2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ඕස්ට්‍රේලියාවෙදිත් ක්‍රිකට් ඒඩ් වන්දනාව

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයේදීද ‘ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒඩ්’ අරමුදල් රැස්කිරීමේ වන්දනා චාරිකාව ක‍්‍රියාත්මක කෙරිණි. නම කුමක් වුවත් එම අරමුදල් රැස්කිරීමේ කාර්යය ක‍්‍රමානුකූලව සිදුවන්නේ නම් කිසිදු ගැටලුවක් නැත. 

මෙවර ‘ක‍්‍රිකට් ඒඩ්’ වන්දනා චාරිකාවට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයන් 10ක් පමණ පිටත්ව ගොස් සිටි බව ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.  අරමුදල් රැස්කිරීම වෙනුවෙන් පැවැති හමුව සංවිධානය කිරීමට මෙම නිලධාරීන් කළ කාර්යය සහ ඔවුගේ වියදම් කොපමණද ඒවා දැරුවේ කවුරුන්ද යන්න රටට හෙළි කළ යුතුබව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියති. 

ඔවුන්ගෙන් ඇතැමුන් කණ්ඩායම සමඟ පැමිණ ගෞරවය ලබා ගැනීමේ අරමුණින් වැඩි පුර දින කීපයක්  ඕස්ට්‍රේලියාවේ නතර වූ බවද දැනගන්නට තිබේ. 

♦ සටහන: භාසුර

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00