ලාභ - අලාභ, යස - අයස, දුක - සැප, නින්දා - ප්‍රශංසා යන අටලෝ දහම ජීවිත කාලය මුළුල්ලේම අපි නොයෙක් වර අත්විඳින්නෙමු. එය චක්‍රයක් මෙන් ජීවිතය තුළ කරකැවෙයි. අප නිරන්තරව උත්සාහ ගත යුතු වන්නේ උපේක්ෂාවෙන් අවබෝධයෙන් ඒ ජීවන යථාර්ථයන්ට මුහුණ දී සාරවත් අරමුණු ඔස්සේ ජීවිතයනම් යාත්‍රාව සංසාර ගමන් මගේ දියත් කිරීමටය. එහෙත් පෘථුග්ජන මිනිසුන් ලෙස ජීවිතයේ නොයෙක් ගැටලු අබිමුව අපි පශ්චාත්තාපී වන්නෙමු.
හිඹුටානේ සාදු සොයා එන දහස් ගණනක් මිනිසුන් අපට පසක් කළේ එකී සත්‍යය.
ඉතා සංවේදී දුරකථන ඇමතුම් රැසකට ඉකුත් සතියේ අපි කන්දුන්නෙමු. ජීවිතයේ නානාධිධ ගැටලු ඉදිරිපත් කරමින් ඒ කතා කළ හැම කෙනෙක්ම විමසා සිටියේ හිඹුටානේ සාදු වෙතින් ඔවුන්ට පිළිසරණක් ලබාගත හැකිද යන කාරණය පිළිබඳවයි. පැමිණි පුද්ගලයාගේ නම පැමිණි ප්‍රදේශය හෝ කාරණය කියමින් කෙවිටක් දිගු කර පත්තිනි දේවාලය තුළට අඬගසා හිඹුටානේ සාදු තමන් පත්තිනි මෑණියන්ගෙන් ලද වරම ජීවිතයේ නානාවිධ ගැටලු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සුබසිද්ධිය උදාකරලීමේ පරමාර්ථය පෙරදැරිව ඔවුන් විෂයෙනි ඉතා අවංක සහ මානුෂීය ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන්නට යොදාගන්නා බව අපි මැනවින් ප්‍රත්‍යක්ෂ කරගත් හෙයින්ම හිඹුටානේ සාදු පත්තිනි වරමින් ලද විස්මිත හැකියාව ගැන අපි ඔබට සති ගණනක් මුළුල්ලේ සත්‍ය සිද්ධීන් ඇසුරෙන්ම කරුණු පැහැදුවෙමු.
මිනීමැරුම්, සොරකම් ගැන අසන්නට ගියවිට ඝාතකයන්ගේ සොරුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක මෙන්ම ඔවුන් සැඟවී සිටින හෝ සොරකමකදී නම් හොරකම් කළ භාණ්ඩවලට සිදුවූ දේ මෙන්ම කොඩිවිනයකදී නම් කොඩිවිනය සිදුකළ තැනැත්තන්ගේ නම් ගම් ඊට උදවු දුන් අයගේ නම් ගම් ද රෝගයක් නම් ඒ රෝගය ගැන මෙන්ම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෛද්‍යවරයාගේ නම ද පවුල් බිඳී යන අවස්ථාවලදී හේතුව සාධාරණ නම් වශී බන්ධන ද නොගැලපෙන පසුවට අයහපත උදාකරන ප්‍රේම සබඳතා කඩාබිඳ දැමීම ද ඉඩකඩම්, නඩුහබ මෙන්ම විභාග ජය ආදියට ද අවශ්‍ය සියලු පුද පූජා පිළිවෙත් කරන පත්තිනි මෑණියන්ගෙන් වරම් ලද හිඹුටානේ සාදු ගැන 2018 ජනවාරි මස මුල් සතියේ සිට අප ලියූ ලිපි දේශය ඒ කලාප ඔස්සේ ද www.deshaya.lk අපේ වෙබ් අඩවිය ඔස්සේ ද යළි ඔබට කියවිය හැක.
නිෂාර හිඹුටානේ සාදුගේ පිහිට සොයා ආවේ කවරකටද? ඔහු දැනගන්නට පැමිණියේ කවර කාරණයක්ද? මේ නිෂාර කී ඔහුගේ කතාවයි.
