2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

සනත්ගේ වාර්තාව පැතුම් බිඳ හෙලයි

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 231

ගයාන් ගාල්ලගේI

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති පළමු එක්දින තරගයේදී ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක නව වාර්තාවක් තබමින් නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට පසුගිය සිකුරාදා සමත් විය.

එක්දින තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු විසින් වැඩිම ලකුණු ලබාගෙන සිටියේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය විසිනි. ඒ ලකුණු 189කි. පසුගිය සිකුරාදා පැතුම් නිශ්ශංක විසින් එම වාර්තාව බිඳ හෙළුවේ සනත් ජයසූරිය ක්‍රීඩාගාරයේ බලා සිටියදී වීම විශේෂත්වයකි.