2018 මැයි 26 වන සෙනසුරාදා

නිලවරණ කල්දාන ගිණුම් වාර්තා ප්‍රමාදය

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ගිණුම් වාර්තා ලැබීමේ ප‍්‍රමාද වීමෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ රසක් කල්දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වේ.

ජාතික ක‍්‍රීඩා සංගම්වල නිලවරණ මේ මස 31 වැනි දිනයට පෙර පවත්වා අවසන් කළ යුතු බවට ක‍්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දී තිබෙන අතර නිලවරණ කල්දැමීමට ක‍්‍රීඩා සංගම් රැසක් අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ. ක‍්‍රීඩා සංගම් ගිණුම් වාර්තා විගණනය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවට යොමු කර මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණ ද ඒවා ලැබෙන දිනයක් පෙනෙන තෙක් මානයේ නොමැති බව වාර්තාවේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය ද මේ හේතුවන් කල්දැමීමට සිදුව ඇති බව එම සංගමයේ උසස් නිලධාරියෙක් ‘දේශය’ට පැවසීය. ්‍

I විශේෂ ලියුම්කරුවකු විසිනි

 

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00