ලංකාවේ බොහෝ දෙනකු යුරෝපයේ රැකියාවක් කිරීමට හෝ පදිංචියට යාමට හීන දකිති. පාර අතුගාන්න හරි කමක් නෑ රට රස්සාවක් දෙනවා නම් යැයි බොහෝ දෙනා පවසනු ඔබත් මමත් අසා ඇත. පිළිවෙල සහ ලස්සන නගරයක, හිම වැටෙන පරිසරයක ජීවත් වීම බොහෝ දෙනා සිතන්නේ සැපක් ලෙසය. එහෙත් ඒ පිටුපස ඇති දුෂ්කරතාවය, එසේ නැති නම් අපේ භාෂාවෙන් කියනවා නම් ‘කට්ට’ ගැන බොහෝ දෙනා දන්නේ නැත. ඒ පිළිබඳ පැවසුවත් විස්වාස කරන්නේද නැත.
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ එවැනි යුරෝපා උන්මාදයෙන් සිටින පිරිසකට ජාත්‍යන්තර වශයෙන් දෙන්නට යන ලෝක ගේමක් ගැනය. මෙම ජාත්‍යන්තර වංචාවට ලාංකිකයන් පමණක් නොව යුරෝපයේ යාමට හීන දකින ලෝකයේ සිටින බොහෝ දෙනකු අසුවී ඇතැයි සිතති.
ෆේස්බුක් ජාලයේ එක් පේජයක් කැනඩා සහ යුරෝපයේ රැකියා සඳහා වෙන්කර ඇත. එම පේජයෙන් නිතර වැටෙන්නේ ඉතාලිය, නවසීලන්තය, කැනඩාව ආදී රටවල රැකියාය. බොහෝ විට අර්තාපල් සිටුවන්න, ගලවන්න, ඇපල් කඩන්න, පළතුරු අසුරන්න, වගා කරන්න, පත්තර බෙදන්න වැනි සුළු රැකියා පුරප්පාඩු පිළිබඳ ප්‍රසිද්ධ කරනු ලබයි. එවිට අදාළ රැකියාව සඳහා අයදුම් කිරීමට නම් තමන්ගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය යොමුකරන ලෙස එම රැකියා පිළිබඳ තොරතුරු ලබාදෙන පේජයේ ඇඩ්මින් (එම පේජයේ අයිතිකරු) විසින් ප්‍රශිද්ධ කර ඇත. ඒ අනුව එම රැකියාව ප්‍රශිද්ධ කර සැණින් ලෝකයේ සිටින බොහෝ දෙනා නොයෙකුත් කෙටි පණිවිඩ යොමුකරනු ලබන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි.
එසේ පණිවිඩ යැවීමෙන් පසු පැය කිහිපයකින් සුද්දෙකු අපගේ ෆේස්බුකියට මැසේජයක් (කෙටි පණිවිඩ) හරහා දන්වන්නේ අපගේ පණිවිඩය ලැබුණු බවත් ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීමට අවශ බවත්ය. බොහෝ දෙනා බැරි බැරි ඉංීසියෙන් එම සුද්දා සමඟ වචන බෙදාහදාගන්නා අතර ඔහු රැකියාවේ ස්වභාවය ගැන දැනුම් දෙනු ලබයි. ආහාරපාන, ඉඳුම් හිටුම් සියල්ල නොමිලේ ලබාදෙන අතර වීසා ලබාදීම ද එම ආයතනයෙන් සිදුකරන බව එම සුද්දා දැනුම් දෙයි. ගිවිසුම් කාලය වසර දෙකකි.
