ඇසට නොපෙනෙන ලෝකයෙන් එහා ඉම් වෙත අපි ඔබ සති ගණනක් පුරා අප ඇසූ දුටු අත්දැකීම් ඔස්සේම කැඳවාගෙන ගියෙමු.
ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාධිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬ ගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙහි ඉතා අවංක සහ මානුෂීය ප්රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්රත්යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.
මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණ නම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන් හෝ වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.
හිඹුටානේ සාදු වෙත පැමිණ සිටි පිරිස අතරින් එක් අයකුට හිඹුටානේ සාදුගෙන් කැඳවීමක් ලැබුණි.
ඔය පර්ස් එක නැතිවෙලා ඒකට මොකද වුණේ කියලා අහන්න ආව එකා වරෙන්.
හිඹුටානේ සාදුගෙන් එසේ කැඳවීමක් ලැබෙද්දී එක්තරා පුද්ගලයෙක් නැගිට හිඹුටානේ සාදු වෙත ගියේය.
(පසුව අප දැනගත් පරිදි ඔහු හමුදා කර්නල්වරයකුගේ රියදුරෙකි.)
උඹගේ පර්ස් එක ගත්ත එකාගේ නම රණසිංහ. ඒක ගත්ත එකා රස්සාව කරන්නෙත් උඹත් එක්කමයි. උඹ ගිහින් අහපන් ඒකාගෙන්.. කියපන් මම ඌ පර්ස් එක හොරකම් කරපු බව කියපු විත්තිය..
ඊටපසු සිදුවූයේ කුමක්දැයි අපට අසන්නට සිදු වූයේ පසුව හිඹුටානේ සාදුගෙන්මය.
ඒ මනුස්සයා කොච්චර කීවත් අර මනුස්සයා පිළි අරගෙනම නෑ පර්ස් එක තමන් හොරකම් කරපු බව. අවසානයේදී අර මනුස්සයා එයාට කියලා තියෙනවා උඹ ගත්තා කියලා. පිළිගන්නෙම නැත්නම් මාත් එක්ක දේවාලයට යන්න එන්න කියලා. මේ මනුස්සයා කොහොමහරි මම අර පර්ස් එක ගත්තා කියලා කීව කෙනා දේවාලයට එක්ක ආවා.
එදා මම අර මනුස්සයාට එහෙම හොරකම් කළේ නෑ කියලා පිළිනොගෙන ඉන්න බැරි විදිහටම මම එයාට එයා කරපු හොරකම ඒ කරපු ඔක්කොම කියලා ඒ හොරකම කරන්න හේතුවත් මේ විදිහට කීවලු.
පර්ස් එක නැතිවෙච්ච රියදුරා උඹට වඩා පල්ලෙහා තනතුරක ඉන්න එකෙක්. ඒත් රියදුරා ඌට වඩා උසස් තනතුරක් දරන උඹට ඒ ගෞරවය දීලා සලකන්නේ නෑ කියලා උඹට ඌත් එක්ක තරහක් තියෙනවා. උඹ ඒ පර්ස් එක අරන් අහවල් තැනට විසි කරලා තියෙනවා. ඒ විසි කරපු තැන පර්ස් එක එහෙම්මම තියෙනවා. පලයන් ගිහින් ගනින්.. හිඹුටානේ සාදු ඒ කී දේ සැබෑවක් කරමින් නැති වූ පසුම්බිය ඔහුට ඒ කී ස්ථානයෙන්ම හමු වී තිබුණි.
වයස අවුරුදු 13 වූ තම දියණිය ද කැටුව මවක් පැමිණ සිටියේ මාසයක දෙකක කාලයක සිට තම දියණියට දැනෙන වමනය, කුසේ අපහසුතා ඇතුළු ශාරීරික වේදනාවන්ට හේතුවක් දැනගන්නටය.
වසන්ති උඹේ දුවට ලෙඩක් තියෙනවා නේද කියලා දැනගන්න නේද උඹ ආවේ.. වරෙන් උඹගේ දුවට තියෙන ලෙඩේ මොකද්ද කියන්න.. වරෙන්.. උඹගේ ළමයට බබෙක් හම්බෙන්න ඉන්නවා.
එහෙත් හිඹුටානේ සාදු එසේ පවසද්දී එම කාන්තාව දිගටම පැවසුවේ එය කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බවය. ඉන් පසු සිදු වූ දේද අපි හිඹුටානේ සාදුගෙන්ම විමසුවෙමු.
