2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

තිසර සහ අවසරය

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 192

‘‘ජාතික කණ්ඩායමේ අවශ්‍යතාව නිසයි ඔහුව නැවත ගෙන්නුවේ’’ යැයි ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා නැවත ශ්‍රී ලංකාවට කැඳවීම පිළිබ`දව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ‘දේශය’ට පැවසීය. 

ප‍්‍රධාන විධායක නිලධාරීවරයා එසේ පැවසුව ද තිසර, පාකිස්තානු සංචාරයට සහභාගි වන කණ්ඩායමට ඇතුළත්ව නොමැති වීම හේතුවෙන් ඔහු හදිසියේ කැඳවීමට තරම් ජාතික අවශ්‍යතාවක් නොතිබිණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගිවිසුම්ගත ක‍්‍රීඩකයකු වන තිසර, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අනුමැතියෙන් තොරව ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ තරගාවලියට සහභාගි වීම හේතුවෙන් ඔහු පාකිස්තානු සංචාරය සඳහා සංචිතය තේරීමේදී නොසළකා හැරිය බව ඊට පෙර වාර්තා විය. ඉන් පසුව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඔහුට පසුගිය ඉරිදාට (15 වැනිදා) නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් තිසර ඔහුට ලබාදුන් අවසන් දිනයේ ද තරගයකට සහභාගි විය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරියා පවසන්නේ ‘කැරිබියන් ප‍්‍රීමියර් ලීග්’ තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තිසරට අවසර ලබාදුන් බවයි. එසේ අවසර ලැබුණේ නම් තිසර හදිසියේ නැවත කැඳවීම ඔහුට කළ අසාධාරණයකි.

තිසර පසුගිය බදාදා රාත‍්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණි. තිසර අවසරයකින් තොරව කොදෙව් දූපත්වලට ගියේ නම් ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කු-මන පියවරක් ගන්නේ දැයි අපි බලා සිටිමු. 

I භාසුර

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00