෙ මන්තිරි සයිස් මහත්තයට පාටියෙ ලොක්ක කිව්වා... තෛපොංගල් වලින් සාමය උදාවෙනව වගේම මේ අවුරුද්දෙ උතුරේ අර්බුදයට දේශපාලන විසඳුමක් ලැබිලා ජනතාවට සාධාරණය ඉටුවන බව විශේෂයෙන් සඳහන් කරන්න කියලා...

ඒත් මේ දේශපාලන විසඳුම් කතාව දානවට පක්ෂයෙ අනෙක් ලොක්කො කවුරැවත් සතුටු වුණේ නැහැ. ඒත් පාටියෙ ලොක්කට ඒක දාන්නම ඕනෑ වුණා. අන්තිමේදි මේක ලොකු වාග් සංග්‍රාමයක් බවට පත් වුණා..

මන්තිරිලගෙ විරෝධය නිසා කලබල වුණු උතුරැ සන්ධානෙ ලොක්ක තරහින් ඇයි ඒක දාන්න එපා කියන්නෙ?... ඇයි ඒක දාන්න එපැයි කියන්නෙ? කියල හයියෙන් කෑගහලා ඇහුවා...

ඒක අහන් හිටපු උතුරැ සන්ධානෙ කටකාර තරැණ මන්තිරි කෙනෙක් මෙහෙම කිව්වා.

අපි ඕක ගිය අවුරුද්දෙ තෛපොංගල් පණිවුඩෙත් දැම්මා. ඊට උඩින් අවුරුද්දෙත් දැම්මා.. ඊට කලිනුත් දැම්ම... ඒත් ඔය කියන විසඳුම හම්බවුණාද? නිකම් අපි පච වුණා විතරයි... නේ.. සර්... කියල කතාව ඉවර කළා.

ඒ එක්කම වාදය නැවතුණා. ඊට පසුවදා මේ තෛපොංගල් පණිවුඩය මාධ්‍යයට නිකුත් වුණා. හැබැයි ඒකෙ යට කී දේශපාලන විසඳුමත් ලබාදෙන කතාව හයියෙන්ම සඳහන් කරලා තිබුණලු...

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00