2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

එහෙනම් මට එන්න කිව්වෙ ඇයි : අරවින්ද තිලංගගෙන් අසයි

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 225

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා අනුරාධපුර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තණතීරුව සහ ජල ව්‍යාපෘතිය විවෘත කිරීම වෙනුවෙන් පසුගියදා පැවැති උත්සවයේදී හිටපු ක‍්‍රිකට් නායකයන් වන අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන මහත්වරුන්ට මුදලට තරග පාවදීමේ චෝදනා එල්ල කිරීම මේ වනවිට දැඩි කථාබහට ලක්ව තිබේ. 

තිලංග සුමතිපාල සහ අර්ජුන රණතුංග යන මහත්වරු අතර කාලයක සිට ක‍්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතියද අරවින්ද ද සිල්වා මහතා තිලංග සුමතිපාල මහතාගේ සභාතිවත්වය යටතේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස කටයුතු කළේය. සුමතිපාල මහතාගේ චෝදනාවට ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගිය අඟහරුවාදා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

අර්ජුන රණතුංග මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ පැවසුවේ ලක්නව් නුවරදී 1994 වසරේ පැවැති මෙම තරගයේදී තමන්ට සහ අරවින්දට එල්ල වූ මෙම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කළ බවයි. සුමතිපාල මහතාගේ ආරාධයෙන් තමන් ක‍්‍රිකට් කමිටුවේ කටයුතු කළ බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ධූරයකට ද තමන්ට ආරාධනා කළ බවත් එවැනි චෝදනාවක් තිබේ නම් එවැනි තනතුරකට පත්කිරීම වැරදි බව එහිදී අරවින්ද ද සිල්වා මහතා පවසා තිබුණි. 

මෙම තත්ත්වය හමුවේ අර්ජුන රණතුංග මහතාට ක‍්‍රිකට් පරිපාලනය සම්බන්ධව සුමතිපාල මහතාට එරෙහිව සටනට අඩුවත්ව තිබූ ලෝක ශූර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයෙක් වන අරවින්ද ද සිල්වාගේ සහය ද ලැබුණි.   

♦ වරකාගොඩ ගමගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00