2022 ජුලි 03 වන ඉරිදා

ක්‍රිකට් පිටියේ පොඩි එකා දුනිත්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 298

''තාත්තේ, මට කවදහරි ඇන්ඩෘ රසල්ට බෝල් කරන්න ලැබුණොත් රසල් මට ගහයි. ඒත් තාත්තේ මම ට‍්‍රයි කරන්නේ එයාගේ විකට් එක ගන්න'' යැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ (නවක තරුව) වන දුනිත් වෙල්ලාලගේ සිය පියාට පවසා තිබේ. එම ප‍්‍රකාශයෙන්ම කුඩා වෙල්ලාලගේ සතු ආත්ම ශක්තිය සහ ධෛර්ය කොතරම් විශාලද යන්න අවබෝධ කරගත හැකිය.

දුනිත්ගේ පියා සුරංග නිරෝෂන් වෙල්ලාලගේ මහතා දුනිත්ගේ සාර්ථකත්වය පිටුපස සිටින දැවැන්තම ජීවමාන චරිතයයි. දුනිත් ක‍්‍රීඩාකරන ඕනෑම තරගයක ක‍්‍රීඩාංගණයේ කොතැනක හෝ තැනක සුරංග මහතා නොසිටින්නේ නම් ඒ ඉතාමත් කලාතුරකිනි. 
තවමත් 19 වැනි වියේ පසුවන දුනික්ට ජාතික කණ්ඩායමේ ස්ථානය ලැබීම පිළිබඳව කළ විමසුමකදී සුරංග මහතා පැවසුවේ මෙතරම් ඉක්මනින් ජාතික කණ්ඩායමේ ස්ථානය ලැබේ යැයි බලාපොරොත්තුවක් නොතිබුණත් වයස 21 හෝ 22 වනවිට අවස්ථාවක් ලැබේ යැයි විශ්වාසයක් තිබූ බවත්ය. 

''පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පුතා ක‍්‍රීඩාකළ පළමු තරගයේදී ඔහුගේ පළමු ඕවර දෙකට ලකුණු 21ක් ගැහුවම මට උණ වගේ දැණුනා. නමුත් ඉන්පසුව තරගවලදී දැක්වූ දස්කම් පිළිබඳව මට පුදුම සතුටක් තියෙන්නේ. මෙහිදී විශේෂ දෙයක් කියන්න තියනවා. වයස අවුරුදු 19ක ක‍්‍රීඩකයෙක්ට ඔස්ෙට්‍ර්ලියාවට එරෙහිව ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබාදීමේ අභියෝගය භාරගත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සහ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නිලධාරීන්ට සහ නායක දසුන් ශානක ඇතුළු කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට ගෞරවය පිරිනමන්න ඕනේ'' යැයිද සුරංග වෙල්ලාලගේ මහතා කීය.

දුනිත් කුමන ආකාරයේ දරුවෙක්ද යන්න පිළිබඳව කළ විමසුමේදී සුරංග වෙල්ලාලගේ මහතා මෙසේ පැවසීය. 

''දුනිත් කියන්නේ පාඩුවේ වැඩකරන දරුවෙක්. ඔහු අනවශ්‍ය වැඩවලට එතරම් උනන්දුවක් දක්වන්නේ නෑ.'' 

දුනිත් වෙල්ලාලගේ, ඔස්ෙට්‍ර්ලියාවට එරෙහිව පසුගියදා අවසන් වූ එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ කැපී පෙනෙන ක‍්‍රීඩකයා බවට පත්වීමෙන් ඔහු පිළිබඳව ක‍්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ඔස්ෙට්‍ර්ලියාවට එරෙහිව වසර 30කට පසුව ලැබූ එම ඓතිහාසික ජයග‍්‍රහණයට යොවුන් ක‍්‍රීඩක දුනිත් දැක්වූ දස්කම් වඩාත් ඉදිරියෙන් තිබුණි.  

වමතින් දඟපන්දු යවන්නකු ලෙස කණ්ඩායම එක්වූ දුනිත් නම් දැරෑ ඔස්ෙට්‍ර්ලියානු ක‍්‍රීඩකයන් හමුවේ කිසිදු චකිතයකින් තොරව ක‍්‍රීඩා කිරීම එහිදී කැපී පෙනුණි. එම තරගාවලියේ තරග පහේදී කඩුලු නවයක් දවාගැනීමට සමත් වූ අතර ඔහුගේ පන්දු රුකීම ඉහළ ස්ථානය පැවතුණි.

එක්දින තරගාවලියේ විස්තර විචාරය කළ ජාත්‍යන්තර විස්තර විචාරකයන් පැවසුවේ වෙල්ලාලගේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට සම්පතක් බවය. ඔස්ෙට්‍ර්ලියාවට එරෙහිව පසුගිය තරගාවලියේදී වෙල්ලාලගේ වඩාත් අවධානයට පත්වුවද ඔහු මෙම වසරේ පෙබරවාරි මස බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති වයස 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී තුන් ඉරියව් දස්කම් දක්වමින් අවධානය දිනාගැනීමට සමත්ව සිටියේය. ඔහුට මෙතරම් ඉක්මනට ජාතික කණ්ඩායමේ ස්ථානකයක් වෙන්කර ගැනීමට ලෝක කුසලාන තරගාවලියේ දස්කම් ප‍්‍රබල ආශීර්වාදයක් විය. 

එම ලෝක කුසලාන තරගාවලියේදී දුනිත් දැක්වූ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල කාලයකට පසුව අවසන් පූර්ව තරගය දක්වා පැමිණියේය. එහිදී ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිලේ නායකත්වය දැරූ දුනිත් මැදපෙළ පිතිකරුවෙකු සහ දඟපන්දු යවන්නෙකු ලෙසද විශිෂ්ට දස්කම් දැක්වීය. 

දුනිත් එහිදී කඩුලු 17ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම සාමාන්‍ය 44 ක් පවත්වාගනිමින් ලකුණු 264 ක් රුස්කරමින් හත්වැනි වැඩිම ලකුණු ලාභියා බවට ඔහු පත්විය. එම දස්කම් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව නම් කළ ලෝක යොවුන් පිලටද වෙල්ලාලගේ ඇතුළත් විය.

මරදාන ශාන්ත ජෝශප් විදුහලෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටිය ආක‍්‍රමණය කළ දුනිල් වෙල්ලාලගේ ශාන්ත ජෝශප් විදුහල පසුගිය වසර කීපයේ ලැබූ ජයග‍්‍රහණ රැසකද දැවැන්ත කොටස්කරුවෙකි. දුනිත් ක‍්‍රීඩා පවුලක වැඩිමහල් පුත‍්‍රයා වන අතර ඔහුගේ බාල සහෝදයන් දෙදෙනා වන පුලින සහ චමත් බැඩ්මින්ටන් සහ ක‍්‍රිකට් ක‍්‍රීඩාවලින් දස්කම් දක්වන අතර පුලින ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් සංචිතය නියෝජනය කරයි. 

තවමත් 19 වැනි වියේ පසුව මෙම හුරුබුහුටි ක‍්‍රීඩකයාට දිගු ගමනක් යෑමේ අවස්ථාව තිබේ.  

 සටහන: යොහාන් භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00