මම මහලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. මම දුප්පත් මිනිහෙක්. මම කරපු රස්සාවත් නැතිවුණා. ඊට පස්සේ ටික කාලයක් හෝටලයක වැඩ කළා. මට හිතුණා ඔළුව උස්සන්නනම් මගේම කියලා පොඩියට හරි බිස්නස් එකක් පටන් ගන්න ඕන කියලා. එහෙම හිතලා තමයි එළවළු බිස්නස් එකට අතගැහුවේ. ඒත් ඒකත් හරිගියේ නෑ. ඊට පස්සේ නෝනගේ රත්තරන් බඩු ටික උගසට තියලා ඒ සල්ලිවලින් මූලික ගෙවීම කරලා ෆිනෑන්ස් දාලා ත්‍රීවිලර් එකක් ගත්තා. දවසක් මට කොළඹට හයර් එකක් ආවා. හයර් එක ඉවරවෙලා පොඩි හෝටලයක් ළඟ ත්‍රීවිල් එක නතර කරලා කන්න ගියා. කාලා එද්දී ත්‍රීවිල් එක නෑ. මට දෙලෝ රත්වුණා. කොළඹ වටේ හෙව්වා. රෑ 12 වෙනකම් දැඟලුවත් කිසිම තොරතුරක් නෑ. පොලීසියටත් ගියා. ඒත් කිසිම හෝඩුවාවක් ලැබුණේ නෑ. සතියක් ගියා. ගෙදර නිකම් මළගේ වගේ. ජීවත් වෙන්න ගත්ත ත්‍රීවිල් එකනේ. ගෙදර මිනිස්සු කෑවෙ බීවෙත් නෑ. නෝනා එහෙන් රත්තරන් බඩු ටික ගැන හූල්ලනවා. ළමයා ඉස්කෝලෙ ගියෙත් නෑ. පේන අහන්න සාස්තර අහන්න දේවාල ගාණේ ගියා. මේ විදිහට මාසයක් ගියා. මොකුත්ම හෝඩුවාවක් නෑ. මේ අතරේ තමා හිඹුටාන සාදු ගැන දැනගත්තේ.
සෙනසුරාදා දවසක මම ගියා සාදු ළඟට. දෙසීයක් විතර මිනිස්සු හිටියා. මම මගේ වාරය එනතුරු ඉද්දි සාදු මට මගේ නම කියලා කතා කළා.
උඹගේ වාහනයක් නැතිවෙලා නේද? ඒ ගැන අහන්නනේ ආවේ. වරෙන්. සාදු මාව දේවාලය ඇතුළට කැඳෙව්වේ මගේ හිතේ තිබුණු කාරණය හරියටම ඒ විදිහට සඳහන් කරලා.
උඹගේ නැතිවෙච්ච වාහනය දැන් තියෙන්නෙ සුදුවැල්ල කියන ප්‍රදේශයේ. එසේ කියපු සාදු ඊළඟට උඹගේ වාහනය හොරකම් කළේ මෙන්න මේ එවුන් කියලා නම් ටිකක් කියාගෙන කියාගෙන ගියා.
හෙට හතර වෙද්දී වාහනය මෝදර පොලීසියෙන් අල්ලාගන්නවා. උඹ පහට පලයන් මෝදර පොලීසියට කීවා. මම හවස පහ වෙද්දී මෝදර පොලීසියට ගියා. වාහනය පොලීසියේ තිබුණා. ඒ වෙලාවේ මට එකපාරටම ඇඬුණා. මම පොලීසියේ මහත්තයාගෙන් ඇහුවා කීයටද වාහනය අල්ලාගත්තේ කියලා. ඒ මහත්තයා කීවා හවස හතරට විතර කියලා. සාදු කියපු වෙලාව හරි. මම ඒ වෙලාවෙම සාදුට දුරකතන ඇමතුමක් අරන් විස්තරේ කීවා.
ඒ හිඹුටාන සාදුගේ පිහිට ලද නිෂාරගේ ඇත්ත කතාවයි. මේ හිඹුටානේ සාදු වෙත පැමිණි තවත් අයෙකු කි කතාවයි.
