මෙම මැතිරණයේ ප්‍රතිඵල ගැන සොයා බැලීමේදී ඇතැම් පක්ෂ ඉන්න තැනින් තවත් අඩි කිහිපයක් යටටත්, තවත් පක්ෂ ඉන්න තැනින් අඩි කිහිපයක් උඩටත් ගොස් ඇත. ඇතැම් පක්ෂ සම්බන්ධයෙන් පක්ෂයේම පුද්ගලයන් කී කතා අද අසනවිට ඔවුන්ට පාරේ බැහැලවත් යන්නට හැකිදැයි සැකයක් ඇත. ඒ ඔවුන් කී අහස පොළොව පෙරළන කතා නිසාය. ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් සිය පක්ෂය සම්බන්ධයෙන් කී කතා අසනවිට වෙනත් පක්ෂවලට ඡන්ද වැටෙන්නේ නැද්දැයි සිතුණු වාර අනන්තය. එහෙත් ප්‍රතිඵල එනවිට එකී ඇමැතිවරයාගේ කොට්ඨාසයත් අන්ත පරාජය වී ඇත. මේ සටහන එවැනි මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ගැනය.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා බේරුවල සිය ඡන්ද භාණ්ඩාගාරය කරගත් අයෙකි. ඕනෑම පක්ෂයකින් ඉල්ලුවත් බේරුවල මිනිසුන් ඡන්දය දෙන බව රාජිතට විශ්වාසයක් තිබුණේය. ඔහු ඒ බව එක්තරා රැස්වීමකදී පවසා සිටියේ බේරුවල කොට්ඨාස එකින් එක දිනන බවය. එසේ දිනනවිට ෂොට් එකක් දමා නිදාගත හැකි බවත් කීය. එහෙත් එකී රාජිත අමාත්‍යවරයාට බේරුවල දිනා ගැනීමට නොහැකි විය. එසේම එ.ජා.ප.යේ ජයග්‍රහණයත් තම කොට්ඨාසයේ ජයග්‍රහණයත් සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තුවක් තබාගත් අයකු වූයේ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාය. බණ්ඩාරගම ආසනය ජයගන්න බව මුහුණු පොතේ පවා සටහන් කර තිබුණේය. එහෙත් ඔහුට ද එය හරි ගියේ නැත.
මේ අතර දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග මහතා ද සිය කොට්ඨාසය පරාජය විය. පොදුජන පෙරමුණ එම නගර සභාව ජයගත්තත් ඔහුට එය අහිමි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුව වූයේ ගම්පහය. රටට නායකයෙක් සහ නායිකාවන් දෙදෙනෙක් බිහිකළේ එකී ගම්පහ අත්තනගල්ලය. බණ්ඩාරනායකවරුන්ගේ නිජ භූමිය වූ හොරගොල්ල කොට්ඨාසයත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මැතිවරණය මෙහෙයවා තිබියදිත් පරාජය විය. එසේම කඩුවෙල නගර සභාව එකපිට එක ජයගත් එසේම මහින්ද සමීපයේ සිට මෛත්‍රී සමීපයට ගිය බුද්ධදාසට පවා නගරාධිපතිකම අහිමි විය. ඔහු දිගින් දිගටම කීවේ රාජපක්ෂවරු නොමැතිව දේශපාලනය කළ හැකි බවය. මේ අතර බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට ද එවැනිම ඉරණමක් උරුම විය. ඔහු මැතිවරණ නාමයෝජනා බාර දුන් අවස්ථාවේ පොහොට්ටුවේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ නිසා එය ජයග්‍රහණයක් ලෙස මහ ඇමැතිවරයා සිතුවේය. මේ නිසා ඔහු එදින පවසා සිටියේ තමන්ට දැන් එක්සත් ජාතික පක්ෂය සමඟ සටනක් දිය හැකි බවය. ඒත් හොඳම කාරණය නම් අවසානයේ පොහොට්ටුව වෙනුවට ඉදිරිපත් කළ ස්වාධීන පක්ෂයක් වන මෝටර් බයිසිකලය ශ්‍රි.ල.නි.ප.යටත් එ.ජා.ප.යටත් අභියෝගයක් වී ජයග්‍රහණය කිරීමය. කෙසේ වෙතත් එම ලැයිස්තුවේ පුද්ගලයන්ගේ පදිංචිය සම්බන්ධයෙන් ගැටලුවක් සිදු වී ඇතත් තවමත් ඒ ගැන සාකච්ඡාවක් නැත.
