2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

සල්ලිවලට විදින SEX ඔන්ලයින් ජාවාරම

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3787

දැන් නියම ගේම්කාරයෝ ඉන්නේ කොහේදැයි කවුරුන් හෝ අයකු ඇසුවහොත් ඊට දිය හැකි සරලම කෙටිම උත්තරය වන්නේ අන්තර්ජාලය කියාය. සැබැවින්ම අන්තර්ජාලයේ තරම් හොරු තක්කඩි, ගේම්කාරයන් ඉන්නා තැනක් නැති තරම්ය. එයට හේතුවී ඇත්තේ හැංගි හොරා ගේම් ගැසිය හැකි තැන එතන වන නිසාය. ඒ නිසා හැංගි හැංගී ගේම් ගසන්නෝ අන්තර්ජාලය කළ අනන්ත අප්‍රමාණව බිහිවී සිටිති.

Sex සොයා කප් ගහපු අපේ රට ගැන අමුතුවෙන් කිවයුතු නැත. ඒ එනයින්ම වැටහෙන්නේ කෙතරම් තරුණ සහ වැඩිමල් පිරිසක් ලිංගික පීඩනයෙන් තෙරපෙන්නේද කියාය. එහි වරදක් දකින්නේ කොතනද යන්න ගැටලුවකි. ආහාර පාන, ඉඳුම් හිටුම් සේම ලිංගික අවශ්‍යතාවද මිනිසකුගේ මූලික අවශ්‍යතා වන නිසාය. ඒ නිසා එය කාටවත් වරදක් නොවී සනසා ගන්නවා නම් කිසිකෙනකුට ඒ ගැන ප්‍රශ්න කිරිමට අයිතියක් නැත.

කෙසේ වෙතත් යුරෝපා රටවල මෙන්ම බටහිර රටවල ඔන්ලයින් සෙක්ස් සමාන්‍ය කටයුත්තකි. ඒ සඳහා නීතියෙන් බාධාවක්ද නැත. කැමති වයසක, කැමති පෙනුම තිබෙන කාන්තාවක් අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලබාගනිමින් වින්දනයේ යෙදීම සාමාන්‍ය දෙයක්ව ඇත. කාටවත් කිසිවකුට බොරුකළ නොහැකි අතර එසේ බොරු කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ ආණ්ඩුව විසින්මය. ඒ නිසා වංචාකරුවන් නැත.

එහෙත් ලංකාවේ එවැනි නීතිමය අවසරය එවැනි දේ සඳහා ලබාදී නැත. ඔන් ලයින් තබා ලිංගික ශ්‍රමිකයකු ලෙස සේවය කිරීමටවත් අවසරයක් නැත. එය කෙතරම් සාධාරණද නැද්ද යන්න වග වෙනම කතා කළයුතු දෙයකි. කෙසේ වෙතත් මේ කියන්නේ ඒ නීතියෙන් රිංගා සිදුකරන තවත් ජාවාරමක් ගැනය. බටහිර රටවල ක්‍රමයටම සිදුවණ මේ ජාවාරමට හසුවූවෝ අනන්ත අප්‍රමාණව සිටිති. එහෙත් කිසිවකු හෝ  පොලීසියට යන්නේ නැත. ඒ පොලීසියට ගොස් කියන්නට දෙයක් නැති නිසාය. ගමේ සිට නගරයට එන බොහෝදෙනාට කොකා පෙන්නන කතාව මෙලෙස කියන්නෙමු. ගමේ සිද්ධිය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර එහෙත් තවමත් කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. එහි වංචාවක් ඇති බවට තහවුරු වී ඇති නිසාම අපිද ඒ ගැන සොයා බැලීමට මැදිහත් වීමු.

දුරකථන මාර්ගයෙන් සෙක්ස් කිරීමට කැමති අයට, පැයකට 3000 යි. Imo, Viber, Skype හරහා පැමිණෙන්න. යනුවෙන් දැන්වීමක් එක්තරා වෙබ් අඩවියක පළකර තිබුණි. එම වෙබ් අඩවිය පුරාම විවිධ වර්ගයේ තරුණයන් තරුණියන් එළිපිට විකිණෙති. ගමේ දැන්වීම කිහිප තැනකම විවිධ අංක යොදා පළකර තිබුණු අතර ඉන් එක් අංකයකට අපි ඇමතුමක් ලබාගත්තෙමු. නමක් සඳහන් වී තිබුණේ නැත.

හලෝ... මම කතා කරන්නේ අර වෙබ් සයිට් එකේ ඇඩ් එක දැකලා... ලියුම්කරු කතාවට මුලපුරමින් කීවේය.

ඔව් කියන්න... ගොරහැඩි  කටහඬක් ඇති කාන්තාවක් කීය.

කොහොමද... ලියුම්කරු ඇසීය.

