
රත්නපුර පොලිස් අධිකාරි කොට්ඨාසයෙන් තවත් අබිරහස් අතුරුදහන් වීමක් වාර්තා වී ඇත. ඒ කලවාන පොලිස් වසමේ කොඩිප්පිලි කන්ද ගම්මානයෙනි. අබිරහස් ලෙස මෙසේ අතුරුදන්ව ඇත්තේ කොඩිප්පිලි කන්ද ගම්මානයේ පදිංචිව සිටි කොඩිතුවක්කු ආරච්චිගේ සමරකීර්ති නමැති 51 හැවිරිදි තිදරු පියෙකි.
මේ අතුරුදන්වීමට කලින් රත්නපුර පොලිස් අධිකාරි කොට්ඨාසය යටතේ පාලනය වන බලංගොඩ සහ පින්නවල යන පොලිස් වසම්වලින්ද අබිරහස් අතුරුදන්වීම් දෙකක් වාර්තා වූයේ මෑත වකවානුවේය. මෙයින් එක්කෙනෙක් 81 හැවිරිදි මාතාවකි. ඒ අතුරුදන්වීම ගැන කතා කිරීමට කලින් අපි පසුගිය 2 වැනිදා අබිරහස් ලෙස අතුරුදන්වී අදටත් කිසිම තොරතුරක් දැන ගැනීමට නොමැති සමරකීර්තිගේ කතාව අපි කියවමු.
සමරකීර්ති මහතා කොඩිප්පිලි කන්ද ගම්මානයේම පිහිටි ඔහුට අයත් තේ වගා කර ඇති වත්තට ත්‍රිෙරා්ද රථයෙන් ගොස් ඇත්තේ තේ දලු කඩාගෙන ඒමටය. තේ වත්තට ආසන්නයෙන් ත්‍රිෙරා්ද රථය නතර කර ඔහු තේ වත්තට ගොස් ඇති අතර ඒ වත්තේ වාඩියට ගොස් ඇදගෙන ගිය ඇඳුම් උනා දමා වෙනත් ඇදුමක් ඇඳ ගැනීමෙන් පසු තේ දළු නෙලීම පටන් ගැනීම වෙනදාටත් කරන්නේය.
තේ දලු කඩාගෙන ඒමට ගෙදරින් පිටත්ව ගිය සමරකීර්ති මහතාට ඊටපසු වෙච්ච දෙයක් ගැන කීමට අදටත් කිසිවෙක් දන්නේ නැත. සමරකීර්ති මහතා ආපසු ගෙදර ආවේ නැති නිසා බිරිද ක්‍රිෂාන්ති ලක්මිණි මහත්මිය සිය සැමියා ගැන සොයා බැලීමට දරු තිදෙනාද කැටිව තේ වත්තට ගියත් ඇයට ඔහු ඉන්නා ඉසව්වක් ගැන සොයා ගැනීමට නොහැකි විය. සැමියා ගේ ත්‍රිෙරා්ද රථය හා ඔහු ගෙදරින් යනවිට ඇඳගෙන ගිය සරම හා කමිසය තේ වත්තේ වාඩියේ තිබී ඇයට හමුවී ඇත.
කිසියම් අනතුරක් සැමියාට සිදු වී ඇති බව ලක්මිණිගේ සිතට සැකයක් ආවේ පෙනෙන තෙක් මානයක ඔහු නොසිටි නිසාය. අහළ පහළ උදවියට මේ ගැන ලක්මිණි දැනුම් දුන්නේ හැඬූ කඳුළිනි. ගමේ අය දන්නා කියන හැමතැනකම අස්සක් මුල්ලක් නෑර සොයා බැලුවත් සමරකීර්තිට වෙච්ච දෙයක් ගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත. කලවාන පොලිසියට ගොස් සැමියාගේ අබිරහස් අතුරදන්වීම ගැන පැමිණිලි කරන්නේ ඔහු සොයා ගැනීමට නොහැකි වූ තැනය.
පොලිසියද ගම්මුන් සමඟ එකතු වී දින කිහිපයක් තිස්සේ සමරකීර්ති සෙව්වත් ඔහු ගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට නම් නොහැකි විය. සමරකීර්තිගේ බිරිඳ කි‍්‍රෂාන්ති ලක්මිණි මහත්මිය සිය ආදරණීය සැමියා ගැන කියන්න හඬ අවදි කළේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.
