
1. රුපියලේ කඩාවැටිල්ලට පිළියමක් ලෙස ආණ්ඩුව රජයේ සේවකයන්ට සහ මන්ත්‍රීවරුන්ට තීරැබදු රහිතව ගෙන්වන ලද වාහන පර්මිට්වලට තහංචියක් දාලා තියෙනවා. නමුත් මේ වෙනකොට බහුතරයක් මන්ත්‍රීවරු මේකෙන් ප්‍රයෝජන අරගෙන ඉවරයි. එතකොට මේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ රජයේ සේවකයන්ට විතරද?
2. රජය ඇතුළේ මතභේද වැඩිවෙමින් පවතින බවට දේශපාලන කරළියේ උණුසුම් කතාබහක් මතුවෙලා තියෙනවා. මේ අස්සෙ කැබිනට් සංශෝධනයක් අමාත්‍යාංශ ලේකම් මාරුවක් වන බවට රාවයක් යනවා. එහෙම මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්ද?
3. තවත් පළාත් සභා තුනක ධූර කාලය මේ මාසයෙන් අවසන් වෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව තවමත් ඡන්දයක් පවත්වන බවක් පේන්නෙ නැහැ. මෙහෙම වෙන්නෙ රජය තවමත් ඡන්දයකට මුහුණදෙන්න සූදානම් නැති නිසාද?
4. භාණ්ඩ හා සේවා ගාස්තු වැඩිවෙලා තියෙනවා. දැන් දුම්රිය ගාස්තුත් කියපු ගාණට වඩා වැඩිවෙලා තියෙනවා. අඩුම තරමින් මෙවර අයවැයෙන්වත් ජනතාවට මේවාට සහනයක් ලැබෙයිද?
ශ්‍රීලනිපය ඡන්දෙට රෙඩි නම් අපිත් රෙඩී
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්
1. ඒක මෙහෙමයි. මන්ත්‍රීවරු කිව්වට දැන් තාම පළාත් සභා මන්ත්‍රීවරුන්ට පර්මිට් දීලා නැහැ. මේ නීතිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, පළාත් සභා මන්ත්‍රීවරැන්ට, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට, නගරාධිපතිවරුන්ට බලපානවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයක් මේක ගෙන්වලා ඉවරයි. නමුත් පළාත් සභා මන්ත්‍රීවරු ගෙන්වලා නැහැ. රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි, මේ අයටත් බලපානවා ඒක.
2. අමාත්‍යාංශ මාරුකරලා, කැබිනට් සංශෝධන කරලා මොන ප්‍රශ්නය විසඳන්න හදවනවද කියලා මම දන්නෙ නැහැ. ඒ ඒ තීන්දු ගත්ත අයගෙන් තමයි ඒ ප්‍රශ්නයට උත්තරේ අහගන්න වෙන්නෙ.
3. රජයේ පාර්ශ්ව දෙකක් තියෙනවනෙ. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනික එක්සත් ජාතික පක්ෂය. එතකොට අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ප්‍රකාශ කරලා තියෙන්නෙ සීමානිර්ණයේ ගැටලු විසඳීමට කල්යනවා නම් පැරණි මනාප ක්‍රමයට ඡන්දය තියන්න ඕන කියලා. ඊටපස්සෙ දැන් තියෙන්නෙ ශ්‍රීලනිපයේ තීන්දුව ගන්න. ශ්‍රීලනිපයේ තීන්දුව ඉක්මනට ගත්තා නම් අපිට පුළුවන් ඡන්දයකට යන්න.
4. දුම්රිය ගාස්තු නම් අවුරුදු 10කින් විතර තමයි මේ විදියට සංශෝධනය වෙලා තියෙන්නෙ. ඒ වගේම ඩොලරයේ මිල ඉහළ යාමත් එක්ක ආනයනය කරන භාණ්ඩවල මිල වැඩිවීමක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් ඒ තත්ත්වය තුළත් ආණ්ඩුව විසින් දෙන සහනාධාර කප්පාදු කරලා නැහැ. ඒ තත්ත්වය තුළ සහ ඩොලරයේ අගය වැඩිවීම තුළ යම් සහනයක් ජනතාවට දෙන්න අපහසු වුණත් අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට සහන ලබාදෙන්න.
