1. පාර්ලිමේන්තුවේ කලබගෑනී ඇති කරන්නේ වුවමනාවෙන්ම බවටත් ඒ හරහා පාර්ලිමේන්තු මැතිවරණයකට රට යොමුකර ගැනීමට උත්සහයක් පවතින බවටත් ඇතැමුන් මත පළකරනවා. ඒ ගැන මොකද කියන්නේ?
2. රටේ අර්බුදයකට පැහැදිලි විසඳුමක් පේනතෙක්මානයක නැති බවත් පේනවා. ඇත්තටම මේ වෙලාවේ ගතයුතු විසඳුම මොකද්ද?
3. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිවරයා කතානායකවරයාට දන්වා තියනවා. අගමැතිවරයා පත්කරන්නේ තමන් බවත් ඒ සඳහා කතානායකවරයාගේ උපදෙස් අවශ්‍ය නැති බවත් ඔහු පවසා තියනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
4. මන්ත්‍රීවරුන් මේ විදියට පිල් මාරුකරන එකට විසඳුමක් අවශ්‍යයි කියලා ඔබ කවුරුත් හිතන්නේ නැද්ද?
මේ අවුල ඇදගෙන යන්නෙ එ.ජා.ප.යයි
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම
1. මේ පාර්ලිමේන්තුවේ කලබල ඇතිකරන්නේ කතානායකවරයා. ඔහුගේ දැඩි ක්‍රියාකලාපවල පක්ෂග්‍රාහී බව නිසා. කතානායකවරයා ඒ බලතල අයතු ලෙස පාවිච්චි කරන්න ගත්තා. හිතාමතා ප්‍රශ්න මතුකිරීමේ වුවමනාවක් අපිට නැහැ. අපිට ආණ්ඩුවක් හදන්න බැරිකමක් නැහැ. අනික මෙහිදී ජනාධිපතිවරයා කළේ ඔහුගේ කාර්යභාරයයි. ඔවුන් ඇත්තටම බයයි ඡන්දෙකට යන්න. නමුත් අපි එහෙම මැතිවරණවලට යන්න බය නැහැ.
2. ගන්න පුළුවන් ඉහළම විසඳුම තමයි මහින්ද රාජපක්ෂ අගමැති කරලා භාරකාර ආණ්ඩුවක් හදනඑක. අපි ඒක කළා. ගැලපෙන විදියට ඒ ආණ්ඩුවේ කවුරුත් කෝඩුකාරයෝ නැහැ. අපි ඒත් එක්කම ඡන්දයකුත් කැඳවුවා. නමුත් එ.ජා.ප.යෙන් තමයි මේ අර්බුදය ඇදගෙන යමින් තියෙන්නේ.
3. පැහැදිලිවම ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නව අගමැතිවරයෙක් සහ කැබිනට් එකක් පත්කරන්න පුළුවන්. ඒක ඇත්තටම කතානායකවරයාට අයිති කාරණාවක් නෙවෙයි අඩු තරමින් ඒකේ අඩුපාඩු හොයන්නවත්, ඒක එතුමාට අදාළ නැහැ.
4. මේ අය මේ පිල් මාරුකරන්නේ වරදාන වරප්‍රසාදවලට මුවාවෙලා. ඇත්තටම ඒ ක්‍රමය නැතිකළ යුතුයි. ජනතාවට සේවය කරන්න එන අය කවදාවත් තමන්ගේ ප්‍රතිපත්ති පවා දෙන්නේ නැහැ.
ඕන ඕන විදියට රට පාලනය කරන්න පාර්ලිමේන්තුවක් මොකටද?
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක
1. මුලින්ම 26 වැනිදා මේ අය කැබිනට්ටුව විසිරෙව්වා. ඊට පස්සේ මහින්ද මහත්තයා අගමැති බවට පත්කළා. ඒක ව්‍යවස්ථා විරෝධියි. අපිට 2015 අගෝස්තු 17 වැනිදා මේ ජනතාව බලය දුන්නේ අවුරුදු පහකට. පළාත් පාලන ඡන්දයක ප්‍රතිඵලයක් හරහා. එහෙම වෙනස්කම් කරන්න බැහැ. ඇත්තටම මේ කරන්නේ විගඩමක්. මේකට අධිකරණයට යන්න කිව්වා. අපි අධිකරණයට ගියා. ඒකෙන් අතුරු තහනම් නියෝගයක් ලැබුණා. මේක විරෝධියි කියලා. අපි ඕනවෙලාවක ලෑස්තියි 113 නෙවෙයි 122 පෙන්වන්න. අපි කියන්නේ අපිට පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතියක් ලබාදෙන්න කියලා. නමුත් එහෙම කරන්නේ නැහැ. ඒකෙන් තේරෙනවා අද දුර්වල විකට්ටුවේ ඉන්නේ ඒ අය කියලා.