ඒ කාන්තාව මම කියන දේ පිළිගත්තෙම නෑ. අවසානයේ මම කියලා තියෙනවා වෛද්‍ය පරීක්ෂණයක් කරගෙන ආපහු වරෙන්. කෙල්ලට මේක වුණේ කොහොමද කියලා මම කියන්නම් කියලා. ඒ ළමයට ප්‍රේම සම්බන්ධයක් තිබුණත් එය ඒ තරම් දුර දිග ගිය එකක් නොවන නිසා අම්මා තමන්ගේ ළමයව වෛද්‍ය පරීක්ෂණයක් කරන්න එක්ක ගිහින්. එතැනදී වෛද්‍යවරු කියලා ළමයා ගැබ් අරගෙන කියලා. මේ අම්මා ආපහු ඇවිත් දුවත් එක්ක මගේ ළඟට ආවා. මම කියලා තියෙනවා මේ දරුවාවත් නොදැනයි දරැවට මෙහෙම වෙලා තියෙන්නේ. මේ දරුවත් එක්ක දැන් මැරිච්ච කෙනෙක් ඇවිත් ඉන්නවා. ඒ මැරිච්ච එකා මම මගේ ඇඟට අරන් දැන් කතා කරනවා. එතකොට මේ කේලලට මොකද්ද වුණේ කියන එක උඹලට දැනගන්න පුළුවන් කියලා.
ඒ මැරිලා තියෙන්නේ ඒ ළමයාගේ අම්මාගේ දෙවැනි කසාදේ මිනිහා. ඒ කියන්නේ කෙල්ලගේ බාප්පා. මම ඒ මැරිච්ච ආත්මයට කතා කරලා උඹ මේ කෙල්ල පස්සේ එන්න හේතුව මොකද්ද ඇහුවා. මේ ළමයට මේ කරදරය කරලා තියෙන්නේ ඒ මිනිහා. දැන් මාස දෙකකට පෙර ඒ මිනිහා මැරිලා තියෙන්නේ. ළමයට සිහි නැතිවෙන්න බෙහෙත් දීලා තමා මෙහෙම කරලා තියෙන්නේ. ඉතින් ළමයා දන්නේ නෑ තමන්ට මෙහෙම දෙයක් වුණා කියලා. මැරුණත් ඒ ළමයා ගැන පෙරේතකමින් තමා අර විදිහට පස්සෙන් එන්නේ. මම අන්තිමට කියලා තිබුණා උඹලා මේ දරුවව නැති කරනවා කියලත්. ඒ මිනිහා නැති වෙලා තියෙන්නෙත් ණය තුරුස් වෙලා ඒවගෙන් ගැලවෙන්න බැරුව එල්ලිලා.
මේ ළඟදි තව ආවා අවිස්සාවේල්ල පැත්තේ පරිගණක හොරකමක් වෙලා කාර්මික විද්‍යාලයක. හොරකම කරපු අයගෙත් සම්පූර්ණ නම්, ගම් ප්‍රකාශයට පත් කරලා තිබුණා. මේ ළඟකදී මනුස්සයෙක් ආවා නිධන් වස්තු කියලා යම් යම් දේවල් අලෙවි කරන්න. මේ මිනිහා ඒවා දේවාල ගාණේ ගිහින් අලෙවි කරන ගමන් තමයි මගේ ළඟට ආවේ. ඒ ඇවිත් තියෙන්නේ මම ආරූඪයෙන් ඉන්න වෙලාවක. මේ මිනිහා මේ නිධන් කියලා විකුණන්නේ පිත්තල කෑලි. මූ කෙළින්ම පොලීසියට අල්ලලා දෙන්න කියලා කියද්දි මූ කොහොමහරි පැනගත්තා.
හිඹුටානේ සාදු වෙත නොයෙකුත් කාරණා සම්බන්ධව පැමිණෙන ජනතාවගේ සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යාම නිසා මේ වෙද්දී තමන් ප්‍රායෝගිකව විශාල ගැටලුවකට මුහුණ දී සිටින බව හිඹුටානේ සාදු පැවසීය.