පුංචි ඡන්දෙ ප්‍රතිඵල හීනෙනුත් පේන ආණ්ඩුව හොඳටම බයවෙලා
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි (ඒකාබද්ධ විපක්ෂය)
1. අනිවාර්යයෙන්ම. මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි දෙනෙක් තමන්ගේ බලපත්‍රවලින් වාහන ආනයනය කරලා තියෙන්නෙ. නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන්ට ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට මාස 06ක් ගතවනතුරු එම වාහන ගෙන්වන්න බැහැ, රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ආණ්ඩුව හිතුවක්කාර තීරණ ගන්නවා. ඇතැම් ඇමැතිවරු තමන්ට ලැබෙන පෞද්ගලික වාහන බලපත්‍රයට පසුව අමාත්‍යාංශවලට වාහන ගෙන්වනවා. ඒ සියල්ල කළාට පස්සෙ තමයි ආණ්ඩුව මේ සියලු තීරණ ගන්නෙ. ඒකෙන් පේන්නෙ මේ ආණ්ඩුවේ දැක්මක් නැතිකම.
2. මේ පවතින ආණ්ඩුවේ තියෙන අර්බුද කරන කිසිදු සංශෝධනයකින් වෙනස් කරන්න බැහැ. ඒ නිසා වෙනස් කළ යුත්තේ අග්‍රාමාත්‍ය ධූරය සහ රජය. මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුවේ හිතුවක්කාර තීරණ වෙනස් කරනතුරු මේකට පිළියමක් හොයාගන්න බැහැ.
3. පළාත් සභා තුනක් විසිරෙනවා. දැන් පළාත් සභා වෙනුවෙන් පෙනී සිටි පළාත් සභා ගැන කතා කරපු උතුරු නැගෙනහිර මහ ඇමැතිවරුන්වත් අනෙක් කිසිදු නියෝජිතයකුවත් ඒ ගැන කතා කරන්නෙ නැහැ. ඇත්තටම මේ ආණ්ඩුව ඡන්දවලට බයයි. ඔවුන් මෙලෙස ඡන්ද ප්‍රමාද කරන්නෙ පසුගිය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ඔවුන්ට දැනෙන නිසා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු කියමින් උදේ හවා මේ ආණ්ඩුව විහිලුකාරයන්ගේ ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා.
4. කිසිසේත්ම ජනතාවට සහනයක් ලැබෙන්නෙ නැහැ. රටේ විදේශ ආයෝජන පහුගිය සති දෙකට විතරක් රුපියල් කෝටි 880ක් ආයෝජකයන් නැවත ගෙනිහින් තියෙනවා. රැපියල කඩාවැටිලා තියෙන්නෙ. මේක මෙම ආණ්ඩුවට නවත්වන්න පුළුවන් ක්‍රමවේදයක් නෙවෙයි. මේ ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නැහැ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න.
ආණ්ඩුවේ ආයුෂ ඉවරයි
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති
1. ඒක ඉතාම වැරදියි. මොකද, දැනට නිකුත් කරලා තියෙන පර්මිට්වලටත් මේ කටයුත්ත මොවුන් කරලා තියෙනවා රජයේ සේවකයන්ට. රජයේ සේවකයෝ මේ වාහන ගන්නෙ ඇමැතිවරු වගේ විකුණන්න නෙවෙයි, පාවිච්චියට. මේවා කෙටිකාලීන පැලැස්තර මිසක් දිගුකාලීන විසඳුම් නෙවෙයි. සම්පූර්ණ කඩාවැටෙන එකට ඇත්ත විස්තරයක් හොයන්නෙ නැතුව මේ වගේ පැලැස්තර විසඳුම් හොයන එකේ තේරුමක් නැහැ. ඇත්තටම අනික වාහන පර්මිට් එක නතර කළ පමණින්ම මේ කඩාවැටුණු අර්බුදයට උත්තරේ හොයන්න බැහැ. මේවා තාවකාලික පිළියම්.
