2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

පාපන්දුව “ඩවුන් ද පල්ලම්”

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ දැවැන්තම කඩාවැටීම පසුගිය සතියේ වාර්තා විය. ශ්‍රී ලංකාව මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 201 වැනි ස්ථානය දක්වා පහතට වැටී සිටියි. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ලෝක ශ්‍රේණිගත කිරීමේ 200න් පහළට වැටුණු පළමු අවස්ථාව මෙය වේ. මෙම කඩාවැටීමත් සමඟ ශ්‍රී ලංකාව ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව අවසන් ස්ථානය හෙවත් 46 වැනි ස්ථානයට පත්විය.

බංග්ලාදේශයේදී පසුගියදා අවසන් වූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී මාලදිවයිනට එරෙහිව තරගය සම තත්ත්වයෙන් අවසන් කරමින් 200 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 199 වැනි ස්ථානය දක්වා ස්ථානයක් ඉදිරියට පැමිණියේය. කෙසේ වෙතත් පසුගියදා ශ්‍රී ලංකාවේදී මැලේසියාව හමුවේ ගෝල 4x1 කින් පරාජයට පත්වීමත් සමඟ ස්ථාන දෙකක් පසු පසට තල්ලු විය. 

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව මොන්ට්සිරාට් (202), සයිමන් දූපත් (203), එර්ත‍්‍රියාව (204), සෝමාලියාව (204), ටොන්ගෝ (204), වර්ජිනියා දූපත් (207), ඇන්ගෝලාව (208) සහ ශාන්ත මරීනා (209) යන රටවල් ශ්‍රී ලංකාවට පහළින් සිටියි. ශ්‍රී ලංකාව ප‍්‍රධාන ලකුණු 886ක් ලබා සිටින අතර ලෝක ශ්‍රේණිගත කිරීමේ 199 වැනි ස්ථානයේ සහ ආසියානු ශ්‍රේණිගත කිරීමේ 45 වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය ප‍්‍රසාද ලකුණු 890 ක් ලබා සිටියි. ආසියානු ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ඉරානය ලෝක ශ්‍රේණිගත කිරීමේ 30 වැනි ස්ථානයේ පසුවෙයි.
මෙම දැවැන්ත කඩා වැටීමට පාපන්දු පරිපාලනයේ වර්තමාන සහ පසුගිය වසර හයක පමණ කාලයක් කටයුතු කළ කටයතු කළ පාලකයන් වගකිවයුතු බවට පාපන්දු ප‍්‍රවීණයෝ චෝදනා කරති. 

♦ විශේෂ ලියුම්කරුවකු විසිනි

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00