පැයකට තුන්දාහයි, පැය දෙකට හාරදාහයි ඈ කීය.

කොහොමද වෙන්නෙ... ලියුම්කරු ඇසීය.

ඔයාට කවද්ද ඕනේ...

මට අද ඕනේ... ලියුම්කරු කීවේය.

එහෙනම් මම ඔයාට අකවුන්ට් නොම්බරේ එවන්නම්. ඒකට සල්ලි දාන්න.. ඈ කීය.

සල්ලි දාලා ඊට පස්සේ...

සල්ලි දාලා මැසේජ් එකක් දාන්න. මම රෑ 8.00 පස්සේ ඔයාට කෝල් එකක් ගන්නම්. කියන්න මොකෙන්ද එන්න ඕනේ කියලා... ඈ කියාගෙන ගියාය.

ලියුම්කරු ඇගෙන්... දැන් ඔය සල්ලි දාලා ඔයාට ලැබුණේ නෑ කිව්වොත්  යැයි විමසීය.

ඇයට යකා වැසුණු අතර එකවර.... මේ හලෝ ආතල් ගන්නයි සල්ලි බලන්නයි බෑ. අනික අපි මේවා මේ පුරුදුවෙන්න කරන දේවල් නෙමෙයි... කීය.

ලියුම්කරුද ඇගේ ගෝරණාඩුව සතපහකට ගණන් නොගෙන හරි හරි... ඔච්චර සද්දේ දානවා නම් ඕනේ නෑ... යැයි පැවසුවේ උස් හඩිනි.

ඒත් සමඟ ඇය දුරකථනය විසන්ධි කළාය. නැවත ඇමතුමක් ලියුම්කරු ලබානොගත් අතර එය අතහැර දැමිණි.

නැවත ඊට පසුදින නැවතත් ඉහත කී වෙබ් අඩවියට ඇතුළු වුවුද ඉහත කී කාන්තාවගේ තොරතුරක් දැන්වීමක් අඩංගු වූයේ නැත. ලියුම්කරු තව තවත් සොයා බැලුවේය. එහි හඳුනාගත හැකි අංකයක් සහිත දැන්වීමක් වීය. එම දැන්වීමෙහි මෙසේ සටහන් වී තිබුණි.

වයස හතළිහක කාන්තාවක් සමඟ මා ඔබේ නිවසට පැමිණ ඔබේ පීඩාකාරි මනසට සහනයක් දෙමි. අපව යුවළක් ලෙසද, දෙදෙනා වෙනමද ලබාගත හැක.. යනුවෙන් වැල් වටාරමක් සමඟ ඉහත කී අංකය යොදා තිබුණි. ලියුම්කරු එම අංකයට ඇමතුමක් ලබාගත්තේය.

එම අංකය ඇමතූ සැණින් එයට ප්‍රතිචාර දැක්වූයේ කාන්තාවක් නොව පිරිමියෙකි. ඔහු තරුණයකු වූ අතර කතා කළේද සිත් ඇදගන්නා ලෙසය.

ඔව් සර්... සර්ට කොහොමද වෙන්න ඕනේ.

දැන් මොනවද වෙන්නේ... ලියුම්කරු ඇසීය.

සර් මසාජ් එක දෙන්නේ. දෙන්නම එන්නත් පුළුවන්, නැත්තන් අක්කට එන්නත් පුළුවන්. හැබැයි සර්ගේ තැනක් වෙන්න ඕන ඔහු කීය.

ආහ් එහෙමද... මම බලාපොරොත්තු කඩවූ ලෙස කතා කළෙමි.

සර්ට නුගේගොඩට එන්න පුළුවන් නම් අපි දන්න තැනක් තියෙනවා. කාමරේ 1300යි... ඔහු කීය.

හරි ඔයාලගේ ගාණ කීයද...?

අපේ කපල් එකම නම් 8000යි. අක්කා නම් 5000යි. තරුණයා කීවේය.

මා ඇත්තද යනුවෙන් විමසූ මම ඇමතුම විසන්ධි කිරීමට සූදානම් වූයෙමි.

සර්ට ඕනේ නම් මෙහෙම කරන්න පුළුවන්. අපිට රුපියල් 2000ක් අකවුන්ට් එකකට හරි ඊෂි කෑෂ් හරි කරන්න. අපි ඔන්ලයින් ඇවිත් වීඩියෝ චැට් කරමු. සර් කියන විදිහට අපි ඉන්නම් එම තරුණයා කීවේය.

ආහ් එහෙමද... ඇසූ මම දුරකථනය විසන්ධි කළෙමි.

ලියුම්කරු එදින නැවත ඇමතුම් ලබාගත්තේ නැත. ඊට පසුදින නැවතත් ලියුම්කරු වෙබ් අඩවිය පරීක්ෂා කළේය. පුදුමය නම් එදින ඔවුන් සඳහන් කර තිබූ දැන්වීම හාත්පසින්ම වෙනස් වී තිබීමයි.

