• මහාචාර්ය චන්දිම ජීවන්දර ලොව හොඳම තරුණ පර් යේෂකයන් අතරට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන මහාචාර්ය චන්දිම ජීවන්දර මහතාගේ නම ලෝකයේ තරුණ පර් යේෂකයන් සඳහා වූ විශිෂ්ටතම සම්මානයක් සඳහා නිර්දේශ වී තිබේ. මේ සම්මානය සඳහා ලංකාවෙන් නිර්දේශය ලැබූ මුල්ම තැනැත්තා බවට මහාචාර්ය චන්දිම ජීවන්දර වෛද්‍ය පර්යේෂණ ඉතිහාසයට එක්වේ.
“ප්‍රතිශක්තිකරණවේදය සඳහා වූ බ්‍රිතාන්‍ය සමාජය” විසින් වාර්ෂිකව මෙම සම්මාන ප්‍රධානය සිදුකරයි. BSI පර් යේෂණ විශිෂ්ටතා සම්මානය, මුල් වෘත්තීය පර්යේෂණ සඳහා වන BSI විශිෂ්ටතා සම්මානය සහ BSI කැපී පෙනෙන පර් යේෂණ කණ්ඩායම් සඳහා වූ සම්මානය, ප්‍රතිශක්තිකරණ ඉගැන්වීමේ විශිෂ්ටතා සම්මානය ඇතුළු අංශ 6ක පර්යේෂණ දායකත්වයන්හි විශිෂ්ටයන් සඳහා මෙය පිරිනැමේ.
BSI Early Career Research Excellence ලෙස නම් කර ඇති මේ සම්මානය මගින් තම වෘත්තීය ජීවිතයේ මුල් අවධියේදී ප්‍රතිශක්තිකරණ
පර් යේෂණ සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් පුද්ගලයන් හඳුනාගෙන ඇගැයීම සිදුකරයි. විවිධ ආකාරවලින් ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ අනාගතය හැඩගස්වන්නට දායක වූ පුද්ගලයන්ගේ සහ කණ්ඩායම්වල කැපී පෙනෙන පර් යේෂණාත්මක ජයග්‍රහණ සැමරීම මේ සම්මානවල අරමුණයි. ඒ අනුව පසුගිය වසර දහයක කාලයක් පුරා සිය ක්ෂේත්රයේ උන්නතියට හේතුවන ආකාරයට මහාචාර්ය චන්දිම සිදුකළ පර් යේෂණ සලකා බලා මෙම මහඟු සම්මානයට ඔහු නිර්දේශ ලබා ඇත. මෙවර තරුණ පර් ෂකයින් සඳහා වූ සම්මානයට එම ක්ෂේත්රයේ දක්ෂතා දක්වන විද්‍යාඥයින් හය දෙනෙකුගේ නම් නිර්දේශ කර ඇති අතර ඉන් 05 දෙනෙක්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් වීමත්, ඒ අතර සිටින එකම ආසියාතික පර් යේෂණ විද්‍යාඥයා මහාචාර්ය චන්දිම වීම මෙහි විශේෂත්වයකි. මහාචාර්ය ජීවන්දර 2012 සිට BSI හි සාමාජිකයෙකි.
තමන් ගැන කතා නොකරන සිය පර් යේෂණ කටයුතු වෙතම නිමග්නව සිටින සහ ඒ ගැන සතුටින් කතාකරන මහාචාර්ය චන්දිම ජීවන්දර වෛද්‍යවරයෙකු, පර් යේෂකයකු, මෙන්ම විශිෂ්ට ගුරුවරයෙකු ලෙස තමන්ට ලැබෙන සීමිත සම්පත් යොදා ගනිමින් මහත් කැපවීමකින් යුතුව සිය රටට ජනතාවට සේවයේ යෙදෙන අපේ රටේ පර්යේෂණ විද්‍යාඥයින් අතර ප්රමුඛයෙකි. ශ්‍රී ලංකාව තුළ ඩෙංගු පර් යේෂණ කටයුතු සඳහා ප්රමුඛ දායකත්වයක් ලබාදුන් තැනැත්තෙකි. පසුව කොවිඩ්19 වසංගත සමයේ ඒ පර් යේෂණ සහ පාලන කටයුතුවල ඉදිරියෙන් සිටි චරිතයකි. ඔහුගේ තවත් සුවිශේෂි දායකත්වයක් ලැබී ඇත්තේ ලංකාව තුළ අඩු කතාබහකට සහ අවධානයකට ලක්ව ඇති අසාත්මිකතාවන් පිළිබඳ පර් යේෂණ සඳහාය. ඒ සම්බන්ධව අදහස් දක්වන ඔහු කියන්නේ කුඩා කළ තමන් තුළ රටකජු හේතුවෙන් ඇතිවූ අසාත්මිකතාවන් නිසා හටගත් පීඩාවන් හේතුවෙන්ම මෙරටදී වැඩි අවධානයක් හෝ සම්පත් දායකත්වයක් නොලැබෙන මේ ක්ෂේත්රය ගැන අධ්‍යයනයට සහ පර් යේෂණයන්හි යෙදීමට තමා යොමුවූ බවයි.
