2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

i ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සැසිය අමතමින් කරපු කතාවේදී පැවසුවා විදෙස් බලපෑම් අපිට එපා. අපේ රටේ ප්‍රශ්න අපිට විසඳීමට ඉඩ දෙන්න කියලා. ඒ ගැන මොකද කියන්නේ?

ii රුපියල කඩා වැටීම ගැන රජයත් ඒකාබද්ධ විපක්ෂයත් එකිනෙකාට එරෙහිව චෝදනා නගා ගන්නවා. ඇත්තටම රුපියල කඩා වැටීමේදී මොකද්ද අප කළ යුත්තේ?

iii පළාත් සභා සීමා නිර්ණ කොමිෂන් සභාවේ වාර්තාව තවත් මාස දෙකකින් කල් යන බව වාර්තා වෙනවා. මේක හැබෑවට වෙන දෙයක්ද, එහෙම නැත්නම් පළාත් සභා ඡන්දය කල් දැමීමට රජය කරනා උප්පරවැට්ටියක්ද?

iv රට අර්බුදයක වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ඒකාබද්ද විපක්ෂය කතා නායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඇත්තටම එහෙම පාර්ලිමේන්තුව කැඳවිය යුතුද?

වාසි ගන්න බොරු ප්‍රචාරය කරන එක වැරදියි
අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර

i අපේ රටට කොහොමටවත් විදේශීය බලපෑම් අවශ්‍ය නැති බව පුරවැසියන් හැටියට අපි පිළිගන්න ඕන. බලපෑම් කියන වචනයෙන්ම ඒකේ අර්ථය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කොහොමත් අපේ රටට විදෙස් බලපෑම් ඕන නැහැ කියන තැන තමයි අපි කවුරුත් ඉන්නේ.

ii මේ ඩොලරයේ මිල ඉහළ යෑම නිසා තමයි රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ. මේකට දීර්ඝ කාලීනව මුහුණ දෙන ක්‍රමයක් අපි හදන්න ඕන. අපේ අපනයනයන් වැඩිකරගෙන විදේශ විනිමය රටට ගෙන්වා ගත යුතුයි. ඒ වගේම දැන් මේ කියන තත්ත්වයට සකසුරුවම්කමින් මුහුණ දිය යුතුයි. අපි සියලු දෙනාම මේක තනි පුද්ගලයකුගේ වැරැද්දක් ලෙස කතා කරලා දේශපාලන වාසි ලබාගන්න හොඳ නැහැ. මේ දැන් යන තත්ත්වය එක්ක මහින්ද හිටියත්, මෛත්‍රී හිටියත්, රනිල් හිටියත් ගැලවෙන්න බැහැ විසඳුමක් නැතුව.

iii මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න තමයි අපි හදන්නේ. ඒක ලේසි නැහැ. ඉතින් ඒක දේශපාලන උවමනාවට පුද්ගලික උවමනාවට මාසෙන් දෙකෙන් කරන්න බැහැ. හැම කෙනාම කතා කරන්නේ තමන්ගේ වාසියට. මනාප ක්‍රමය අහෝසි කරනවා කියලා වේදිකාවේ කිව්වා. නමුත් ඒක ඉක්මනට කරන්න බැහැ. මමත් ඒක පිළිගන්නවා. මේ කියන ක්‍රමයට ඡන්දය පවත්වනවානම් ඕන වෙලාවක තියන්න පුළුවන්. නමුත් මේ කියන ක්‍රමයට නෙවෙයි අලුත් ක්‍රමයටනේ පවත්වන්න හදන්නේ. ඒ නිසා මේකට ටික කාලයක් යයි කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම.

iv රටේ මොනවහරි අර්බුදයක් වුණාම පාර්ලිමේන්තුව එකතු වෙලා ඒකට පියවර ගන්නවා. නමුත් මේක එකිනෙකාට වාසි ගන්න මාධ්‍යය මඟින් මඩ ප්‍රචාර ගෙනයන්න කරනවානම් එහෙම කළ යුතු නැහැ. නමුත් අපි 225 දෙනාම එකතු වෙලා මේ රටේ තියන ප්‍රශ්නවලට විසඳුමක් හොයනවනම් පාර්ලිමේන්තුව කැඳෙව්වට කමක් නැහැ.

