2018 මාර්තු 10 වන සෙනසුරාදා

අලුත් ඔලිම්පික් කමිටුවේ පරණ සෙල්ලම්!

 2018 මාර්තු 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

ඕස්ට්‍රේලියාවේදී ලබන අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැම් නිලධාරීන්ගේ හිතවතුන්ගෙන් පිටාර ගලා ඇති බව දැනගන්නට තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී සහයෝගය දැක්වූ ක‍්‍රීඩා සංගම්වලට මෙන්ම ඇතැමුන්ට සන්තෝසමක් බවට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල පත්කර ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. එම ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම 80 දෙනකුගෙන් පමණ සමන්විත වේ යැයි පැවසුණද එය 200 කට ආසන්න විය හැකි බව වාර්තා වේ.

ඔලිම්පික් නිලවරණයේදී වර්තමාන පාලකයන්ට සහය දුන් ඇතැම් ක‍්‍රීඩා සංගම්වල ක‍්‍රීඩාව ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් අනුමත නොවීම හේතුවෙන් ඉවත්කර තිබේ. එම ක‍්‍රීඩා කණ්ඩායම් ජාතික ඔලිම්පික් කමිටුවේ වියදමින් ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවීමේ සූදානමක්ද ඇති බව වාර්තා වේ.

♦ වරකාගොඩ ගමගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00