ඒ අනුව ඔහු අසාත්මික රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ රෝගී සත්කාරය සඳහා “ජීවිතයක් සුරකින්න” නමැති ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, රට පුරා අසාත්මික ඇනෆිලැක්ටික් රෝගීන්ගේ තොරතුරු එක්රුස් කරන ජාතික ඇනෆිලැක්සිස් ලේඛනාගාරය අරඹා ශ්‍රී ලංකාවේ පළමු අසාත්මිකතා සායනයද ස්ථාපිත කර තිබේ. මේ විශිෂ්ට විද්‍යාඥයා දැනට මෙම ව්‍යාපෘතිය පුළුල් කරමින් සහ “2025 වනවිට ඇනෆිලැක්සිස් හේතුවෙන් සිදුවන මරණ ශූන්‍ය” කිරීමේ ඉලක්කය වෙත යාමට පරිත්‍යාගශීලීන් සහ හවුල්කරුවන් සොයමින් සිටියි.
ඔහු මේ වනවිට විවිධ පර් යේෂණ ප්‍රකාශන 50කට වැඩි ප්‍රමාණයක් විද්‍යාවට දායක කර ඇති විශිෂ්ටයෙකි. කොළඹ විශ්වවිද්‍යාලය, මගින් ශල්‍යකර්ම සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ MBBS උපාධියත්, පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාද් PgDFMඋපාධියත්, පවුල් වෛද්‍ය විද්‍යාව පිළිබඳව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලය, වෙතින් UK MRCGP උපාධියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙතින් ප්‍රතිශක්ති විද්‍යාව සඳහා වූ ආචාර්ය උපාධිය හිමිකරගත් විද්වතෙකි.
2016 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රන් පදක්කම් ලාභියකු වන ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය පර් යේෂණ සඳහා 2013, 2015, 2016 යන වසරවල ජනාධිපති සම්මාන උපහාර ලැබීය. 2012, 2014 විද්‍යාත්මක ප්රකාශනය සඳහා ජාතික
පර් යේෂණ කවුන්සිල කුසලතා සම්මානයද, 2015, 2016, 2017 අඛණ්ඩව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වසරේ හොඳම තරුණ
පර් යේෂකයා සම්මානයද, 2016 වසරේ දකුණු ආසියානු කලාපයේ ජාතික විද්‍යාල, විද්‍යාපීඨ සහ සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ/පවුල් වෛද්‍යවරුන්ගේ අධ්‍යයන සංගම්වල ලෝක සංවිධානයේ හොඳම තරුණ පර් යේෂකා ඇතුළු තවත් සම්මාන ගණනාවකින් පිදුම් ලබා සම්භාවනාවට ලක්වූ තැනැත්තෙකි.
BSI Early Career Research Excellence Award හි ජයග්‍රාහකයාව අප්‍රේල් 20 වැනිදා නම් කිරීමට නියමිත බව ප්‍රතිශක්තිකරණවේදය සඳහා වූ බ්‍රිතාන්‍ය සමාජය සඳහන් කරයි. දේශය පාඨකයන් වෙනුවෙන් මේ විශිෂ්ට විද්වතාට අපේ ප්‍රණාමය පුද කරමු!
I සුගත් පී. කුලතුංගආරච්චි