2. මේ ආණ්ඩුව බලයට පත්වුණු දවසේ ඉඳලා මතභේද නොතිබුණේ කවදද? පටන්ගත්ත මොහොතේ ඉඳලා මතභේද තමයි තියෙන්නෙ. ඒ වගේම තමයි කැබිනට් සංශෝධන කොච්චර තිබුණද? අද රටේ ජනතාව දන්නෙ නැහැ කැබිනට් මණ්ඩලයේ ඉන්න ගණන. ඒ තරමට සංශෝධනය කරලා තියෙනවා. නමුත් ඒවා මේ ප්‍රශ්නයට උත්තර නෙවෙයි. ඉතින් ආණ්ඩුව එදාවේලේ පැවැත්මට උත්තරයක් හොයාගත්තට ඒක රටේ ආර්ථික අර්බුදයට, ණය අර්බුදයට උත්තරයක් වෙන්නෙ නැහැ. කොටින්ම ජනතාවට උත්තර නෙවෙයි ඒවා.
3. සූදානම් නැති නිසා නෙවෙයි බැරි නිසා ඡන්දවලට යන්න බැහැ. මේ බඩු මිල වැඩිකරන හැටියට, මේ තෙල් මිල සූත්‍ර දාලා මිනිස්සුන්ගේ බඩට ගහන හැටියට, අධ්‍යාපනයට කරලා තියෙන විනාශයේ හැටියට, රටේ දුප්පත්කම වර්ධනය කරලා තියෙන හැටියට, මේ ආණ්ඩුවට ඡන්දයට යන්න බැහැ. මොනවද මේ ආණ්ඩුව කරලා තියෙන්නෙ. මාස 60න් අලුත් රටක් කිව්වට දැන් ආණ්ඩුවේ වයස ගෙවිලා ඉවරයි. අලුත් තියා ජනතාවට හුස්මගන්න බැරි මට්ටමක් දැන් තියෙන්නෙ. ඒ නිසා මේ ආණ්ඩුවට ඡන්ද තියන්න බැහැ. ඇත්ත ඒකයි.
4. නැහැ. අයවැයෙන් කවදාවත් සහන ලැබිලා නැහැ. මීට පෙරත් අයවැයෙන් කියපු දේවල් ක්‍රියාත්මක කරලා නැහැනෙ. අයවැය දවසේ කියන දේවල් ක්‍රියාත්මක වෙන්නෙ නැවත ජනතාවට බඩු මිල වැඩිවෙනකොට විතරයි. මේ අයවැය දිහා බලාගෙන ජනතාව ඉන්නව නම් ඒක හරි විහිලුවක්. අයවැය කතාව පවත්වලා දවස ගෙවයි ආණ්ඩුව. නමුත් කවදාවත් අයවැයෙන් බඩු මිල අඩුවෙලා නැහැ. මේකට උත්තර අයවැයෙන් හම්බවෙන්නෙ නැහැ.
ආර්ථික ගැටලු තිබෙන්නේ අපේ රටේ විතරක් නොවේ
කම්කරැ ජාතික පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්
1. ඊයේ පෙරේදා තමයි මේ තීරණය ගත්තෙ. රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි, මහ ඇමැතිවරුන්ටත් පළාත් මන්ත්‍රීවරුන්ටත් මේක බලපාලා තියෙනවා. එකිනෙකාට වෙනස් නීති නැහැ. ඔක්කොටම එක නීතියක් තමයි මේ රජය යටතේ ක්‍රියාත්මක වෙන්නෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩිදෙනා මේ වෙනකොට වාහන ආනයනය කරලා තියෙනවා. නමුත් පළාත් මන්ත්‍රීවරුන්ටත් මේ සහනය හිමිවුණානෙ. දැන් රජය ගත්ත මේ තීරණය එක්ක ඒ අයටත් ගෙන්වන්න බැහැ. නීතිය කාටත් එකයි.
2. මේක අපිත් දකින්නෙ මාධ්‍ය මගින්. අගමැතිතුමා ජනාධිපතිතුමා අතර කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඒක දකිනවා. ඒ නිසා කවුරු මොන දේ කිව්වත් 2020 වෙනකම් මේ රජය වට්ටන්න බැහැ. ඒක ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. ඇතැම් පිරිස් උත්සාහ කරනවා මේ යහපාලන රජය විනාශ කරන්න. නමුත් ඒක සාර්ථක වැඩපිළිවෙළක් නෙවෙයි.
3. හැම පක්ෂයම ඡන්දය ඉක්මනට තියන්න ඕන කියන මතයේ ඉන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ අලුත් ක්‍රමයටද, පරණ ක්‍රමයටද, ඡන්දය තියන්නෙ කියන එක. අලුත් ක්‍රමයට බහුතරය කැමති නැහැ. ශ්‍රීලනිපය විතරයි එයට කැමති. මගේ මතය නම් ඉක්මනට ඡන්දය තියන්න ඕන කියන එක. ඒ වගේම මට විශ්වාසයි ඉක්මනටම ඡන්දය තියයි කියලා.
