2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

කපුගෙදරගෙ ආතතිය

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 181

ඉන්දියාවට එරෙහිව පල්ලෙකැලේ පැවැති දෙවැනි එක්දින තරගයේ නායකයා ලෙස කටයුතු කළ චාමර කපුගෙදර කාසියේ වාසිය උරගා බැලීමේදී ආතතියට පත්වූයේ යැයි කියන කථාව වඩාත් බරපතළය. කාසියේ වාසිය ලැබුණොත් පන්දු යැවීමට කණ්ඩායම ගෙන තිබූ තීරණය ක‍්‍රීඩාංගණය මැදදී පන්දුවට පහරදීම බවට පත්වූ බව දැනගන්නට තිබේ.

මුළු තරගාවලියේම ඒ වනවිට ලැබූ එකම කාසියේ වාසියත් එය විය. කපුගෙදරගේ එම තීරණයත් සමඟ ක‍්‍රීඩාගාරයේ සිටි කණ්ඩායමේ සාමාජිකයන් විමතියට පත්වූ බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ. කෙසේ වෙතත් එම තරගයෙන් පසුව කපුගෙදර පිටකොන්දේ ආබාධයකට ලක්වූයේ යැයි කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබීය.