
- හෑගොඩ විපස්සී හිමි
රත්මලාන ධර්ම පර් යේෂණාලයේ අධ්‍යක්ෂ වන හෑගොඩ විපස්සි හිමි බුදු දහම පිළිබඳව නිරන්තරයෙන් අධ්‍යයනය කරන එයට එල්ලවන තර්ජන පිළිබඳ අවධානයෙන් සිටින බහුශ්‍රැත හිමිනමකි. උන්වහන්සේ ඒ මතු නොව රටේ දේශපාලනය පිළිබඳව ද මැදිහත්ව සිතනා සංඝ පීතෘවරයෙකි. විපස්සී හිමි පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයන් දක්වන අදහස් මෙසේය.
මේ අවස්ථාවේ අපේ රටේ හැමතැනම අර්බුදයකට ලක්වී තිබෙන බවයි පේන්නේ. සාමාන්‍ය මනුස්සයකුට හිතෙන්නේ රට අරාජික වී ඇති බවයි. සමහර නිති විශාරදයෝ කියනවා ව්‍යවස්ථානුකූලව අගමැතිවරයෙක් පත් කළ බව. ජනාධිපති තම බලතල යටතේ ඒ දේ සිදු කළ බව. නමුත් හිටපු අගමැතිතුමා කියනවා තවමත් අගමැති තමන් බව. මේ සිද්ධි හරහා තමයි වර්තමාන අර්බුදය ගොඩනැගිලා පවතින්නේ.
මේ වගේ අර්බුදයක් මතු වුණහම හිටපු අගමැති රනිල් මහත්තයාට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් තමන් අගමැති ද යන බවට අර්ථ නිරූපණයක් ලබා ගැනීමට. එවිට ශ්‍රේෂ්ඨාධිකරණය මේ තත්ත්වය ව්‍යවස්ථාව සමඟ සසඳා බලා අර්ථ නිරෑපණයක් ලබා දේවි. නමුත් එවැනි පියවරකට හිටපු අගමැතිතුමා ගිහින් නැහැ. ඒක ඊට පසු පූර්වාදර්ශයක් වේවි. එවැනි නීතිමය තත්ත්වයක් අනුගමනය නොකර කැලෑ නීතිය රජ කරන බව තමයි පේන්නේ.
මේක හැම පැත්තෙන්ම භයානකයි. පොදු ජනතාව පැවතෙන්නේ නීතිය සමඟ. වැරදි නොකර නීතිගරැක වීමට නීතිය බලපානවා. නමුත් ප්‍රධාන පුරවැසියන්ගේ හැසිරීම නිසා ජනතාව අන්දමන්ද වෙලා. අපි නැවත නැවතත් අවධාරණය කරන්නේ මේ අවුල විසඳා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යන ලෙසයි. එහෙම නොවුණම යම් ආකාරයක විදේශීය මැදිහත්වීමකටත් ඉඩ තියෙනවා. ඒක භයානකයි. දැනට ආණ්ඩුවෙන් ඉවත් කර තිබෙන පාර්ශවය කියනවා අපි තමයි නායකයෝ කියලා. ඔවුන් විදේශීය මැදිහත්වීමක් ඉල්ලා සිටීමට ඉඩ තිබෙනවා.
අපේ රට සියලු සම්පතින් පරිපූර්ණ දේශයක්. ශ්‍රී ලංකාවට ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය මූල ධනය රටේ තිබෙනවා. ඒ කියන්නේ රැපියල් සත නොවේ. විශිෂ්ට ජනතාවක් අපට ඉන්නවා. විශිෂ්ට සංස්කෘතියක් අප සතුයි. අවුරුදු 2300ක් පැරණි ප්‍රෞඪ සංස්කෘතියක් හා අනන්‍යතාවයක් තිබෙනවා. ස්වභාවික සම්පත් තිබෙනවා. මේ නිසා සංචාරක ව්‍යාපාරය වගේ දේවල් ව්‍යාප්ත කර විදේශ විනිමය ලබාගැනීමේ ඉඩකඩ පවතිනවා. මේ ණය ගෙවලා දාන්න පුළුවන්.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් වගේ ජන කොටස් සියල්ලම සමගියෙන් කටයුතු කළ යුතුයි. කෝටි දෙකකට මඳක් වැඩි ජනගහණයක් පවතින මේ රටේ පාලනයට පත්වෙන පාර්ලිමේන්තු නියෝජිතයන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතුයි. නමුත් අපට අහන්න දකින්න ලැබෙන්නේ ව්‍යවස්ථාවට පිටින් කරන වැඩ ගැනයි. ව්‍යවස්ථාවේ කොහේවත් සඳහන් වන්නේ නැහැ රාජ්‍ය දේපල විකුණන්න කියලා. රාජ්‍ය දේපල අවභාවිතය, හොරමැරකම්, දූෂණ, රට බෙදන්න කියලා ව්‍යවස්ථාවේ නැහැ. නමුත් නැති දේවල් තමයි ඇතිකරන්නේ. ව්‍යවස්ථානුකූලව කටයුතු සිදු කළ හැකිනම් අපේ රට ලෝකයේ දැවැන්ත ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කළ හැකියි.
මේ වගේ අවස්ථාවක රටේ ජනතාව සමගි විය යුතුයි. ජනතාවට පූර්වදර්ශ සැපයීමට. ජනතා නියෝජිතයන් සමගිව කටයුතු කළ යුතුයි.
බුදුන් වහන්සේ දේශනා කළේ වර්තමානය ආරක්ෂා කරගත යුතු බවයි. දැන් පවතින තත්ත්වය රුකගත යුතු බවයි. රටේ දැන් පවතින තත්ත්වය අනුව තමයි රටේ අතීතය ආරක්ෂා වෙන්නේ. අනාගතයට පිවිසිය හැකිවෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රටේ යුද්ධය ජයග්‍රහණය කරලා රට සංවර්ධනනයට යොමු කරමින් ආවා. නමුත් අවසානය වනවිට රටේ පාලනයක් නැති තත්ත්වයකට පත්වුණා. එක්එක්කෙනා තමන්ගේ බලාධිකාරයන් ගොඩනගාගත්තා. ඒ ධනයෙන් හෝ සම්පත්වලින් විය හැකියි. ඒ හැසිරීම පාලනය කළේ නෑ. මේ නිසා ජනතාව අතර කලකිරීමක් හටගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි හිටපු නායකයන් වෙනුවට මෛත්‍රී - රනිල් මුල් කරගත් යහපාලන රජය පත් කිරීමට කටයුතු කළේ. නමුත් යහපාලනය ආපු අවස්ථාවේ සිටම කටයුතු කළේ ජනතා ප්‍රශ්න විසඳීම වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙනඒමට කටයුතු කරන බව පැවසීමයි. ව්‍යවස්ථාවක් ජනතාව ඉල්ලුවෙත් නැහැ.
අපට ආණ්ඩුක්‍රම විමසා බලද්දී බලද්දී පේනවා පැරණි සෝල්බරි ව්‍යවස්ථාව. එහි 29 වැනි වගන්තියේ තිබෙන්නේ රට අනාගාමික රාජ්‍යයක් බව. ඒ වගේ තත්ත්වයකට රට පසුගිය කාලේ පත්වෙමින් තිබුණා. සංස්කෘතිය පිරිහෙමින් පැවතුණා. ජනතා විරෝධයක් ගොඩනැගෙමින් තිබුණා. ඒ හරහා තමයි මේ නව අගමැතිවරයකු පත්වෙන්නේ’
ලංකාවට රටක් විදිහට බුද්ධිමය හා සම්පත්මය ප්‍රාග් ධනය තිබෙනවා. ඒවා උපයෝගී කරගෙන තවත් රටකට මේ රටේ පාලනයට මැදිහත් නොවන ලෙස සමගියෙන් කටයුතු කිරීම අද දවසේ අත්‍යවශ්‍යයි. අපි ස්වාධීන රාජ්‍යයක්. ඒකට හානියක් නොවිය යුතුයි. එසේ නොවුණහොත් ඉදිරියේදී කැලේ නීතිය රජවීමට ඉඩ තිබෙනවා. රටේ මිනිසුන් හැම වෙලාවෙම බියෙන් කල්ගත කරන්නේ. ලෙඩ රෝගවලට, ආර්ථිකයෙන්, රුකී රක්ෂාවලින් බයට පත්වෙලා. ඉච්ඡාභංගත්වයට පත්වෙලා ඉන්නේ. මිනිස්සු පාලකයන්ගෙන් ඉල්ලන්නේ මේ තත්ත්වය නැති කරන ලෙසයි. වර්තමානයේ සිදුවන්නේ ජනතාවට ප්‍රයෝජනයක් නැති මනඃකල්පිත සංවර්ධනයක්. උතුරැකරයේ තිබෙන්නේ රට බෙදීම ගැන නෙවෙයි. කල්ලි කීපයක ප්‍රශ්නයක්.