මම සොයිසාපුර ප්‍රදේශයේ ප්ලැට් එකක ජීවත් වෙන්නේ. මගේ දුවට හිටපු ගමන් ඇවිදින්න බැරිවුණා. අපි ජීවත් වෙන්නෙත් හරි අමාරුවෙන්. ඒත් අරන් යන්න පුළුවන් හැමතැනටම දුවව අරගෙන ගියා. ඒත් කිසිම සුවයක් ලැබුණෙ නෑ. මගේ පවුලේ හිතවත් මෑණි කෙනෙක් ඉන්නවා. ඒ මෑණි අපට අම්මා කෙනෙක් වගේ උදවු කළා. ඒ මෑණියොත් දේවාලයක් කරනවා. ඒ මෑණියෝ දුවගේ හඳහන බලලා කලින් කීවා දුවට ඇවිදින්න බැරිවෙනවා කියලා. අපට සල්ලිවලින් පවා උදවු කළා. මම හිඹුටානේ සාදු ගැන දැනගත්තේ ඒ මෑණියන්ගෙන්.
මම සාදුගේ පත්තිනි දේවාලයට ගියේ බ්‍රහස්පතින්දා දවසක. මම ගිය දවසේ එකසිය පනහක විතර සෙනඟක් හිටියා. කමල් කියලා මගේ නම කියලා සාදු අඬගැහුවා.
උඹගේ දුවගේ නම වාසනා නේද? උඹගේ දුවට ඇවිදින්න බැහැ නේද? මම ඔව් කියලා උත්තර දුන්නා.
උඹගේ දුවගේ පිටිපස්සෙන් උඩ ගෙදර උඹගේ මියගිය නැන්දා ඉන්නවා. එහෙම කියපු සාදු ඒ නැන්දගේ නමත් කීවා.
ඒ මියගිය එකී ඉන්නකම් මේ දරුවගේ රෝගය සුවවෙන්නේ නෑ. ඒකි මේ දරුවට නැඟිටින්න දෙන්නෙ නෑ. එහෙම කියපු සාදු කීවා අපේ නිවසට එන්න ඕන කියලා. මම පූජාවට අවශ්‍ය පූජා ද්‍රව්‍ය ඔක්කොම ලෑස්ති කරලා තිබ්බා. සාදු ඇවිත් දෙහි කපලා ඇප නූල දැම්මා. සාදු සකස් කරගෙන ආව තෙල් වර්ගයකුත් දුන්නා. දින 21 ක් ගාන්න කීවා. දවස් 21 යද්දී උඹේ දියණිය ඇවිදියි කීවා. හරියටම දවස් 21 යද්දී මගේ දුව ඇවිද්දා. දැන් එයා රුකියාවකටත් යනවා. මම හිඹුටානේ සාදු ළඟට මාව යොමුකරපු මෑණියන්ට වගේම සාදුටත් පින් දෙනවා...
ඒ අප සවන් වැකුණු කතා රැසක් අතර තවත් එක් කතාවක් පමණි.
පොළොන්නරුව ප්‍රදේශයේ සිට පැමිණි ඔහු රැකියාව වශයෙන් කළේ බාබර් සාප්පුවක් පවත්වාගෙන යාමය. ඊට පෙර වසර තුනක් පමණ බාබර් සාප්පුවක සේවකයකු ලෙස රැකියාව කළ හෙතෙම පසුව කුලී පදනම යටතේ කඩ කාමරයක් ගෙන ඔහුගේම බාබර් සාප්පුවක් ඇරඹුවේය.
ඔහු හිඹුටානේ සාදු වෙත පැමිණියේ ඇයි?... මේ ඒ කතාවයි.