“අපිට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. වැඩිමලා පුතෙක්. එයාට අවුරුදු 16 ක් වෙනවා. දෙවැනියා දුව. ඇයට අවුරුදු 13 ක්. බාලයා පුතෙක්. එයාගේ වයස අවුරුදු 9 ක් වෙනවා. තුන්දෙනාම ඉස්කෝලේ යනවා. මහත්තයාට පොඩි තේ වත්තක් තියෙනවා. ඒ වත්තේ තේ දළු කඩන්න වෙනදටත් මහත්තයා ත්‍රිවිල් එකේ යනවා. මහත්තයා පසුගිය 2 වැනිදාත් තේ දළු කඩන්න ත්‍රිවිල් එකෙන් වත්තට ගියා. මහත්තයා ගෙදර ආවේ නැහැ. ඔහු ගැන අදටත් කිසිම ආරංචියක් නැහැ.
මහත්තයාට මා දන්නා තරමින් තරහකාරයෙක් හිටියේ නම් නැහැ. ඔහු ගමේ කොයි කවුරුත් එක්ක සුහදව සිටියා. මහත්තයාට වෙච්ච දේ ගැන මට හිතාගන්නවත් බැහැ. තාත්තා අතුරුදහන් වුණ දවසේ ඉඳලා දරුවෝ තුන්දෙනා හැඬූ කඳුළින් ගත කරනවා. කෑවත් බිව්වත් හරියට කන්නේ නැහැ. නිතරම කෝ අම්මේ තාත්තා කියා අහනවා. එතකොට මට වාවන්නේ නැහැ” යැයි ලක්මිණි කීවාය.
ලක්මිණිට පමණක් නොව සමරකීර්තිගේ පවුලේ ඥතීන්ටද අවශ්‍යව ඇත්තේ ඔහුට ඇත්තෙන්ම සිදුවූයේ කුමක්දැයි කියා දැන ගැනීමටය. සමරකීර්ති මහතා පරිහරණය කළ ජංගම දුරකතන අංකයද ඔහු සතුව තිබී ඇති අතර එයද සොයා ගැනීමට නොහැකි වී ඇත. මේ ජංගම දුරකතන අංකය ඔස්සේ දුරකතන අංක විශ්ලේෂණ වාර්තාවක් අදාළ සමාගමෙන් ලබාගෙන කලවාන පොලීසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
පින්නවල පොලීසියද පාලනය වන්නේ රත්නපුර පොලිස් අධිකාරි කොට්ඨාසයෙනි. පින්නවල උඩවත්ත ප‍්‍රදේශයේ පදිංචි ටී.කේ. එච්චිනෝනා මාතාව මීට මාස තුනකට පමණ ඉහතදී අබිරහස් ලෙස අතුරුදහන් වී ඇත්තේ බුදුන් පුදන්නට මල් කැඩීමට ගොස් සිටියදීය. අසු එක් හැවිරිදි වියේ පසුවු ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක වූවාය. මල් කැඩීමට ගිය ඇයට වෙච්ච දෙයක් ගැන අදටත් දැන ගැනීමට නැත.
ඇයගේ එක් පුතෙක් වන ඒ.එම්.ඩබ්ලිව්. බණ්ඩාර මහතා බලංගොඩ පොලීසියේ රාජකාරි කරන සැරයන්වරයෙකි. බලංගොඩ සමනලවත්තේ පදිංචිව සිටි සහන් කුමාර ධර්මසිරි (10) සිසුවා දර කැඩීමට කැලෑවට ගොස් සිටි සිය පියා සොයාගොස් සිටියදී අබිරහස් ලෙස අතුරුදන් වූයේ පසුගිය ජූලි මස 20 වැනිදා දහවල් කාලයේය. පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයටද පෙනී සිටීමට සිටි මෙම සිසුවා ගැනද තවම කිසිදු නිශ්චිත තොරතුරක් පොලීසියට ලැබී නොමැත.
►ශ්‍රිනාත් ප‍්‍රසන්න ජයසූරිය