රූමත් තරුණියන් අතින් ශරීර සම්භාහනය... අදාළ අංකයද එහි යොදා තිබුණේය.

මගේ දුරකථනයෙන් සුපුරුදු අංකයට ඇමතුමක් ලබගත්තෙමි. නැවතත් සුපුරුදු පරිදි ඇමතුවේ කලින් සඳහන් සිද්ධියේ කාන්තාවමය. එහෙත් එදින ශබ්දය අඩුවී තිබුණේය. ලයාන්විත ලෙස කතා කළේය.

........... ස්පා..... ඔව් සර් කතාකරන්න...

කොහොමද පැකේජ්.... ලියුම්කරු විමසීය.

සර් 2000 ඉඳලා 6000 ට යනකල් තියෙනවා.... ඈ කීවාය.

දැන් කෙල්ලෝ කීයක් ඉන්නවාද...?

සර් 23 ඉඳලා 35 යනකල් කට්ටිය ඉන්නවා....

ඔයත් ඉන්නවද...? ලියුම්කරු ඇසීය.

ඈ ලජ්ජාවෙන් මෙන් ඔව්... කීවාය.

ඔයාගේ වයස...?

33යි සර්... ඈ කිවේය. මීට දවසකට පෙර හතළිහක් වූ ඇගේ වයස හතකින් බාල වී තිබිණි.

දැන් අර ඔන්ලයින් වැඩේ කරන්නේ නැද්ද...  ලියුම්කරු විමසීය.

සර් කොහොමද දන්නේ. සර් කස්ටමර් කෙනෙක්ද...?

ඔව් මම දෙපාරක් ගත්තා... ඒකනේ මතක නෑනේ...?  ලියුම්කරු කීය.

කොහෙ මතක් වෙන්නද කීදෙනෙක් එනවද...?  ඈ කීවාය.

වැඩිපුර එන්නේ කොල්ලොද අංකල්ලද...?

එහෙම කියන්න බෑ. හැබැයි මේ පොඩි පොඩි කොල්ලෝ කුරුට්ටෝ නම් මළවදයක්. සමහර උන් දවසට දෙපාර ගාෙණ් ඊෂි කෑෂ් දානවා... ඈ කියාගෙන ගියාය.

සමහර උන් මහ වදේනෙ. මඟදී ෆොන් එක ඕෆ් කරලා දානවා. නැත්තන් මළවදේ අනේ.... ඈ උස් හඬින් සිනාසෙලමින් කීවාය.

එහෙනම් අපිටත් එහෙම කරයි නේද...?  මම ඇසුවෙමි.

එහෙම නෑ. ඔයා දෙපාරක්ම ආවා කිව්වේ. හැබැයි ඇණයක් නම් දෙනවා මඟදී කට්.... එකඟනේ... යැයි ඈ කිය.

පව්නේ හලෝ කොල්ලන්ගේ සල්ලි...?

ඇත්තට... අපිට කවුද පව් කියන්නේ...? ඈ කීවාය. ඒ වැඩක් නෑ සර් ඇවිත් අපිට බිලක් කඩලා යන්නකෝ. මේ දවස්වල වැඩත් නෑ...

කෙල්ලෝ කීයක් ඉන්නවද? මම එන්න දැන්... මා විමසීය.

කෙල්ලෝ නෑ අනේ මම විතරයි. ඔය බොරුවට දානවා ඉන්නවා කියලා. ආපුවයින් පස්සේ උන් යන්නේ නෑ... ඒ වැඩක් නෑ. සර් එනවා නම් එන්න. අපි ඩිස්කවුන්ට් දාලා දෙන්නම්.... ඈ කීය.

කොල්ලෝ අහුවෙනවා නේද ඔයාට...?

අපෝ පිරිමි තරම් මෝඩ ජාතියක්. සමහර උන් එකවුන්ට් එකට සල්ලි දාලා ෆෝන් එකට රීලෝඩ් එකකුත් දානවා... ඈ පිරිමින්ට පොඩි පයින් පහරක්ද එල්ල කළාය.

ඊටපසු ඈ දුරකථනය විසන්ධි කළාය. ඇගේ කතාවෙන් ඈ සිදුකරන වංචාව කොහොමදැයි ඔබට දැනෙනු ඇත. ගමෙන් නගරයට විත් රැකියා කරන බොහෝ දෙනා මේ වංචාවට හසුවන බව පෙනෙන්නට තිබීම නිසා මේ සිද්ධීන් කීවේ එය හඳුනාගන්නටය. එම ගැටවලින් බේරීම හෝ හිරකර ගැනීම ඔබේ වගකීමකි. එසේ නොමැතිව අපට උපදෙස් ලබාදිය නොහැක.

 ගයාන් ගාල්ලගේ