2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

නාවික හමුදාවේ චාමික සඳුන් දැනට සමස්ත තරගයේ මුල් තැනට

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 45

ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි කිලෝමීටර 814 කින් සමන්විත සිවුවැනි ටෙලිකොම් පාපැදි සවාරියේ සිවුවැනි දිනය වූ පසුගිය සිකුරාදා (27වැනිදා) සිවුවැනි අදියර තරගය අවසන් වනවිට නාවික හමුදාවේ චාමික සඳුන් කුමාර සමස්ත තරගයේ පළමු ස්ථානයේ රැඳී සිටියේය.

බණ්ඩාරවෙල සිට කුරුණෑගල දක්වා කිලෝමීටර 159 කින් යුක්ත වූ තෙවැනි අදියර තරගය ජය ගැනීමට නාවික හමුදාවේ ප‍්‍රභාෂ් මධුසංඛ සමත් විය.  

තෙවැනි අදියර තරගය ආරම්භ වනවිට සමස්ත තරගයේ පෙරමුණේ සිටි වරාය අධිකාරිය නියෝජනය කළ සජිත් හසන්ත, බණ්ඩාරවෙලදී අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවිය. 

ඇඹිලිපිටියේ සිට බණ්ඩාරවෙල දක්වා කිලෝමීටර් 156 ක් වූ දෙවැනි අදියර තරගය ජය ලබමින් හසන්ත සමස්ත තරගයේ පෙරමුණට පැමිණ සිටියේය. 

දෙහිවල සිට ඇඹිලිපිටිය දක්වා කිලෝමීටර 160 කින් යුත් මෙම තරගයේ පළමු අදියර ජය ලබමින් චාමික සඳුන් කුමාර සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. 

I භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00