ඒ අනුව වීසා ලබා ගැනිමට අවශ පළමු තොරතුරු පකාව පුරවා දෙන ලෙස දන්වා ඔහු ලින්කුවක් ඉදිරිපත් කරනු ලබයි. එය එම රටේ ආගමන විගමන අංශයේ පකාවක් බවත් දන්වා සිටින අතර එම පකාවට ඩොලර් දෙකක මුදලක් ගෙවීමට සිදුවන බව දන්වයි. ඩොලර් දෙකක් යනු ලංකාවේ මුදලින් රුපියල් 300ක් වැනි මුදලකි. ඒ අනුව අදාළ මුදල ක්‍රෙඩිට් කාඩ් හරහා ගෙවනු ලබයි. එලෙස රැකියා අපේක්ෂාවෙන් සිටින 8000, 15000 අතර පිරිසක් මෙසේ දිනකට ගෙවන්නේ නම් ලංකාවේ මුදලින් ලක්ෂ 45ක් පමණ ඔවුන් දවසට සොයාගෙන ඇත. එය මාසයකට කෝටිපතියෙක් බිහිකරනා වැඩකි.
කෙසේ වෙතත් අදාළ පෝරමය පිරවීමෙන් පසුව පළමු පණිවිඩය ගෙනෙනා සුද්දා අතුරුදන් වන අතර දෙවැනි පණිවිඩය රැගෙන එන්නේ වෙනත් අයෙකි. ඔහු පවසන්නේ සියලු සහතිකවල පිටපත් අවශ බවයි. උප්පැන්න, පොලිස්, අධාපන ආදී සහතික පත්වල ඡායාරූප ලබාදෙන ලෙස දන්වයි. එසේම ඡායාරූපයක් ද ඉල්ලා ගනු ලබයි.
දවස් දෙකක් ගතවීමත් සමඟ තවත් සුද්දෙකු කරළියට පැමිණෙන්නේ සුබ ආරංචියක් ද අරගෙනය. ඒ විදේශගත වීමට වීසා ලැබී ඇති බව දන්වමිනි. රැකියාව සඳහා සුදානම් වන ලෙසද එම සුද්දා දැනුම් දෙන්නේ එකී කර්මාන්තශාලාවේ ධානියකු ලෙසිනි.
ඒ අනුව සුද්දා පවසන්නේ පැමිණෙන අයුරු පිළිබඳව තොරතුරැ ඉදිරියේදී දන්වන බවයි. දින කිහිපයක් ගතවීමත් සමඟ නැවත සුද්දා පැමිණෙන්නේ සියලු ලිපිවල ඡායාරෑප ද රැගෙනය. එම ඡායාරෑප ඇයදුම්කරැට ලබාදෙන අතර ඔහු පවසන්නේ සියල්ල සිදුවි තිබුණත් යම් ගැටලුවක් පවතින බවයි. ඒ ගැටලුව ලෙස සඳහන් කරන්නේ රැකියාව ලබාදෙන සමාගමට ඩොලර් 200 - 300ක මුදලක් ලබාදිය යුතුය යන්නය. බොහෝ දෙනා ඉහත ලිපි ගොනු දැකීමෙන් සතුටු වන අතර ඒ සතුට නිසාම එම මුදල් කොහෙන් හෝ සොයාගෙන තැන්පත් කරන්නේ රැකියාව ලබාගැනීමේ අරමුණු ඇතිවය. එහෙත් අවසන් වරට මුදල් ගත් පසු ඔවුන් පේන තෙක්මානයකට නැවත එන්නේ නැත. ඔවුන්ගේ ගිණුම් ද වසා දමා සැඟව යන අතර අවසානයේ රුකියාවත්, යුරෝපයත්, මුදලුත් අහිමි වේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව කිසිම තැනකට පැමිණිල්ලක් කිරීමේ හැකියාවක් ද නැත. ඒ මෙම ජාවාරම අන්තර්ජාලය හරහා ජාත්‍යන්තරව සිදුකරන නිසාය. ඒ නිසා පාඩුව විඳ දරාගන්නට වෙන්නේ තමන්ටමය.
කෙසේ වෙතත් ඔබ අප මතක තබා ගත යුතු කරුණනම් එවැනි රැකියා තිබුණත් කිසිවිටක මේ අකාරයෙන් සිද්ධ කොට ඇබෑර්තු සපුරා නොගන්නා බවයි. ඒ නිසා මෙවැනි වංචාකරුවන්ගෙන් වේසම් වන ලෙස අපට ඉල්ලීමට ඇත.
අසංක කළුබෝවිල