මුදල් ඇමැති දන්නේ බදු ගහන්න විතරයි
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත (ඒකාබද්ධ විපක්ෂය)

i අපේ රටට කොහොමටවත් විදේශීය බලපෑම් අවශ්‍ය නැති බව පුරවැසියන් හැටියට අපි පිළිගන්න ඕන. බලපෑම් කියන වචනයෙන්ම ඒකේ අර්ථය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා කොහොමත් අපේ රටට විදෙස් බලපෑම් ඕන නැහැ කියන තැන තමයි අපි කවුරුත් ඉන්නේ.

ii මේ ඩොලරයේ මිල ඉහළ යෑම නිසා තමයි රුපියල අවප්‍රමාණය වෙලා තියෙන්නේ. මේකට දීර්ඝ කාලීනව මුහුණ දෙන ක්‍රමයක් අපි හදන්න ඕන. අපේ අපනයනයන් වැඩිකරගෙන විදේශ විනිමය රටට ගෙන්වා ගත යුතුයි. ඒ වගේම දැන් මේ කියන තත්ත්වයට සකසුරුවම්කමින් මුහුණ දිය යුතුයි. අපි සියලු දෙනාම මේක තනි පුද්ගලයකුගේ වැරැද්දක් ලෙස කතා කරලා දේශපාලන වාසි ලබාගන්න හොඳ නැහැ. මේ දැන් යන තත්ත්වය එක්ක මහින්ද හිටියත්, මෛත්‍රී හිටියත්, රනිල් හිටියත් ගැලවෙන්න බැහැ විසඳුමක් නැතුව.

iii මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න තමයි අපි හදන්නේ. ඒක ලේසි නැහැ. ඉතින් ඒක දේශපාලන උවමනාවට පුද්ගලික උවමනාවට මාසෙන් දෙකෙන් කරන්න බැහැ. හැම කෙනාම කතා කරන්නේ තමන්ගේ වාසියට. මනාප ක්‍රමය අහෝසි කරනවා කියලා වේදිකාවේ කිව්වා. නමුත් ඒක ඉක්මනට කරන්න බැහැ. මමත් ඒක පිළිගන්නවා. මේ කියන ක්‍රමයට ඡන්දය පවත්වනවානම් ඕන වෙලාවක තියන්න පුළුවන්. නමුත් මේ කියන ක්‍රමයට නෙවෙයි අලුත් ක්‍රමයටනේ පවත්වන්න හදන්නේ. ඒ නිසා මේකට ටික කාලයක් යයි කියන එක තමයි මගේ පෞද්ගලික හැඟීම.

iv රටේ මොනවහරි අර්බුදයක් වුණාම පාර්ලිමේන්තුව එකතු වෙලා ඒකට පියවර ගන්නවා. නමුත් මේක එකිනෙකාට වාසි ගන්න මාධ්‍යය මඟින් මඩ ප්‍රචාර ගෙනයන්න කරනවානම් එහෙම කළ යුතු නැහැ. නමුත් අපි 225 දෙනාම එකතු වෙලා මේ රටේ තියන ප්‍රශ්නවලට විසඳුමක් හොයනවනම් පාර්ලිමේන්තුව කැඳෙව්වට කමක් නැහැ.

මුදල් ඇමැති දන්නේ බදු ගහන්න විතරයි
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත (ඒකාබද්ධ විපක්ෂය)

i පැහැදිලිවම එහෙම තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද බලපෑම්වලට යට වෙලා මේ රට ගෙනියන්න බැහැ. ඉතින් එතුමා ඔය කියන දේවල් ක්‍රියාවෙන් කරනවානම් වඩාත් හොඳයි. අපිට තියන ප්‍රධාන ගැටලුව තමයි එතුමා කියන්නේ එක් විදිහක් ඒක ක්‍රියාත්මක කරන්න ගියාම තවත් විදිහක්. හැබැයි නායකයෙක් ඔය වගේ ප්‍රකාශ කරනවානම් ඒක ක්‍රියාත්මක කරන්නත් ඕන. ඒ නිසා අපි එතුමාගේ එම ප්‍රකාශය ගැන සතුටු වෙනවා වගේම එතුමාට ප්‍රඥාව පහළ වේවා දිව්‍ය ශක්තිය පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒක ක්‍රියාත්මක කිරීමේදීත් එවැනි ශක්තියකින් ක්‍රියා කරන්න කියලා.

ii පැහැදිලිවම රජයක් විදිහට කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. මේ විදිහට රුපියල කඩා වැටෙනවානම් මුදල් ඇමැතිවරයෙක් අවශ්‍ය වෙන්නේ නෑ. ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක්, පාලකයෝ වැඩක් වෙන්නේ නෑ. අද ඩොලරය ඉහළ යනවත් එක්ක රුපියල බාල්දු වෙලා තියෙනවා. එක එක්කෙනා එකිනෙකාට චෝදනා කර කර ඉන්නවට වඩා විකල්පමය ක්‍රමවේදයකට ඇවිල්ලා මේකට පිළියමක් හෙවිය යුතුයි. ඒ වගේම මේ ඉන්න මුදල් ඇමැතිතුමාට රුපියල පාලනය කරන්න බැහැ. එතුමා දන්නේ ජනතාවගෙන් සෘජු සහ වක්‍ර විදිහට බදු එකතු කිරීම විතරයි.