2. මේ මුළු ලෝකේම රටවල් එක්ක අපි සබඳකම් හදාගත්තා. ජී.එස්.පී. ප්ලස් ලබාගත්තා. යුරෝපා මාළු තහනම නැතිකර ගත්තා. ඩොලර් බිලියන ගාණක සංචාරක ව්‍යාපාරය අද වැටිලා තියනවා. එහෙම වෙලා තියෙන්නේ මේ රටේ දැන් තියන අස්ථාවරභාවය නිසා. ඒ නිසා මේ සියල්ල වුණේ මේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා. ජනාධිපතිවරයාම හොරා, වංචාකාරයා කියන කෙනාටම එක පාරටම අගමැති පුටුව දුන්නා ජනතා පරමාධිපත්‍යයට පිටුපාලා. මේක ජාත්‍යන්තරය පිළිගත්තේ නැහැ. කවුරුත්ම මේ ව්‍යාජ අගමැතිවරයාට සුභ පැතුම් එක්කළෙත් නැහැ. මොකද ඔවුන් හැමෝම දන්නවා මේක ව්‍යවස්ථා විරෝධී දෙයක් කියලා.
3. ඒ කියන්නේ පාර්ලිමේන්තුව සත පහකට ගණන් ගත්තේ නැහැ කියන එකනේ. ලෝකේ තියනවනේ ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය තුනම එකට ඉන්න ඕන කියලා. නමුත් එතුමා පත්කරපු මේ තුනම දැන් එතුමාට විරුද්ධයිනේ. අනික මේ එතුමාට ඕන විදියට රට පාලනය කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවත් අවශ්‍ය නැහැනේ. එතුමා ආපූ ගමන් කිව්වේ ජනතාවට කන්දෙනවා කියලා. නමුත් ඒක වෙලා නැහැනේ මේ වෙනකොට.
4. සිංගප්පූරුවේ පිල්මාරු කළොත් අවුරුදු 10ක් හිරේ. යුරෝපයේ පිල්මාරු කරොත් ඒවට දඬුවම් තියනවා. අද මොනවද වෙන්නේ මේ රටේ. දැන් ගියවර 18 සම්මත කරගන්න කී දෙනෙක් ගියාද 06 දෙනෙක් ගියා. ඒ කාලේ කථා වුණා ඔවුන් අලෙවි වූ මුදල් කීයද කියලා. දැන් අපේ රංගට එන්න කිව්වා. ඒ රෙකෝඩින් තියනවා. අපි ළඟ එහෙම හිටපු අය නැවත අපි ළඟටම ආවා. ඉතින් මේ ක්‍රමය කොහොමත් වෙනස්කළ යුතුයි. එහෙම නැත්නම් දඬුවම දිය යුතුයි.
මේක නින්දිත විදියට ව්‍යවස්ථාව කැඩීමක්
ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති
1. ඉතා පැහැදිලියි මේ පාර්ලිමේන්තුවේ බහුතරය රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කණ්ඩායමට නැතිවීමේ ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ. මේක ඉතා පැහැදිලියි. ඉතාම නින්දිත විදියට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ව්‍යවස්ථාව කඩාකප්පල් කිරීම තමයි මේ කරන්නේ. ඔබලා කියන ආකාරයට මේක අවසාන අරමුණ මැතිවරණයක් වෙන්න පුළුවන්. නමුත් ඊළඟට පාර්ලිමේන්තුවක් හැදුවත් මේ හදන පූර්වාදර්ශය කවදාවත් රටට යහපතක් වෙන්නේ නැහැ.
2. පාර්ලිමේන්තු සම්ප්‍රදායට මේ අවස්ථාවේ යන්න. අපි කියන්නේ මේ බලහත්කාරයෙන් හදපු ආණ්ඩුව දැන් පැරදිලා ඉවරයි. එය පාර්ලිමේන්තු බහුතරයෙනුත් පරාදයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් පරාදයි. ඒ නිසා ඊළඟට තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්මත කරලා මහ මැතිවරණයකට යන එක. අවුරුදු 4 ½ යන්න බැරිනම් ඊළඟට තියන ව්‍යවස්ථානුකූල ක්‍රමයි තමයි මේක. බලහත්කාරයෙන් ආණ්ඩු හදන්න බැහැ. තාමත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන අඹමල් රේණුවක හරි ජනතාවත් මේ රටේ ඉන්නවා.
