2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

සත් සාමාජික රග්බි තරග: ශූරතාව හොංකොං පිලට

 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ තෙවැනි සහ අවසන් අදියර ලෙස කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පසුගියදා පැවැති ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනාගත් හොංකොං සහ ජපානය ලෝක සත් සාමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේදී පළඟ ශූරයන් බවට පත්වුවද ප‍්‍රසාද ලකුණු 18 ක් ලබා සමස්ත තරගමාලාවේ සිවුවැනි ස්ථානයට පත්විය. 

ආදියර තුනකින් සමන්විත මෙම තරගාවලියේදී ජපානය ප‍්‍රසාද ලකුණු 32 ක් ලබා සමස්ත ශූරතාව ද, හොංකොං ප‍්‍රසාද ලකුණු 30 ක් ලබා අනුශූරතාව ද, දකුණු කොරියාව ප‍්‍රසාද ලකුණු 27 ක් ලබා තෙවැනි ස්ථානය ද, හිමිකර ගත්තේය. 
ඩයලොග් ආසියාටා සමාගම මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා ලෙස කටයුතු කළේය. 

ඡායාරූපය:
ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ අලෙවි ප‍්‍රධානී අමලි නානායක්කාර මහත්මිය හොංකොං පිලේ නායකයාට ශූරතා කුසලාන පිරිනැමූ අවස්ථාව.        

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00