මේ ආණ්ඩුව 2015 පත්වුණු අලුත අපි දේශය පුවත්පත සමඟම කළ සාකච්ඡාවකදී පැවසුවා යහපාලනය වහ වෙන යුගය වැඩි ඈතක නොවෙයි කියලා. දැන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
කතානායකවරයාත් මුලදී ජනාධිපතිතුමාගේ පත්වීම පිළිගන්නා බව පැවසුවත් පසුව එය පිළිනොගන්නා බව කියනවා. ඒ නිසා තමයි අර්බුදය උග්‍ර වුණේ. ජනාධිපති, අගමැති, කතානායක කියන්නේ රටේ 1, 2, 3 පුරවැසියන්. ඔවුන් තම භූමිකාව නිවැරදිව ඉටු කළ යුතුයි. ව්‍යවස්ථානුකූලව ආචාර ධර්ම පිළිපැදීමට කටයුතු කළ යුතුයි. ඔවුන් මධ්‍යස්ථ අය විය යුතුයි. පක්ෂයේ මත අනුව නොව සමස්ත සමාජය අනුව තමයි තීරණ ගත යුත්තේ. නමුත් ඔවුන් වැඩ කළේ තම පක්ෂය මුල් කොට සලකලයි. අගතිගාමීව තමයි කටයුතු කළේ.
මුලින්ම ඡන්දය (කැමැත්ත), දෝෂය, මෝහය, බිය යන සතර අගතියෙන් තොරව තීරණ ගෙන ක්‍රියාත්මක කළ යුතුයි. එවිට ඉතා නිවැරදි දෙයක් තමයි සමාජගත වන්නේ. ඒක තමයි බෞද්ධ චින්තනය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරැ 225ක් ඉන්නවා. ඔවුන්ටත් මේක අදාළයි. තමන් ගන්නා තීරණය නිවැරදිද කියලා ඔවුන්ටම තීරණය කළ හැකියි. තමන්ගේ රැචිඅරැචිකම් මත රටකට තීරණ ගත නොහැකියි. මෝඩකමින් බියෙන් තීරණ ගත යුතු නොවේ. තම ඥාන දර්ශනය අනුව යහපත් තීරණ තමයි අවශ්‍ය.
යුරෝපාකරය කෙළ හල හලා බලා ඉන්නේ අපේ රට දිහා. ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ලංකාවට මැදිහත්වීමට. විදේශීය බලපෑම් නිසා බෙදුණු රටවල් තිබෙනවා. වෛරයෙන් ක්‍රෝධයෙන් තෙරපෙමින් රට ගැන තීරණ ගැනීමට බැහැ. පක්ෂ නායකයන් සියලුම දෙනා එකතුව රට වෙනුවෙන් යුතුකම ඉටු කිරීමට අවශ්‍ය තීරණ ගතයුතු අවස්ථාවක් මේක. නැතහොත් රට මහා ගිනි ජාලාවක් වේවි.
සටහන - කුසුම්සිරි
සේයාරුව සුමුදු හේවාපතිරණ