2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ඩිල්රුවන් දිගටම එළියේ?

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 205

ඩිල්රුවන් පෙරේරා යනු මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පිට දඟපන්දු යවන්නා වේ. ඩිල්රුවන් මේ වනවිට ටෙස්ට් කඩුලු 153 ක් දවාගනිමින් ශ්‍රී ලංකාවේ සිව්වැනි වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාද වේ. ඩිල්රුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 100ක් දවාගත් ක‍්‍රීඩකයාද වේ.

නවසීලන්තයට එරෙහිව ලබන බදාදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ඩිල්රුවන් ඇතුළත්ව සිටියද ආබාධයක් යැයි ඔහුව පැත්තකට තල්ලු කිරීමේ මෙහෙයුමක් තේරීම් කමිටුව ක‍්‍රියාත්මක කරමින් සිටියි. ගාල්ල තණතීරුවේ හැසිරීම පිළිබඳව වැඩිම අත්දැකීම් ඇති ශ්‍රී ලංකා සංචිතයේ සිටින පන්දු යවන්නා ඩිල්රුවන් බව අමුතුවෙන් කිවයුතු නැත. ඩිල්රුවන් ආබාධයකට ලක්ව සිටියද ඔහුට පළමු තරගයේ සිට ක‍්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව වාර්තා වේ. එසේ වුවද මෙම සටහන තබන මොහොත දක්වා තේරීම් කමිටුව එසේත් නැත්නම් නායක දිමුත් කරුණාරත්න හෝ මේ ගැන සාකච්ඡා කර නොමැති බව වාර්තා වේ. කටයුතු සිද්ධ වන ආකාරයට ඩිල්රුවන්ටත් නුවන් කුලසේකරට කළ විනාශය කිරීමට තේරීම් කමිටුව පිඹුරුපත් සකස් කරනවාට සැක නැත.

හතුරුසිංහගේ හිතවතකු යැයි අසන්ත ද මෙල් ඇතුළු තේරීම් කමිටුවේ කැපිල්ලට හසුව සිටින දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියට ඇතුළත්ව සිටියි. මෙම තරගාවලිය සත්කාරක ශ්‍රී ලංකාව මෙන්ම ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ පසුවන නවසීලන්තයද ටෙස්ට් ලෝක කුසලාන තරගාවලියේ සහභාගි වන පළමු තරගාවලිය මෙය වීම වඩාත් විශේෂත්වය වී තිබේ.

ශ්‍රී ලංකාව සත්කාරකත්වයේ වාසිය ලබාගෙන මෙම තරගාවලිය 2x0 කින් ජය ලැබුවහොත් ලෝක කුසලාන ප‍්‍රසාද ලකුණු 120ක් හිමිකරගැනීමේ අවස්ථාව උදාවේ.

ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 94 ක් ලබා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ හයවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය 2x0 කින් ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු 100 පසු කර යෑමේ අවස්ථාව තිබේ. ඕස්ට්‍රේලියාව ප‍්‍රසාද ලකුණු 98ක් ලබා පස්වැනි ස්ථානයේ පසුවන අතර ඕස්ට්‍රේලියාවද මේ වනවිට ‘අළු බඳුන’ තරගාවලියට සහභාගි වෙමින් සිටියි. ඕස්ට්‍රේලියාව එහි පළමු තරගයද ජය ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලිය ජය ලැබුවහොත් හිමිකරගන්නා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ඉදිරියට යෑම පිළිබඳව තීරණයට එළඹීමට තවම නොහැක. 

ශ්‍රී ලංකාව මාස පහකට පමණ පසුව සහභාගී වන පළමු ටෙස්ට් තරගාවලිය මෙය වේ. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් ටෙස්ට් තරගාවලියේදී සත්කාරක දකුණු අප‍්‍රිකාව 2-x0 කින් පරාජය කරමින් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබීය. 

 වරකාගොඩ ගමගේ

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00