3. එහෙම නම් කරගෙන යන්නකෝ දිගටම බලන්න. එහෙම බහුතරයක් නැතුව පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න පුළුවන් නම් කරගෙන යන්නකෝ. ජනාධිපතිතුමාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන තැනට වැඩ හදාගත්තේ එතුමාම තමයි මෙහෙම ගියොතින්.
4. අපි එහෙම හිතපු නිසා තමයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මේ යෝජනාව අපි ඇතුළත් කළේ. මේ පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන්න කියන එක 19 ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනාවක් හැටියට තිබුණා. ඒ සංශෝධනය ඉදිරිපත් වූ වෙලාවේ ඒකට විරුද්ධ වුණේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා. ඒ යෝජනාව පිළිඅරගෙන ඒක ඉවත්කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. 20 සංශෝධනයෙන් ඒක අපි ඇතුළත් කරලා තියනවා. මන්ත්‍රීවරුන්ගේ පිල්මාරුව නවත්තන්න ඕනනම් 20 සංශෝධනය ක්‍රියාත්මක කරන්න.
බහුතරයට ඉඩ නොදීම විහිළුවක්
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිශාන් කාරියප්පර්
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් දේශපාලන වුවමනාවක් සමහර බලවේගවලට තිබුණා කියලා ඉතාම පැහැදිලියි. ඒකේ එක අංගයක් තමයි මේ විදියට නීති විරෝධීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කරන ලද ක්‍රියාව. ඒක මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවලා තියෙන්නේ. අපිට විශ්වාසයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ ඉදිරියේදී හොඳ තීරණයක් ලබාදෙයි කියලා.
2. පාර්ලිමේන්තුව තුළ බහුතරය නැහැ කියලා තීන්දු කරලා තියනවා දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට. ඊට පස්සේ කරන්න තියෙන්නේ බහුතරය තියන බවට කියන රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒක බාරදීලා එයාට කැබිනට් එක පිහිටුවන්න අවස්ථාවක් ලබාදෙන්න. කවුරු හරි කියනවා නම් බහුතරය නැහැ කියලා පාර්ලිමේන්තුව කැඳවලා එයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනත් ආණ්ඩුව විසුරුවා හැරීමක් කරන්න පුළුවන්. එහෙම වුණොත් දෙපැත්තටම බහුතරේ නැති අවදියක පාර්ලිමේන්තුව විසුරුවලා නැවත මැතිවරණයකට යන්න පුළුවන්. නමුත් දැන් එ.ජා.ප.යට බහුතරය තියන නිසා එසේ කළයුතු නැහැ.
3. පාර්ලිමේන්තුවේ බහුතරය තියන පුද්ගලයා අගමැති කළයුතුයි කියලා ව්‍යවස්ථාවේ තියෙද්දී ඒක නොකිරීම මහා විහිළුවක් විදියට තමයි අපි දකින්නේ.
4. විශේෂ පනතක් ගේන්න ඕන පිල් මාරුවෙන අවස්ථාවේදී මන්ත්‍රීවරු ආණ්ඩුවේ බලතල, ඇමැතිකම්, නියෝජ්‍යය ඇමැතිකම් වළක්වන නීති පද්ධතියක්. අල්ලස දූෂණය නතර කරන්න මේක ගේන්න ඕන. තමන් නියෝජනය කරන ජනතාවගේ කැමැත්ත මත පිල්මාරුකරාට කමක් නැහැ ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්. හැබැයි වෙන ආකාරයම වරදාන වරප්‍රසාද සඳහා පිල් මාරුකරන අයට මේ විදියේ නීතියක් ගෙනාවම ඒක කරන්න අමාරු වෙයි.
බහුතරයක් නැතුව මේ ආණ්ඩුව වැඩ කරන්නෙ කොහොමද?
නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
1. එවැනි උත්සාහයක් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට තියන බව පේනවා. මොකද ඒගොල්ලන්ට පාර්ලිමේන්තුව දැනට තියන තත්ත්වය තුළ කටයුතු කළොත් ඒ අය සුළුතරය බවට පත්වෙන බව ඔවුන් දන්නවා. ඒ නිසා ඒ අය හිතනවා අර ප්‍රාදේශීය සභා ඡන්ද දිහා බලලා පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් ඒ අපට වාසිදායි තත්ත්වයක් ඇති කරගන්නට පුළුවන් කියලා. ඒ නිසා තමයි මොවුන් මේ විදියට කටයුතු කරන්නේ කියලා ඕනෑම අයකුට හිතාගන්න පුළුවන්.
