2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

දෙවැනි තරගයේ ගෞරවය සිම්බාබ්වේ පිල හිමිකර ගනී

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 86

සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී පැවැති දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් වන ලකුණු තරගයේ සිව්වැනි දිනය අවසන් වනවිට ප‍්‍රදර්ශනය විය. එය එසේ වුවහොත් ශ්‍රී ලංකාවට 1x0 කින් තරගාවලියේ ජය හිමිවේ. තරගයේ සිවුවැනි දිනය වූ පසුගිය බ‍්‍රහස්පතින්දා පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව අවසන් කරන විට සිම්බාබ්වේ පිල දෙවැනි ඉනිමේදී කඩුලු 7ක් දැවී ලකුණු 241ක් රැස්කරමින් ලකුණු 354ක් ඉදිරියෙන් සිටියේය. 

තරගයේ අවසන් දිනය වූ පසුගිය සිකුරාදා ආරම්භයේදීම ශ්‍රී ලංකා පිලට ලකුණු 355ක ජයග‍්‍රාහී ඉලක්කයක් ලැබීමට වැඩි අවස්ථාවක් තිබුණි. ශ්‍රී ලංකා පිල එක් දිනක් තුළ මෙවැනි දැවැන්ත ඉලක්කයක් හඹායෑමේ අවදානමක් ගැනීමට ඉදිරිපත් නොවනු ඇත.

මෙම තරගය සිම්බාබ්වේ ක‍්‍රිකට් ඉතිහාසයේ සාර්ථක තරගයකින් එකක් විය. එසේම ශ්‍රී ලංකාව තවදුරටත් සිම්බාබ්වේට එරෙහිව අපරාජිත වාර්තාව රැකගැනීමට සමත් විය. තෙවැනි දිනයේ පස්වරුවේ වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට තවත්  ඕවර 11ද, සිව්වැනි දිනයේ තවත්  ඕවර 23ක්ද, ඉතිරිව තිබුණි.  

ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයේදීද පැත්තක් රැකගනිමින් රැස්කළ අර්ධ ශතකය නොවන්නට තරගයේ සම්පූර්ණ පාලනය සිම්බාබ්වේ පිලට නතු වීමට ඉඩ තිබුණි. සිකන්දර් රාසා ප‍්‍රමුඛ සිම්බාබ්වේ පන්දු යවන්නෝ ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 293 කට සීමා කිරීමට සමත් වීමෙන් සිම්බාබ්වේ පිලට ලකුණු 113ක වාසියක් හිමිවිය.

දඟපන්දු යවන සිකන්දර් රාසා සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ දක්‍ෂතම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 113 කට කඩුලු 7 ක් දවාගැනීම කැපී පෙනුණි. සිම්බාබ්වේ පිල පළමු ඉනිමේදී ලකුණු 406ක් රැස්කිරීමෙන් ශ්‍රී ලංකා පිලට තරගය විසඳුමකින් තොරව අවසන් කිරීමේ ඉලක්කය තෝරා ගැනීමට සිදුවිය. එහිදී සිම්බාබ්බේ පිතිකරුවන් වේගයෙන් ලකුණු රැස්කිරීමේ උපක‍්‍රමයක් අනුගමනය කිරීම කැපී පෙනුණි. සිම්බාබ්වේ එම උපක‍්‍රමයත් සමඟ පළමු දිනයේ  ඕවර 90 දී ලකුණු 352 ක් රැස්කිරිමට සමත් විය.

පිතිකරුවන්ට හිතකර වූ හරාරේ තණතීරැවේ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ප‍්‍රහාරයට ලක්වූහ. එහිදී පා දඟපන්දු යවන ක‍්‍රීඩක ලසිත් ඇඹුල්ලදෙණිය දැඩි ප‍්‍රහාරයකට ලක්වීම කැපී පෙනුණි. 

I වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00