iii පැහැදිලිවම රජයක් හැටියට රජය මැතිවරණවලට බයයි. ඒක හරියට අර පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ වැඩක්. මොවුන් මැතිවරණවලට බය ජනතාව මොවුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඉන්න නිසා. ඒ නිසා ඕනම මැතිවරණයකදී මේ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්. ඒක දන්න නිසා තමයි මේ අය උපක්‍රමශීලීව සීමා නිර්ණ ගැන කතා කරමින් මැතිවරණ කල් දාන්නේ.

iv පැහැදිලිව තැබිය යුතුයි පාර්ලිමේන්තුව. මොකද දැනට පාර්ලිමේන්තුවේ එක එක අණ පනත් ගැන කතා කර කර ඉන්නවා මේ රටේ තියන පැහැදිලි අර්බුදය ගැන කතා කරන්නේ නැතුව. අද වෙනකොට රටේ දැවැන්ත දේශපාලන අර්බුදයක් තියෙනවා. ඒ වගේම දැවැන්ත සාමාජීය අර්බුදයක් තියෙනවා. ඉතිං මේ සිදුවීම් දෙස බලනකොට රට ඉතාම අරාජික තත්ත්වයට පත්වෙලා තියනවා කියලා පේනවා. ඒ වගේම තමයි රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. එහෙනම් මේ අර්බුදවලට විසඳුම් ලබා දෙන්න වෙනම පාර්ලිමේන්තු සැසියක් පවත්වලා සාකච්ඡා කළ යුතුයි.

ආණ්ඩුව රැකෙන්නේ ඡන්දෙ කල් දැමීමෙන්
ජාතික නිදහස් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර

i ජනාධිපතිවරයාට පහුවෙලා හරි නුවණ පහළවීම ගැන අපි සතුටු වෙනවා. දැන් අපි දන්නවා ජිනීවා මානවහිමිකම් සමුළුවේදී අපේ රටේ රණවිරුවෝ යුද අපරාධ සිදුකළා කියලා වර්තමාන යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයා පිළිගත්තා. ඒ අනුව තමයි ජිනීවා සම්මුතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. දැන් රණවිරුවන් දන්ගෙඩියට දැක්වීමට මේ වෙනකොට පනත් තුනක් සම්මත වෙලා ඉවරයි. මේ විදිහට ආපස්සට හැරවිය නොහැකි වැරදි රැසක් මේ ආණ්ඩුව කරලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වය පිළිබඳ දැවැන්ත සමාජ විරෝධයක් මේ වෙනකොට මේ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් තියෙන්නේ මේ නිසා තමයි එතුමා එම ප්‍රකාශය කරන්න ඇත්තේ.

ii රුපියල කඩාවැටීම පිටිපස්සේ තියෙන්නේ මේ ආණ්ඩුවේ අකාරයක්ෂම වැඩපිළි‍ෙවළ. දැන් අවුරුදු තුනහමාරක් වගේ කෙටිකාලයක් ඇතුළත රුපියල් 131 ඉඳලා 170 දක්වා ඩොලරය ඉහළ ගියා. මේ රජයට වැඩපිළිවෙළක් නැති නිසා තමයි මේ විදිහට රුපියල ඉහළ ගියේ. ඉතින් මේකට පිළිතුර තමයි නව ජාතික වාදී දේශප්‍රේමී ආණ්ඩුවක් බිහිකිරීම.

iii මේ තමයි යහපාලන ආණ්ඩුවේ නිස්සාරභාවය. මේ නඩය සුපිරි ප්‍රජාත්‍රාන්ත්‍රවාදයක් දෙනවා කියාගෙන එකකොටම අපි දන්නවා මෙය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අපි ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයේ උපරිම වැරවීරිය යෙදුවේ පරදේශක්කාර බලවේගවල රූකඩ වූ මේ ආණ්ඩුව බලයට පත්වීම වළක්වන්න. දැන් අපි එදා කියපු දේ තමයි අද වෙමින් තියෙන්නේ. පළාත් පාලන මැතිවරණය අවුරුදු 3ක් කල්දැම්මා විවිධ දේ කියමින්. නමුත් අවුරුදු 3කට පස්සේ ජනතාව එයට පිළිතුරක් දුන්නා. ඒ නිසා මේ විදිහට පළාත් පාලන මැතිවරණයෙන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණා. පාලකයෝ තවදුරටත් ප්‍රතික්ෂේප වෙන්න කැමති නෑ. ඒ නිසා ඔවුන්ගේ පැවැති මේ මාර්ගය තමයි මැතිවරණ කල්දාන එක.

