අන්තර්ජාතික ක්රිකට් සභාව (අයි.සී.සී.) නවවැනි වරට සංවිධානය කරන විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ජූනි 2 ඉරිදා ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 6.00 ට ආරම්භ වේ.
තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ඇමෙරිකාව සහ කැනඩාව අතර තරගය පැවැත්වේ.
රටවල් 20 ක් සහභාගි වන මෙවර තරගාවලියේ ශ්රී ලංකාව ‘ඩී’ කාණ්ඩයට ක්රීඩා කරන අතර එම කාණ්ඩයේ දකුණු අප්රිකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය සහ නේපාලය යන රටවල් ද ඇතුළත්ව තිබේ.
ශ්රී ලංකා පිල සහභාගි වන පළමු තරගය දකුණු අප්රිකාවට එරෙහිව නිව් යෝක්හිදී මේ මස 3 වැනිදා ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 8.00 ට ආරම්භ වීමට නියමිතය. ශ්රී ලංකා පිලේ දෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව ඩලාස්හිදී මේ මස 8 වැනිදා ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 6.00 ටද, තෙවැනි තරගය නේපාලයට එරෙහිව ෆ්ලොරීඩාහිදී ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 5.00 ටද, ආරම්භ වේ. ශ්රී ලංකාව පළමු වටයේ සහභාගි වන සිව්වැනි සහ අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව කොදෙව් දූපත්හි ශාන්ත ලුසියාහිදී මේ මස 17 වැනිදා පෙරවරු 6.00 ට ආරම්භ වේ.
I සටහන: යොහාන් භාසුර