2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ක්‍රිකට් ටෙන්ඩර් මණ්ඩලේ සභාපති අමාත්‍යංශ ලේකම්?

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මාර්තු මාසයෙන් පසුව ශ්‍රී ලංකාවේදී සහභාගි වන අන්තර්ජාතික ක්‍රිකට් තරගවල රූපවාහිනී අයිතිය විකිණීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පත්කර ඇති බව දැනගන්නට තිබේ.

එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන් පත්කර ඇති බවත් අයි.සී.සී. නියෝජිතයකු ද ඊට ඇතුළත් වන බවත් වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතුරු කමිටුවක් මගින් පාලනය වන්නේ නම් මෙම කමිටුවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා සභාපති ලෙස පත්කළ හැකිය. ඡන්දයෙන් පත්වූ නිලධාරී මණ්ඩලයක් සිටියදී අමාත්‍යවරයා මෙවැනි තම ලේකම්වරයා පත්කිරීම කොතරම් නිත්‍යනුකූල ද යන ගැටලුව මතුවේ.

දේශීය අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට රූපවාහිනී අයිතිය විකිණීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළතම ආදායම් මාර්ගය මෙන්ම අත යට ගනුදෙනු වන්නේ යැයි චෝදනා එල්ල වන ව්‍යාපෘතියකි.

වසර දෙකක හෝ තුනක රූපවාහිනී අයිතිය සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 20 ත් 30 අතර අධික මුදලකට අලවි වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී අයිතිය විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු උසස් නිලධාරීන් රැසකට මීට පෙර චෝදනා එල්ල වූ අතර ඇතැම් ක්‍රීඩා ඇමැතිවරුන්ට ද චෝදනා එල්ල විය.

- භාසුර

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00