iv අනිවාර්යෙන්ම මේක හදිසි තත්ත්වයක් මේ රටේ රුපියල කඩා වැටෙනවා. පාතාලය දවසට ජීවිත දෙක තුනක් බිලිගන්නවා. ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන තියෙනවා. එම තත්ත්වය තුළ පාර්ලිමේන්තු රැස්වෙලා කතා කළ යුතු නැද්ද? මෙය බරපතළ අපරාධකාරී තත්ත්වයක් නෙවෙයිද? එය නැවැත්වීමට අප කටයුතු කළයුතු නැද්ද? එම නිසා මෙය පාර්ලිමේන්තුව කැඳවා සාකච්ඡා කළ යුතුයි.

ජනපතිගේ ප්‍රකාශය වැරදි නැහැ
සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ දේශපාලන මණ්ඩල සභික මොහොමඩ් නවවි

i අපේ රට හදන්න අපේ නායකවරු උත්සාහ කරනකොට සමහර රටවල් අපිට විරුද්ධව කොන්දේසි දානවා. ඒ නිසා ඒ කොන්දේසි දානකොට අපිට පසුවෙනවානම් ඒකේ අවසාන ප්‍රතිඵලය එන්නේ ජනතාවට. ඒක නිසා එතුමා කරපු එම ප්‍රකාශයේ වැරැද්දක් මම දකින්නේ නැහැ.

ii ඩොලරයේ වැඩිවීම තමයි මේකට හේතුව. දැන් ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ තත්ත්වය ස්ථාවර කිරීමට සැරසෙනකොට විපක්ෂ කණ්ඩායම් කරන්නේ ඒක වළක්වන්න කටයුතු කිරීමයි. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හිතනවානම් මොවුන් රජය කරන මෙම වැඩපිළිවෙළවලට හවුල් වෙන්න ඕන.

iii නෑ. නෑ.. මේක එහෙම දෙයක් නෙවෙයි. මොකද අපි අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වුවා. නමුත් ඒ ක්‍රමය නිසා යම් යම් ගැටලු ඇති වුණා. ඒ නිසා අපි කියන්නේ මෙම ක්‍රමය හොඳ නැහැ කියලා.

iv මෙහෙමයිනේ මේ ආණ්ඩුව කොහොමත් මේ අවුරුදු පහ යනවා. මොන ප්‍රශ්න තිබ්බත් ජනාධිපතිවරයත් ඒකට තමයි ඉන්නේ. ඒ නිසා ඕන අයකුට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. ඒ වගේම රටේ ප්‍රශ්න කතා කරන්න කියලා මාධ්‍ය සංදර්ශන පවත්වන්න තමයි හදන්නේ. 

හිටපු අයයි ඉන්න අයයි දෙගොල්ලොම රුපියල කෑවා
ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත

i ජනාධිපතිවරයා මේ අදහස කිව්වට මේ ආණ්ඩුව අධිරාජ්‍යවාදීන්ගේ න්‍යාය පත්‍රයට ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක්. රටේ ජනතාව තුළ අධිරාජ්‍යය විරෝධයක් තියනවා කියලා පෙන්නන්නත් අපි ස්වාධීනව පවතින රටක් කියලා පෙන්නනත් කරන ප්‍රකාශයක් විනා ඔය ප්‍රකාශය ගැඹුරින් මේ රට තුළ අප ප්‍රශ්න විසඳීමට අවශ්‍ය වටපිටාවක් ඕනෑයැයි කියන එක පදනම් කරගෙන කියපු එකක් නෙවෙයි.

ii ප්‍රධාන ප්‍රශ්නය තමයි අපේ ආනයන අපනයන පරතරය. ඕනෑම භාණ්ඩයකට වැඩිපුර ඉල්ලුම තියනකොට ඒකේ මිල ඉහළ යනවා. ඒ නිසා අපිට වැඩි වැඩියෙන් ඩොලර් ඉල්ලුමක් තියනවා. එතකොට ඒ අපේ රුපියල කඩාවැටිලා ඩොලරයේ ගාන වැඩිවෙනවා. ඉතින් ඒකට කෙටිකාලීනව හොයාගන්න පුළුවන් උත්තර තමයි මේ අය මේ දාලා තියෙන්නේ. මේ රටේ මෙච්චර කල් පාලනය කළ පක්ෂයේ අයයි දැනට රට පාලනය කරන අයයි දෙගොල්ලොම මේකට වගකියන්න ඕන.