මට යාළුවකුගේ මඟුලකට ආරාධනාවක් ලැබුණා. මම මඟුල් දවසේ එහි ගියා. යාළුවෝ එක්ක හොඳට මත්පැන් එහෙමත් බීවා. මම ගෙදරට එද්දී රෑ 12ත් පහුවෙලා. බීලා මරගාතේ මම දොර වහන්නෙත් නැතුව තමා නිදාගෙන තියෙන්නේ. උදේ නැඟිටලා ලෑස්තිවෙලා බාබර් සාප්පුවට යන්න යද්දී තමා මට දෙවියෝ සිහිවුණේ. මගේ පර්ස් එක නැතිවෙලා. රුපියල් දහදාහක්, රියදුරු බලපත්‍රය, හැඳුනුම්පත, රත්තරන් බඩු උගස් කරපු කොළ පර්ස් එකේ තිබුණා. මම හුඟාක් තැන්වලට ගියා සාස්තර අහන්න. සමහර තැන්වලින් හොරාගේ හැඩරුව කීවා. ඒත් ඒ වගේ හැඩරුව තියෙන ගොඩක් අය හිටියා. මෝදර ගිහින් මම පොල් ගැහුවා. ඊටපස්සේ තමා මට හිඹුටානේ සාදු ගැන දැනගන්න ලැබුණෙ.
බදාදා මම ගියා. සාදු මගේ දිහාට කෙවිට දිගුකරලා උඹ ආවේ උඹගේ පර්ස් එක නැතිවෙලා නේද? උඹ සැලුන් එකක් කරනවා නේද කියලා මට දේවාලය ඇතුළට කතා කළා. මම බුලත් හුරුල්ල මගේ හිතේ තිබුණු කාරණාව හිතේ තියාගෙන කාලි මෑණියන්ගේ පිළිරුව ළඟ තිබ්බා. සාදු මම මඟුල් ගෙදර ගිය විස්තරේ පටන් සිද්ධි ඔක්කොම මුල ඉඳන් එක දිගටම කියාගෙන කියාගෙන ගියා.
ජගත් කියලා එකෙක් තමා උඹේ පර්ස් එක හොරකම් කළේ කියලා කියද්දී මම කීවා සාදු මම දන්න ජගත් කියලා දෙන්නෙක් ඉන්නවා කියලා. ඒ පාර සාදු කීවා උඹේ පර්ස් එක ගත්තේ ජගත් කුමාර කියලා. ඒ මම දන්න ළඟපාත මනුස්සයෙක්. මම ගමේ ගිහින් ජගත්ට කීවා හරියටම හොරා ගැන සාස්තරේ කීවා. මට මගේ පර්ස් එක දෙන්න කියලා. ඔහු දිවුර දිවුරා ගත්තෙ නෑමයි කීවා. ඔහු දුන්නෙම නෑ. ඊටපස්සේ හොඳින් නැත්නම් නරකින් කියලා මම සාදු ළඟ පොල් ගැහුවා.
මුලින් දිවුර දිවුරා ගත්තෙ නෑම කියපු කෙනා පොල් ගහලා මම අහද්දි කීවා පර්ස් එක ගත්තා අහවල් තැන හංගලා තියෙනවා කියලා. මට පර්ස් එක ලැබුණා. සල්ලි කොටසක් වියදම් කරලා තිබුණේ. ඒත් මගේ වටිනා දේවල් ඔක්කොම ඒකෙ තිබුණා.
මේ හිඹුටානේ සාදු ළඟට පිහිටපතා පැමිණි පුද්ගලයන් තිදෙනකුගේ අත්දැකීම් පමණි. ඔබට ලියන්නට ඇති තවත් එවන් කතා අනල්පය. ඒ තරමටම ජීවිතයේ නානාවිධ ගැටලු රැගෙන විශාල පිරිසක් හිඹුටානේ සාදු හමුවට පැමිණෙති.
හිඹුටානේ සාදුගේ සෙවණේ සිට එන සතියේත් අපි ඔබ හමුවෙමු.
♦ සංජීවිකා සමරතුංග
සේයාරූ / චන්න කස්සප කෝරළේආරච්චි
බොහෝ පාඨක ඉල්ලීම් මත හිඹුටානේ සාදුගේ පත්තිනි දේවාලයට යන මාර්ගය අපි නැවත සඳහන් කරමු. හිඹුටාන හන්දියට පැමිණ අඹතලේ ජලපවිත්‍රාගාරය කිට්ටුව ඇති හිඹුටාන වැව පාර දිගේ ටික දුරක් ගියවිට හිඹුටාන සාදුගේ පත්තිනි දේවාලය හමුවේ.