2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

නොකියා කිව්ව කතාව

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

පහුගිය දවසක රටේ මහතැන එයාගේ පක්ෂයේ සංවිධායක මහත්තුරු හම්බෙන්න තීරණය කළා. මේකට වටේම අය ආවලු. ආපු හැමෝම තැන තැන කසු කුසු ගෑවලු මේ මහතැන හිටපු මහතැනත් එක්ක අලුත් ගනුදෙනුවක් පටන් ගන්න යනවද කියලා. මේ නිසා සමහර අය සතුටෙන් වගේම දුකෙනුත් හිටියලු. හැබැයි මේ කතාව මහතැනගෙන්ම අහන්න ඕනේ කියලා තමයිලු කට්ටිය හිටියේ.

මේ අතර මහතැන කට්ටිය ඉස්සරහා කතාවක් කරන්න පටන් ගත්තලු. මේ කතාව අතරින් පතර එවැනි සම්බන්ධයක් කවදාවත් ඇති වෙන්නේ නෑ කියලා නොකියා කියවුණාලු. මේ නිසා හැමෝම පක්ෂය නැවත ගොඩනගන්න උදව් කරන්න කියලත් කිව්වා.

මේ අතර මහතැන ඒකාබද්දෙන් කරන්න යන උද්ඝෝණයටත් හොඳට දෙහි කැපුවලු. කට්ටිය අහන්න තිබ්බ ප්‍රශ්නත් අරගෙනම ෂේප් වෙලා ගියාලු.