ඉන්දියානු දේශපාලනයේ අලුත්ම නළු භූමිකාවට පිවිස ඇති කේරළ සිනමාවේ සුප්‍රකට නළු තලපති විජේ ඉකුත් ඉරිදා තමිල්නාඩුවේ විල්ලුපුරම් හි වික්‍රවන්දි හිදී සිය රාජ්‍ය මට්ටමේ මංගල දේශපාලන රැස්වීම පැවැත්වීය. ඔහුගේ පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂයේ මතවාදය ඉදිරිපත් කිරීම මෙම රැස්වීමේ අරමුණ වී තිබුණි. ඔහු සිය චිත්‍රපටවලට මෙන්ම එයට ද විශාල ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගත්තේය.
දෙමළ සිනමා නළුවන් දේශපාලනයට පැමිණීම අලුත් දෙයක් නොවේ. දිවංගත එම්ජී රාමචන්ද්‍රන් (එම්ජීආර්) සහ ජයලලිතා වැනි ජනප්‍රිය චිත්‍රපට නිරූපකයන් දශක කිහිපයකට පෙර ඒ ගැන පූර්වාදර්ශය ලබා දී තිබුණි. කෙසේ වෙතත්, කමල් හසන් සහ රජිනිකාන්ත්ගේ අත්දැකීම් පෙන්නුම් කරන පරිදි, සිනමා තරුවක වීමම පමණක් එරට දේශපාලන සාර්ථකත්වය සහතික නොකරයි. මේ දෙදෙනාම දේශපාලනය ආක්‍රමණය කිරීමට උත්සාහ කළ නමුත් අවසානයේ එයින් ඉවත් වූහ. විශේෂයෙන්ම රජිනිකාන්ත්, ඔහුගේ රසිකයන්ගේ සැලකිය යුතු අපේක්ෂාවන් පවා නොතකා, දේශපාලන පක්ෂයක් විධිමත් ලෙස පිහිටුවීමට පවා පසුබට විය.
කෙසේ වෙතත් තලපති විජේ නළුකමින් දේශපාලනයට පිවිසෙන්නේ වෙනස් ආකාරයකටය. මේ වනවිට විශිෂ්ටතම බොක්ස් ඔෆිස් තරුවක් ලෙස සිනමා දිවියේ උච්ඡතම අවස්ථාවට ළඟා වී සිටින ඔහු තම දේශපාලන අභිප්‍රාය ප්‍රසිද්ධියේ පැහැදිලි කරමින් තමිල්ගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය පිහිටුවා ගත්තේය. 2024 ඔක්තෝබර් 27 වැනි දින, විජේ, තමන් TVK නියෝජිතයා ලෙස තරග වදින බව රටට ජනතාවට නිවේදනය කළේය.
කේරළයේ තලපති විජේගේ නමින් එක්වූ රසික සංගමය හෙවත් ‘තලපති විජේ මක්කල් ඉයක්කම්’ ඔහුගේ අලුතින් අරඹන ලද දේශපාලන පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් (TVK) සඳහා ශක්තිමත් පිටුබලයක් ලබා දී ඇත. එහි අවධානය දැඩිව යොමුව ඇත්තේ තමිල්නාඩුවටය.
තලපති විජේ මක්කල් ඉයක්කම් තිරුවානන්තපුරම් ඒකකයේ සභාපති Noufeek Salim පැවසුවේ TVK පක්ෂයට කේරළ ශාඛාවක් සඳහා ක්ෂණික සැලසුමක් නොමැති නමුත් පක්ෂයට නියමිත වේලාවට කේරළය තුළ සිය බලය ව්‍යාප්ත කළ හැකි බවයි.
මේ අතර, කේරළ රසිකයන් ලබන වසරේ නිකුත් කිරීමට නියමිත විජේගේ ඉදිරි චිත්‍රපටය වන ‘තලපති 69’ සැමරීමට උත්කර්ෂවත් පිළිගැනීමක් සඳහා ඔවුන්ගේ අවධානය යොමු කර ඇත. “විජේගේ අවධානය දේශපාලනය වෙත යොමු වී ඇති අතර, අපි තවමත් සිනමාවට ඔහුගේ දායකත්වය දිගටම ප්‍රාර්ථනා කරමු.” යැයි නවුෆීක් පැවසීය.