2. දැනට මේ පහුවුණ යහපාලන රජය ගෙන ගියදේම ඉදිරියට ගෙනියන්න ඕන ජාතික ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය කටයුතු කරලා මානව අයිතිවාසිකම් වඩාත් ශක්තිමත් කරලා ඉදිරියට යෑම අත්‍යවශ්‍යයි. ඊළඟට ජාත්‍යන්තර වශයෙන් වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලට වඩා ශක්තිමත් පදනමක් ඇති කරගත යුතුයි.
3. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව මේක කරන්න බැහැ එතුමාට. දැන් පාර්ලිමේන්තුව කිසියම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඇවිල්ලා ඡන්දයක් තියලා පැරදුණොත් ඔහු කොහොමද ඉදිරියට යන්නේ ඒ නිසා ජනාධිපතිතුමා තමන් නම් කරන කෙනා වැඩි බලයක් ලබාගත යුතුයි. එහෙම නැතුව මේ දේවල් ඉදිරියට ගෙනියන්න බැහැ අසාර්ථක වෙනවා.
4. ඒක පිල් මාරු කිරීම වෙනස් කරන්න පුළුවන්. නමුත් මේ අය මේ මතවාද සල්ලිවලට වරදාන වරප්‍රසාද එනවානම් ඒක වැරදියි. ජනතාව යම් අයෙකුට සිය ඡන්දය ලබාදෙන්නේ ඔවුන් වෙනුවෙන් නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට. නමුත් මොවුන් මුදලට එම ජනතාවගේ ජනවර්ම පවාදෙන එක අනුමත කරන්න බැහැ. ඒක වැරදියි.
ප්‍රජාතන්ත්‍රවාදී නොවන ඡන්දයක් තැබීම සුදුසු නැහැ
ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සින්න තම්බි යෝගේෂ්වරම්
1. සමහර උදවියට අවශ්‍ය වෙලා තියනවා මේ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. මේ රටේ පවතින අස්ථාවර දේශපාලනය එක්ක ඔවුන්ට වාසි බලාගන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව මැතිවරණ පවත්වන එක එතරම් සුදුසු නැහැ.
2. රටේ අර්බුදය මේ වෙලාවේ ඉතාම දරුණු ලෙස බලපාලා තියෙන්නේ අපේ ආර්ථිකයට. දිනෙන් දිනෙම ඩොලරය ඉහළ ගිහින් රුපියල කඩා වැටෙනවා. උතුරු නැගෙනහිර ජනතාව බොහෝ දෙනෙක්ට මේ බර දරාගන්න බැරි තත්ත්වයක තමයි ඉන්නේ. රට ගැන හිතලා ජනතාව ගැන හිතලා කවුරු වුණත් දැන් තීන්දු ගතයුතුයි. එහෙම නැතිව රට මේ වැටිලා තියන තත්ත්වයෙන් ගොඩගන්න අමාරුයි.
3. විධායකය ගත්ත තීන්දුවක් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය විසින් අභියෝගයට ලක්කරපු බවක් තමයි අපිට පේන්නේ.
4. මොන පක්ෂයක මන්ත්‍රීවරයකු වූවත් මේ විදියට පිල්මාරු කරන එක නැවැත්විය යුතුයි යන මතයේ අපි ඉන්නවා. ජනතාව බලයක් ලබාදෙන්නේ ඔවුන්ට සේවයක් බලාපොරොත්තුවෙන්. එහෙම නැතුව තමන්ගේ වාසියට නෙවෙයි. ඒ දැන් බොහෝ දෙනෙක් කරන්නේ ජනතාව

4. මොන පක්ෂයක මන්ත්‍රීවරයකු වූවත් මේ විදියට පිල්මාරු කරන එක නැවැත්විය යුතුයි යන මතයේ අපි ඉන්නවා. ජනතාව බලයක් ලබාදෙන්නේ ඔවුන්ට සේවයක් බලාපොරොත්තුවෙන්. එහෙම නැතුව තමන්ගේ වාසියට නෙවෙයි. ඒ දැන් බොහෝ දෙනෙක් කරන්නේ ජනතාවට සේවයක් නොකර ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් නොදී එහාට මෙහාට මාරු වෙනවා. ඒක කිසිම සදාචාරයක් නැති ක්‍රියාවක්.
►හසිත් අංජන