මේ ආකාරයෙන් තම කොට්ඨාසය පරාජය වූ ආණ්ඩුවේ මැති ඇමතිවරැ රුසක් සිටිති. ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරැ පරාජය වූ ආසන සමඟ මෙසේ දක්වන්නෙමු.
මංගල සමරවීර - මාතර
සාගල රත්නායක - දෙණියාය
ගයන්ත කරුණාතිලක - බෙන්තර, ඇල්පිටිය
සජිත් ප්‍රේමදාස - තිස්සමහාරාමය
එස් . බී - නාවින්න - වාරියපොල
අර්ජුන රණතුංග - අත්තනගල්ල්
ලක්ෂ්මන් කිරිඇල්ල - සෙංකඩගල
ගාමිණි ජයවික්‍රම - කටුගම්පොල
රාජිත සේනාරත්න - බේරැවල
පී. හැරිසන් - අනුරාධපුර බටහිර
චන්ද්‍රාණි බණ්ඩාර - අනුරාධපුර
තලතා අතුකෝරල - නිවිතිගල
රංජිත් මද්දුමබණ්ඩාර - බිබිල
රංජිත් සියඹලාපිටිය - ගලිගමුව
එසේම ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සිය ආසනය පරාජය වූ ඇමති ලැයිස්තුව මෙසේය.
සරත් අමුණුගම - ගලගෙදර
දුමින්ද දිසානායක (ශ්‍රිලනිප මහලේකම්) කලාවැව
මහින්ද අමරවීර - තංගල්ල
එස්.බී දිසානායක - පහත හේවාහැට
ජෝන් සෙනවිරත්න - රත්නපුර
දයාසිරි ජයසේකර - පඬුවස්නුවර
අනුර ප්‍රියදර්ශන - කටුගම්පොළ
මහින්ද සමරසිංහ - පානදුර
විජිත් විජිතමුණි සොයිසා - බිබිල
චන්දිම වීරක්කොඩි - හබරාදූව
මීට අමතරම තම ආසනය පරාජය වූ එජාප සහ ශ්‍රිලනිප නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු මෙසේය.
පාලිත තෙවරප්පරුම - බුලත්සිංහල
සුමේධා ජී ජයසේන - මොනරාගල
ඉරාන් වික්‍රමරත්න - මොරටුව
හර්ෂද සිල්වා - කෝට්ටේ
සුජීව සේනසිංහ - කඩුවෙල
රුවන් විජේවර්ධන - බියගම
ලක්ෂ්මන් යාපා - හක්මන
ඩිලාන් පෙරේරා - හාළි ඇල
පියසේන ගමගේ - හිනිදුම
කෙසේ වෙතත් බොහෝමයක් ශ්‍රි.ල.නි.ප ඇමතිවරුන් සහ එ.ජා.ප ඇමතිවරැන් සිය කොට්ඨාසයේ ප්‍රතිඵල ගත්විට පරාජය වී ඇත. නැත්නම් ඡන්ද ප්‍රමාණයකින් පහළට වැටී ඇත. විශේෂයෙන් ඔවුහු මේ දිනවල හැංගී හොරා ආණ්ඩුව රැක ගැනීමේ මෙහෙයුමක නිරතවෙමින් සිටිති. ඒ නිසා ඔවුන් මේ පරාජයේ චෝදනාවෙන් මඳක් බේරී ඇත.
කෙසේ වෙතත් මෙලෙස අපි කීවේ මේ පරාජයට පෙර උදම් ඇනූ මැති ඇමතිවරුන් ගැනය. බොහොමයක් අවස්ථාවල ශ්‍රි.ල.නි.ප.ය පොදුජන පෙරමුණට අභියෝග කළේ නැත. එහෙත් එ.ජා.ප.යට අභියෝග කළේය. එ.ජා.ප.ය පොහොට්ටුවටත් ශ්‍රි.නි.ප.ය.ටත් අභියෝග කළේය. එහෙත් අවසානයේ සියල්ලන්ටම අභියෝගයක් වෙමින් පොහොට්ටුව ජය ගත්තේය. එම ජයග්‍රහණය පොහොට්ටුවේ ආධාරකරුවන්ට පවා පුදුමයකි. කෙසේ වෙතත් අවසානයේ පොහොට්ටුවේ අභියෝගය නිසා ආසනද අන්ත පරාජයට පත් වූ මැති ඇමැතිවරු රැසක් සිටිති.
► ගයාන් ගාල්ලගේ