විජේ 1974 ජූනි 22 දින තමිල්නාඩුවේ මදුරාසියේ (දැන් චෙන්නායි) ජෝසප් විජේ චන්ද්‍රසේකර් ලෙස උපත ලැබීය. ඔහුගේ පියා, S.A. චන්ද්‍රසේකර්, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන අතර, ඔහුගේ මව, ශෝබා චන්ද්‍රසේකර් පසුතල ගායිකාවක් සහ සංගීත ශිල්පිනියකි. ඔහුගේ පියා ක්‍රිස්තියානි සම්භවයක් ඇති අයකු වන අතර මව හින්දු භක්තිකයෙකි. විජේට විද්‍යා නම් සහෝදරියක් සිටි අතර ඇය වයස අවුරුදු දෙකේදී මිය ගියාය. විජේ, ඔහුගේ මව සහ නැසීගිය සොහොයුරියගේ ළමා වියේ පින්තූරයක් ඉකුත් දිනවල සමාජ මාධ්‍යවල සැරිසරමින්, ඔහුගේ සහෝදරියගේ ඛේදජනක වියෝව සිහිපත් කරමින් රසිකයන් තුළ අනුකම්පාව මුසු ශෝකී හැඟීම් මතු කළේය. විජේගේ සහෝදරිය වන විද්‍යා චන්ද්‍රසේකර් වයස අවුරුදු 2 දී මියගිය බව ප්‍රසිද්ධ කරුණකි. එතෙක් කටකාර, දඟකාර, අධි ක්‍රියාකාරී දරුවකු වූ විජේ තම සහෝදරියගේ මරණයෙන් පසු ඉතා නිහඬ වූ බව ඔහුගේ මව වරක් ප්‍රකාශ කර තිබුණි.
වසර 2005 දී ඔවුන්ගේ පියා වන S.A. චන්ද්‍රසේකර් විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලද Sukran චිත්‍රපටයේ, විද්‍යාගේ කතාව නිරූපණය කරන ලදී. විජේ එම චිත්‍රපටයේ නීතිඥයකු ලෙස දීර්ඝ චරිතයක් නිරූපණය කළේය. විජේ ඔහුගේ පාසල් අධ්‍යාපනය මුලින්ම කළේ කෝඩම්බක්කම් ෆාතිමා පාසලෙන් සහ පසුව විරුගම්බක්කම් බලලෝක් පාසලෙනි. ඔහු ලොයෝලා විද්‍යාලයෙන් දෘශ්‍ය සන්නිවේදනය පිළිබඳ උපාධියක් හැදෑරීය. වයස අවුරුදු 10 දී, විජේ 1984 දී පී.එස්. වීරප්පා විසින් නිෂ්පාදනය කරන ලද වෙට්‍රි දමිළ චිත්‍රපටයේ ළමා නළුවකු ලෙස සිය මංගල දර්ශනය ආරම්භ කළේය. ඉන්පසු ඔහු කුඩුම්බම් (1984), වසන්ත රාගම් (1986), සත්තම් ඔරු විලයාට්ටු (1987) සහ ඉතු එංගල් නීති (1988) වැනි චිත්‍රපටවල ළමා නළුවකු ලෙස රඟපෑවේය. ඔහු ඔහුගේ පියා විසින් අධ්‍යක්ෂණය කරන ලද Naan Sigappu Manithan (1985) චිත්‍රපටයේ රජිනිකාන්ත් සමඟ සහාය චරිතයක් ද රඟපෑවේය.
විජය ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ 1992 දී නාලයා තීර්පු චිත්‍රපටයේය. විජේ පසුව සෙන්තූරපාණ්ඩි, රසිගන්, දේවා සහ කොයිම්බතූර් මාප්පිල්ලෙයි චිත්‍රපටවල පෙනී සිටි අතර, ඒවායින් බොහොමයක් සාර්ථක විය. 1996 දී, විජේ, වික්‍රමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද Poove Unakkaga චිත්‍රපටයේ රඟපෑ අතර, එය ඔහුට අනුව ඔහුගේ ආරම්භක ජනප්‍රියත්වය ලබා දුන්නේය. 1997 දී විජේ කලමල්ලම් කතිරුප්පෙන් සහ ලව් ටුඩේ චිත්‍රපටවල රඟපෑවේය.