iii රජයට කොහොමත් නිසි කලට ඡන්ද තියන්න ඕන කමක් නෑ. පැහැදිලිවම වර්තමාන රජය ඡන්දවලට බයයි. සීමානිර්ණය පාවිච්චි කරගනිමින් ආණ්ඩුව තමන්ගේ උවමනාව ඉෂ්ඨ කර ගන්නවා. ඉතින් සීමා නිර්ණයට යම් කාලයක් යනවා. ඒක වළක්වන්න බැහැ. නමුත් ආණ්ඩුවේ කල්යාම පිළිබඳව සතුටින් ඉන්නවා. ආණ්ඩුවට ඒක වාසියි.

iv පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා උත්තරයක් නෑ. මේ ප්‍රශ්නය තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි රටේ ආර්ථිකය කඩා වැටිලා රට අරාජික කරලා තියෙන්නේ. මේ අරාජිකත්වයට ආවෙත් නිකම් නෙවෙයි. ඉතින් පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා මෙතන කෑකෝ ගහන්න පුළුවන්. නමුත් මෙතනින් උත්තරයක් නැහැ. කළයුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ මන්ත්‍රීවරුන් අත්සන් කරලා මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින එකට එහෙම ජනතාවට අලුත් ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව දෙන එක.

ජාත්‍යන්තරයට දුන් පොරොන්දුව කඩන්න හදනවා
ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්

i මේ කියන ප්‍රශ්න සම්බන්ධව මානව හිමිකම් සැසි වාරයේදී තීරණ දෙකක් සම්මත කරගත්තා. 2015 ඔක්තෝබර් 01 වැනිදා 30/ 1 කියන යෝජනාව. 2017 මාර්තු මාසයේ 34/1 කියන යෝජනා දෙක. ඒකට ශ්‍රී ලංකා රජයත් එකඟ වෙලා තමයි සම්මත කරගත්තේ. ඒකේ පොරොන්දු කිහිපයක් තියෙනවා. ඒ වගේම එහි පැහැදිලිවම තියෙනවා ක්‍රියා සම්බන්ධව වගවීම් වෙන්න ඕන. ජාත්‍යන්තර යුද අපරාධ ගැන සොයා බැලිය යුතුයි කියලා. ඉතිං ඒක ලංකාවේ රජය එක වතාවක් නෙවෙයි දෙවතාවක් පිළිගත්ත කාරණයක්. ඒ නිසා දැන් ගිහින් අපේ ප්‍රශ්න අපි විසඳගන්න ඉඩ දෙන්න කියලා කියන්න බැහැ. ඒ නිසා මෙම ප්‍රකාශය ඒ ජාත්‍යන්තරයට දුන් පොරොන්දුව කඩන්න දුන් පොරොන්දුවක් විදිහට  තමයි අපි දකින්නේ.

ii රුපියල කඩා වැටෙනවා නෙවෙයි මේ වෙන්නේ. ඩොලරය ඉහළ නැගීමක්. මේක මේ රටේ විතරක් නෙවෙයි. අනිත් ආසියාතික රටවලත් වෙන ක්‍රියාවලියක්. ඒ නිසා මේකට අපිට මොනවත් කරන්න බැහැ.

iii ඒක උප්පරවැට්ටියක්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි අපි කියලා තියෙන්නේ ඡන්දය වහාම පවත්වන්න ඕන කියලා. දැන් අලුත් ක්‍රමය එක්ක මැතිවරණයක් තියන බවක් පේන්න නැහැ. ඒ නිසා පැරැණි ක්‍රමයට හරි ගිහින් ඡන්දය පවත්වන්න කියන එක තමයි අපේ ඉල්ලීම. මේ වාර්තාව කතා නායකතුමාට ඉදිරිපත් කරපු අවස්ථාවෙත් පක්ෂ නායකවරුන් එකතු වෙලා අපි කිව්වේ ඉක්මනින් සංශෝධනය ගෙනවිත් පැරැණි ක්‍රමයට හරි ඡන්දය පවත්වන්න කියලා. ක්‍රමයට වඩා වැදගත් වෙන්නේ වෙලාවට ඡන්දය පැවැත්වීම.

iv එහෙම පාර්ලිමේන්තුව කැඳවා විසඳාගැනීමක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

හසිත් අංජන