
බලපත්‍රලාභී මැණික් ව්‍යාපාරිකයෙක් වන මේ පුද්ගලයා පදිංචිව සිටියේ මහරගම ඇරැව්වල පාරේ අරලියපුර ප්‍රදේශයේය. රුපියල් කෝටි 700කට අධික වටිනා කැරට් 750ක දකුණු අප්‍රිකානු දියමන්තියක් සන්තකයේ තිබූ ඔහු එය විකිණීමට උත්සාහ කරමින් සිටියේ වසර දෙකක කාලයක සිටය. අධික මිල වටිනාකමකින් යුතු දියමන්තිය විදේශීය ව්‍යාපාරිකයකු වෙත අලෙවිකිරීමට උත්සාහ කරමින් සිටියේ සම්පූර්ණ මුදල එකවර ලබාගෙන උපරිම ලාභයක් ඉපයීමේ අදහසිනි.
කොටුව, මරදාන, බොරැල්ල ආදී ප්‍රදේශවල තැරැව්කරුවන් හරහා විදෙස් ව්‍යාපාරිකයන් හඳුනාගැනීමට උත්සාහ ගෙන තිබුණත් අවසානයේ මීගමුව ප්‍රදේශයේ පදිංචි තැරුව්කරුවකු මාර්ගයෙන් ඔස්ට්‍රියා ජාතික ව්‍යාපාරිකයකු හඳුනාගෙන තිබුණි. ඔවුන් සමඟ ගොඩනගාගත් හිතවත්කම මත ඔස්ට්‍රියා ජාතිකයා එම තැරුව්කරු සමඟින් ඇරුව්වල පිහිටි මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණියේය. ඒ අවස්ථාව සඳහා ඉංග්‍රීසි භාෂා පරිවර්තකයාගේ නිවසට ගනුදෙනුව සාකච්ඡාව සඳහා පැමිණි පිරිස පස් දෙනකු පමණය.
ඉකුත් 1 වැනිදා පෙරවරුවේ පළමුවරට දියමන්තිය බැලීමට පැමිණි ඔස්ට්‍රියා ජාතික ව්‍යාපාරිකයා මැණික් පරීක්ෂා කරන උපකරණයක් රැගෙන විත් ඉන් පරීක්ෂා කර තිබිණ. එහිදී විදේශික ව්‍යාපාරිකයා පවසා තිබුණේ දියමන්තිය අධික මිලක් වන නිසා තවදුරටත් පරීක්ෂා කළයුතු බවය. ඒ සඳහා වෙනත් උපකරණයක් අවශ්‍ය බවත් එය රැගෙන 5 වැනි දිනට පැමිණෙන බවත් දන්වා පිටවගොස් තිබිණ. ඒ සඳහා දෙපාර්ශවයම එකඟ වී තිබුණු අතර 5 වැනිදා පස්වරු 4-5 අතර එම නිවසේදීම පරීක්ෂාව සිදුකිරීමට තීරණය කර තිබිණ.
නියමිත දිනයේ ඔස්ට්‍රියා ජාතික ව්‍යාපාරිකයා ඔහුගේ තැරැව්කරු සහ තැරැව්කරු හඳුන්වා දුන් අනෙක් තැරැව්කරු ද සමඟ ව්‍යාපාරිකයාගේ නිවසට යමින් සිටියදී පළමු තැරැව්කරු මහරගම නගරයෙන් රියෙන් බැස තිබුණේ ඔහු ඊට පෙර අවස්ථාවක මැණික් ව්‍යාපාරිකයා හමුවී තිබූ නිසා බව කියා තිබුණි. ඊට හේතුව කොමිස් මුදල් පිළිබඳ ගැටලුවක් මතුවේයැයි සිතූ නිසායැයි ප්‍රකාශ වේ.
ඉන් පසුව ඔස්ට්‍රියා ජාතික ව්‍යාපාරිකයා සහ ඔහුගේ තැරැව්කරු භාෂා පරිවර්තකවරයෙකුත් සමඟ ඇරැව්වල ව්‍යාපාරිකයාගේ නිවසට ගියෝය. පෙර සඳහන් කළ පරිදිම වෙනත් යන්ත්‍රයක් උපයෝගීකරගෙන එදින දියමන්තිය පරීක්ෂාවට ලක්කරනු ලැබීය. මේ අතර ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරියේ නැවැත් වූ සුදු පැහැති වෑන් රථයකි. ඉන් බැසගත් පොලිස් නිලඇඳුම ඇඳගත් අයෙක් සමඟ තවත් පුද්ගලයන් හතර දෙනෙකි. ක්ෂණයකින් නිවසට ඇතුල් වූ නිලඇඳුම ඇඟලාගත් තැනැත්තා තමන් හඳුන්වාදී තිබුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙසය.
ඒ අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත පැමිණි බවය. අන්තර්ජාතික මට්ටමින් මත්කුඩු ව්‍යාපාරයක නියැලෙන ඔස්ට්‍රියා ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පැමිණි බවත් දන්වා ඔහුගේ දෑතට මාංචු දැමුවේ ඒ අතරතුරය. එසැණින් සියලුදෙනාගේ ජංගම දුරකත රැස්කර මේසයක් මත තබා කෝටී හත්සීයක් වටිනා දියමන්තිය සමඟ තවත් මැණික් ගල් රැසක් බාරයට ගත් පිරිස නිවැසියන් හා තවත් රැඳීසිටි කීපදෙනකු කාමරයක සිරකර දමා මැණික් ව්‍යාපාරිකයාගේ හිසට ගිනිඅවියකින් පහරදී තුවාල සිදුකර විදේශික ව්‍යාපාරිකයා හා ඔහුගේ තැරැව්කරු රැගෙන වෑන් රථයෙන් පළා ගියහ. ඊට පෙර නිවසේ තිබූ සී.සී.ටී.වී. කැමරාවල දත්ත පද්ධතිය ගලවා රැගෙන යන්නටද ඔවුන් අමතක කර තිබුණේ නැත.
