2021 ජුලි 17 වන සෙනසුරාදා

බෙදීමක්

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 759

තෙල් ඇමැතිට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගය ගෙනාපු අය අතරම ප්‍රශ්නයක් වෙලාලු. මේකට දැනටම තුන් හතර දෙනෙක් ඡන්දය නොදී ඉන්න තීරණය කරලා කියලයි ආරංචිය. ඒ අයගේ තීරණය වෙලා තියෙන්නෙ මේ කළේ ආණ්ඩුව ශක්තිමත් කරන වැඩක් කියලා. මේ නිසා මේ වැඩේ ගැන ඒ අය කතා කරන්නවත් ආසා නෑලු.

ඒ කණ්ඩායමේ උඩින්ම ඉන්නේ කොළඹ උස හීනි කෙනෙක්. එයා දැන් දුරකථන පාටියේ කිසිම දෙයකට එන්නෙත් නෑලු. අඩුම ගාණේ උද්ඝෝෂණවලට පවා. මේ නිසා එයාගේ අඩිපාරේ යන දෙතුන් දෙනෙකුත් ඉන්න බව ආරංචියි. ඒ මල්ලිලා ටික උස අයියා කියන විදිහට වැඩ කරන නිසා මේ වැඩෙත් මග අරින්නලු ලෑස්තිය. කට හයිය මල්ලියෙක් උඩින්ම ඉන්නවලු.