2000 දී, ඔහු වාණිජමය වශයෙන් සාර්ථක වූ ආදර චිත්‍රපට වන කුෂි සහ ප්‍රියමානවලේ සමඟ ඔහුගේ 25 වැනි චිත්‍රපටය වූ විචාරාත්මකව සාර්ථක වූ කන්නුක්කුල් නිලවු චිත්‍රපටයේ රඟපෑවේය. 2001 දී, ඔහු හැට්‍රික් බොක්ස් ඔෆිස් සාර්ථකත්වය වාර්තා කළේය. ඒ ප්‍රියංකා චොප්රා සමඟ Tamizhan ක්‍රියාදාම චිත්‍රපටයේ රඟපෑමට පෙරය. පසුව, ඔහු එම වසරේ ‘මියූත්’ ප්‍රේමාන්විත චිත්‍රපටයේ සහ බගවතී ක්‍රියාදාම චිත්‍රපටයේ පෙනී සිටියේය. විජේ 2003 ආරම්භ කළේ වසීගර සහ පුධිය ගීතායි සමඟිනි. මෙලෙස ඔහු පිට පිට බොක්ස් ඔෆිස් වාර්තා තැබූ දමිළ සිනමා තරුව ලෙස ආසියානු සිනමාවේද ඉහළම ආකර්ෂණය ලබාගත් ජනකාන්ත තේරීම බවට පත් විය.
2009 දී විජේ ඔහුගේ රසික සමාජය විජේ මක්කල් ඉයක්කම් ද ඇරැඹීය. ඒ සංවිධානය 2011 සභා මැතිවරණයේදී ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. සන්ධානයට සහාය දැක්වීය. රසික සමාජ සංවිධානය 2021 ඔක්තෝබර් මාසයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ පළාත් පාලන මැතිවරණයට තරග කළ අතර තරග කළ ආසන 169 න් 115 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
2024 පෙබරවාරි 2 වැනි දින, විජේ ඔහුගේ දේශපාලන පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් අරඹන බව නිවේදනය කළේය. දේශපාලන විශ්ලේෂකයන් යෝජනා කළේ TVK පක්ෂය ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවලට ද ව්‍යාප්ත විය හැකි බවයි. මේ වනවිට සම්ප්‍රදායික පක්ෂයන්ටද අභියෝගයක් වෙමින් ඉන්දියානු දේශපාලනයේ නව රැල්ලක් මවමින් ඉදිරියට එමින් සිටියි.විජේ, 1999 අගෝස්තු 25 දින ශ්‍රී ලාංකික දෙමළ ජාතික සංගීතා සමඟ විවාහ විය. ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටිති. වාර්තා වන අන්දමට 2021 වන විට, විජේගේ ශුද්ධ වත්කම් වටිනාකම රුපියල් කෝටි 420 ඉක්මවයි. විජේ ‘බීස්ට්’ සඳහා රුපියල් කෝටි 100 ක වැටුපක් උපයාගත් අතර ‘වරිසු’ සඳහා ඇස්තමේන්තුගත රුපියල් කෝටි 120 - රුපියල් කෝටි 150 ක් උපයා ඇත. 2023 දී, ඔහු ඉන්දියාවේ ඉහළම වැටුප් ලබන නළුවකු බවට පත්වෙමින් රුපියල් කෝටි 200 ක වැටුපක් ලැබූ බව වාර්තා වේ. 2024 දී, ඔහුගේ වැටුප් චෙක්පත රොබට් ඩව්නි ජූනියර්ට වඩා වැඩි විය.
2020 පෙබරවාරි 5 වැනි දින, ආදායම් බදු දෙපාර්තමේන්තුව, විභව බදු පැහැර හැරීම් සහ නිශ්චල දේපලවල ඔහුගේ ආයෝජන මත චෙන්නායි හි විජේගේ නිවෙස වටලන ලදී. පසුව, නිලධාරීන් ප්‍රකාශ කළේ වැටලීමේදී සැලකිය යුතු කිසිවක් හමු නොවූ බවයි. ජූලි 13 දින, මදුරාසි මහාධිකරණය 2012 දී විජේ විසින් එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලද ඔහුගේ Rolls-Royce Ghost මෝටර් රථය සඳහා ඇතුළුවීමේ බද්දෙන් නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් ප්‍රතික්ෂේප කර රුපියල් ලක්ෂයක දඩයක් නියම කරන ලදී. 2021 ජූලි 27 දින, මදුරාසි මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙර නියෝගය අත්හිටුවන ලදී. 2022 ජනවාරි 25 දින, උසාවිය විසින් කලින් විනිසුරුවරයා විසින් කරන ලද විවේචනාත්මක ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ලද අතර, 2022 ජූලි 15 වැනි දින, කිසිදු දඩයක් නියම නොකරන බව අධිකරණය ප්‍රකාශ කළේය.
• සුගත්