4. කොහොමත් රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ආර්ථික ගැටලුවක් නෑ කියලා නිකම් බොරැවට කියන්න බැහැනෙ. හැබැයි අපිට විතරක් නෙවෙයි, කලාපයේ අනිත් රටවලටත් මේක බලපාලා තියෙනවා. මේක හරියට කරන්න වැඩපිළිවෙළක් හදද්දි විපක්ෂය ඒකට බාධා කරනවා.
මෙයාල ඉන්නේ අර්බුද වළල්ලක
කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර
1. මන්ත්‍රීවරු බහුතරයක් මේ විදියට වාහන ගෙනල්ලා තියෙනවා නම් ඒ නීතිය ක්‍රියාත්මක වන්නේ ගෙනාපු නැති අයට. හැබැයි මම දන්න රජයේ සේවකයොත් මේ විදියට වාහන ගෙනාපු අය ඉන්නවා. එක පිරිසකට විතරක් මේකෙදි චෝදනා කරන්න බැහැ.
2. ආණ්ඩුව කල්පනා කරනවා ඇති මේක එක විසඳුම් මාර්ගයක් කියලා. මොකද, මේක එක අර්බුදයක් නෙවෙයි, අර්බුද මාලාවක්. ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික වැනි අර්බුද රැසක් තියෙන්නෙ. ඉතින් මේකෙ උල්පත ආර්ථික අර්බුදය. ඉතින් ඒකට ආණ්ඩුව විසඳුමක් සොයන විට තමයි මේ විදියෙ ක්‍රියාමාර්ග ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට සිදුවන්නෙ. ඇත්තටම පැහැදිලි දැක්මක් ප්‍රතිපත්තියක් නැතිවුණාම මේ අර්බුදවලට විසඳුම් සෙවීම අමාරුයි.
3. කාරණා දෙකක් තියෙනවා. එකක් සූදානම් නැති නිසා වෙන්නත් පුළුවන්. අනික තමයි සීමානිර්ණය කමිටු වාර්තාව ප්‍රමාදවීම. ඒක අපිට පෙනෙන සැබෑ හේතුව. මේ අයගේ අරමුණක් ඇති ඡන්දය දැන්ම පවත්වන්නෙ නැතිවෙන්න, මේ මැතිවරණ කල් දාන්න ඔවුන්ට වුවමනාවක් ඇති.
4. මම හිතන්නෙ නැහැ කිසිම දෙයකින් ජනතාවට සහනයක් ලැබෙයි කියලා. කළ හැකි සහනයක් ලැබෙන එකම දේ තමයි යම්තාක් ප්‍රමාණයකට වක්‍රබදු අඩුකරන එක. දැනට රජයේ 85% ආදායම එන්නෙ වක්‍රබදුවලින්. ඉතින් යම් සහනයක් ජනතාවට දෙනව නම් මේක 65%ටවත් ගේන්න ඕන. එහෙම නැතුව මේ දේ කරන්න බැහැ. දැන් කතා කළාට ඔය රුපියල බාල්දු වුණු එක සිදුවුණේ 1978 ඉඳලා. ජේ.ආර්. ගේ කාලයේ හතර ගුණයකින් වැඩිවුණා. චන්ද්‍රිකාගේ කාලයේ දෙකකින් වැඩිවුණා. මේක මේ නව ලිබරල් ආර්ථිකයෙන් එන එකක්.
ආර්ථික ගැටලු තිබෙන්නේ අපේ රටේ විතරක් නොවේ
කම්කරු ජාතික පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්
1. ඊයේ පෙරේදා තමයි මේ තීරණය ගත්තෙ. රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි, මහ ඇමැතිවරුන්ටත් පළාත් මන්ත්‍රීවරුන්ටත් මේක බලපාලා තියෙනවා. එකිනෙකාට වෙනස් නීති නැහැ. ඔක්කොටම එක නීතියක් තමයි මේ රජය යටතේ ක්‍රියාත්මක වෙන්නෙ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩිදෙනා මේ වෙනකොට වාහන ආනයනය කරලා තියෙනවා. නමුත් පළාත් මන්ත්‍රීවරුන්ටත් මේ සහනය හිමිවුණානෙ. දැන් රජය ගත්ත මේ තීරණය එක්ක ඒ අයටත් ගෙන්වන්න බැහැ. නීතිය කාටත් එකයි.