වෑන් රථයෙන් පැහැරගෙන යමින් සිටි ඔස්ට්‍රියා ජාතික ව්‍යාපාරිකයා සමඟ ඔහුගේ තැරැව්කරු මහරගම නගරයේ අතහැර යන්නට මේ කොල්ලකරුවන් ක්‍රියාකර තිබිණ. ඒ අවස්ථාවේ ඇතිවූ සැකය නිසා යළිත් වරක් ඔවුන් දෙදෙනා මැණික් ව්‍යාපාරිකයාගේ ඇරැව්වල නිවසට පැමිණ කරුණු දන්වා ව්‍යාපාරිකයා ද සමඟ මහරගම පොලිසිය ගොස් සිදුවීම පිළිබඳව පැමිණිලි කළහ. පැමිණිල්ල පිළිබඳව උසස් නිලධාරින් දැනුම්වත් කළ වහාම නියෝග ලැබුණේ ඉදිරි විමර්ශන මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයට බාරකරන ලෙසය.
මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල් 84762 කුමාර මහතාට හිතවත් මත්තුකරුවකුගෙන් රහසිගත තොරතුරක් ලැබී තිබුණේ පසුගිය 17 වැනිදාය. එමගින් ඔත්තුකරු කියා තිබුණේ පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයකු ළඟ ලොකු මැණික් ගල්වල සහ මුදු කිහිපයක ෆොටෝ තිබෙන බවත් මැණික් ගල් කිහිපයක සහ ඒවායේ වීඩියෝ දර්ශන කිහිපයක තිබෙන බවත්ය. තොරතුරු පිළිබඳ හදිසි විමර්ශනයක් සිදුකරමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් පියවර ගත්අතර ඔහු රැඳීසිට ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ කුලී නිවසකය. ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ පෙරකී ඡායාරූප හා වීඩියෝ දර්ශන කීපයක් තිබිණ. ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබුණේ පාතාල නායක මාකඳුරේ මධූෂ් නමැත්තාගේ දැනුම්දීමකට දියමන්තිය අයිති ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් කොල්ලය සිදුකළ බවය.
මාකඳුරේ මධූෂ් ඔහුට කියාඇත්තේ තමාගේ හිතවතුන් පිරිසක් ලබාදෙන බවත් ඔවුන් සමඟ කොල්ලයට යන ලෙසත්ය. ඒ අනුව පසුගිය 5 වැනිදා සැකකරු කහතුඩුව ප්‍රදේශයෙන් වෑන් රථයකට නැගී තිබුණි. එහි තවත් පුද්ගලයන් හය දෙනකු සිට ඇතත් ඔවුන් මොහු හඳුනන්නේ නැති බව පවසා තිබුණි. මැණික් කොල්ලය අවසන් කර යන අතරමඟදී ඔහුත් මහරගම නගරයෙන් බැස තිබුණේ මධූෂ්ගේ උපදෙස් මතය. ඔහුගේ උපදෙස් අනුව කොල්ලකන මැණික් ගල් කිහිපය සහ රන් ආභරණ සියල්ල ඔහු රැගෙන ගොස් තිබුණි. එහෙත් දියමන්තිය වෑන් රථයෙන් පිටතට නොගත් බවත් එය එහි රැඳීසිටි කෙනකු ළඟ තිබූ බවත් ප්‍රකාශ කර ඇත. භාණ්ඩ සියල්ල පාදුක්ක ප්‍රදේශයේ කුලී කාමරයට රැගෙන ගියපසු මධූෂ්ගේ උපදෙස් අනුව ඒවා ඡායාරූප හා වීඩියෝ ලබාගෙන ඉමෝ තාක්ෂණය ඔස්සේ සහන් සිතිජ නැමැති නමකට පෙනීසිටින අයකු වෙත යවා තිබිණි. එය මධූෂ්ගේ බව කියයි.
ඉන් අනතුරුව මැණික් හා ස්වර්ණාභරණ වෙන වෙනම වතුර නොයන ලෙස ඉටිකොළවලින් ඔතා පාර්සල් කරනු ලැබීය. ඒවා මරදාන ප්‍රදේශයේ පුද්ගලයකුට රුගෙන ගොස් බාරදී තිබුණේද මධූෂ්ගේ උපදෙස් මතය. අත්අඩංගුවට පත් සැකකරු ප්‍රකාශ කර තිබුණේ මරදාන ප්‍රදේශයේදී හමුවූ පුද්ගලයාත් ඔහු නාඳුනන බවය.
සැකකරු සමඟ ජංගම දුරකතන හා භාණ්ඩ සියල්ල ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකළ පසුව සැකකරු රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරිණ.
බස්නාහිර පළාත දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂනයෙන් නුගේගොඩ කොට්ඨාස බාර පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ, නුගේගොඩ දිසාව බාර සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා, මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය ස්ථානාධිපති ජයන්ත පෙරේරා, උප පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන්වරැන් වන 20553 මෙන්ඩිස්, 16053 අතුල, 56951 සුනිල්, 56958 ප්‍රසන්න, පොලිස් කොස්තාපල්වරැන් වන 40248 ප්‍රසන්න, 72338 ලලන්ත, 81600 සමීර, 77688 අමිල, 84426 ප්‍රදීප්, 84762 කුමාර, 88527 සුජිත් සහ 88389 සම්පත් නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.
සමන්ත ප්‍රදීප් විල්තෙර