මම මේ දේ කරන්නේ පත්තිනි මෑණියන්ගෙන් ලද වරමක් අනුව. මට ඒ ආරූඪය ඇති වෙලාවට පමණයි සියල්ල කිව හැක්කේත්, කළ හැක්කේත්. සමහරවිට ඒ දවසට ඒ එන සියල්ලටම මට ශාස්ත්‍රය කියන්න බැරි වෙනවා. විස්සක් තිහක් දවසට ඉතුරු වෙනවා. අනිත් එක මම කතා කරන්නේ මට ඒ ආරූඪය ආවම පේන විදිහට. එතකොට අර ඉතුරු වෙන මිනිස්සු අතරේ දුර පළාත්වලින් ආව අය ඉන්න පුළුවන්.
ඒ එන ඇතැම් අය මේ තත්ත්ව තේරුම්ගන්නේ නෑ. අපිට කතා කළේ නෑ, කීවේ නෑ කියලා විවිධ දෝෂාරෝපණ එල්ල කරමින් පිටවී යනවා. මම දවසේ කටයුතු පටන් ගන්න ඉස්සරම කියනවා බුලත් අත අරන් පොල් ගෙඩිය අතට ගත්තම ඒවා බිම නොතියා තමන්ගේ ගැටලුව පමණක් හිතේ තියාගෙන ඉන්න කියලා. ඒත් සමහර අය ඒ කියන පිළිවෙත් අනුව ඉන්නේ නෑ. එහෙම වුණාමත් ආරූඪයට ඔවුන් පේන්නේ නෑ. සමහර අය දවස් දෙක තුන ආවත් එවැනි කාරණා මත මට ඒ අය පේන්නේ නෑ. ඒ වගේ දේවල් අවබෝධයෙන් තේරුම් ගන්න කියලා මම ජනතාවගෙන් හරිම කාරුණිකව ඉල්ලා සිටිනවා.
අනිත් කාරණය තමා මම මුදල් මූලික කරනොගෙන හරිම සහනශීලී පදනමක සිට කරන මේ සේවය රුස්සන්නේ නැති කූට ලෙස දේවාල පවත්වාගෙන යන ඇතැම් පිරිස් මට විරුද්ධව බොරු ප්‍රචාර ගෙන යනවා. සමහරු රාත්‍රී එකට දෙකට වැනි වෙලාවන්ටත් දුරකථන අංකයට විවිධ ඇමතුම් දෙන්න පටන් ගත්තා. එය මගේ පවුලේ අයටත් විශාල හිරිහැරයක් නිසා දැන් මම ඒ දුරකථන අංකය විසන්ධි කරලා තියෙන්නේ. මේ දිනවල ගං වතුර ප්රශ්නය නිසා දේවාලයේ කටයුතු තාවකාලිකව නතර කර තිබුණත් නුදුරේම ඒ කටයුතු පටන් ගන්නවා. එවැනි විශේෂිත හේතුවක් නැත්නම් අනිත් හැම දවසකම දේවාලයේ වැඩකටයුතු කරගෙන යනවා. බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා 10.30 වගේ වෙද්දි ඇවිත් දේවාලයේ බුලත් අතක්, පොල් ගෙඩියක් අරගෙන රුපියල් 1005ක පඬුරක් තියාගෙන අවශ්‍ය කාරණය පමණක් හිතේ තියාගෙන ඉන්න තියෙන්නේ.
එතකොට නම, පැමිණි ප්‍රදේශය, රස්සා කරන තැන, කාරණය මේ කුමක් හෝ කියා මම මට පේන විදිහට කතා කරනවා. ඒකයි නොම්මර ගැනීමක් සිදු නොවෙන්නේ.
කිසිම කිල්ලකට අසු නොවී පැමිණෙන්න කියලත් මා ඉල්ලනවා. මුදල් නැති කෙනෙක්ට පඬුර තියන්න අමාරැනම් මම එයවත් බලෙන් ඉල්ලන්නේ නෑ. ඒ තරම් මානුෂීය ප්රතිපත්තියක සිටයි මම මේ දේවාලය පවත්වාගෙන යන්නේ...
හිඹුටානේ සාදු කී සියල්ල තුළ ඔබ අවබෝධයෙන් වටහා ගත යුතු බොහෝ කරුණු කාරණා තිබෙන බව අපි අවධාරණය කර සිටිමු.
සංජු
සේයා රූ - චන්න කස්සප කෝරලේ ආරච්චි