2. මේක අපිත් දකින්නෙ මාධ්‍ය මගින්. අගමැතිතුමා ජනාධිපතිතුමා අතර කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි ඒක දකිනවා. ඒ නිසා කවුරු මොන දේ කිව්වත් 2020 වෙනකම් මේ රජය වට්ටන්න බැහැ. ඒක ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. ඇතැම් පිරිස් උත්සාහ කරනවා මේ යහපාලන රජය විනාශ කරන්න. නමුත් ඒක සාර්ථක වැඩපිළිවෙළක් නෙවෙයි.
3. හැම පක්ෂයම ඡන්දය ඉක්මනට තියන්න ඕන කියන මතයේ ඉන්නවා. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ අලුත් ක්‍රමයට ද, පරණ ක්‍රමයටද, ඡන්දය තියන්නෙ කියන එක. අලුත් ක්‍රමයට බහුතරය කැමති නැහැ. ශ්‍රීලනිපය විතරයි එයට කැමති. මගේ මතය නම් ඉක්මනට ඡන්දය තියන්න ඕන කියන එක. ඒ වගේම මට විශ්වාසයි ඉක්මනටම ඡන්දය තියයි කියලා.
4. කොහොමත් රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. ආර්ථික ගැටලුවක් නෑ කියලා නිකම් බොරුවට කියන්න බැහැනෙ. හැබැයි අපිට විතරක් නෙවෙයි, කලාපයේ අනිත් රටවලටත් මේක බලපාලා තියෙනවා. මේක හරියට කරන්න වැඩපිළිවෙළක් හදද්දි විපක්ෂය ඒකට බාධා කරනවා.
රුපියල වැටුණත් ජනතාවට සහන ලබාදී තිබෙනවා
මුස්ලිම් කොංග්‍රස් දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.එම්. සල්මාන්
1. නැහැ. ඇතැම් මන්ත්‍රීවරුන්ටත් මේක ක්‍රියාත්මක වෙනවා. බහුතරයක් මන්ත්‍රීවරු මේ වාහන බලපත්‍රයෙන් වාහන ගෙනත් තියෙනවා. රජයේ සේවකයනුත් අරගෙන තියෙනවා. නමුත් එහෙම ලබානොගත් පිරිසට තමයි මේක බලපාන්නෙ. නමුත් මේක තාවකාලික අත්හිටුවීමක්. මෙය ලිහිල් කරයි කියලා අපි හිතනවා. විශ්වාස කරනවා.
2. මේ කැබිනට් මණ්ඩලය දැනට අවුරුද්දක් විතර පරණයි. ඒ කාලය තුළ අමාත්‍යාංශවල ප්‍රගතිය බලලා මේ විදියට වෙනස් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මගේ පෞද්ගලික මතය නම් එහෙම විශාල වශයෙන් වෙනස්වීමක් සිදුවෙන්නෙ නැතිවෙයි. අනිත් කාරණය තමයි අකර්මණ්‍ය අමාත්‍යාංශ තියෙනවා නම් ඒවා කොහොමත් වෙනස් විය යුතුයි.
3. ආණ්ඩුව සූදානම් ඡන්දයට යන්න. නමුත් මේ සීමානිර්ණය කමිටුවේ වාර්තාව ප්‍රමාදවීම නිසා තමයි මේ විදියට ඡන්ද කල් යන්නෙ. කොහොම නමුත් රජය ඉක්මනට ඡන්දයකට යයි. එම කටයුතු නිමවූ වහාම ඉක්මනට ඡන්දය පැවැත්වෙයි.
4. මේ විදියට භාණ්ඩ මිල ඉහළ යාම අපි කවුරුවත් නොහිතපු දෙයක්. රුපියල කඩාවැටීම නිසා තමයි මේ විදියට භාණ්ඩ හා සේවා ගාස්තුවල මිල ඉහළ ගිහින් තියෙන්නෙ. රජය ඉක්මනින්ම පියවරක් ගනියි මේ සම්බන්ධව. ජනතාවට සහන රැසක් මේ යහපාලන රජය ලබාදීලා තියෙනවා.