2022 නොවැම්බර් 13 වන ඉරිදා

මුහුදේ ගිලෙන්නට ගිය ලංකාවේ 300ක් බේරාගත් මෙහෙයුම

 2022 නොවැම්බර් 13 වන ඉරිදා, පෙ.ව. 06:00 94

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනෙකු සහිතව මියන්මාරයේ ධජය සහිතව වියට්නාමය ආසන්න මුහුදේ අනතුරට ලක්ව සිටි ට්‍රෝලර් යාත්‍රාවක් වන "Lady R3" යාත්‍රාවේ පිරිස හීලියස් ලීඩර් නමැති ජපාන යාත්‍රාවකින් බේරා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදි. මේ සංක්‍රමණික පිරිස සහිත යාත්‍රාව දැඩි සුළඟකට මුහුණ දී සිටියදී එය තුළට ජලය කාන්දු වී අනතුරට ලක්වනවිට එය මියන්මාරයේ සිට කැනඩාව දක්වා යාමට උත්සාහ කරමින් නාවික සැතපුම් 6000කට වැඩි දුරක් වියට්නාම වෙරළට ඔබ්බෙන් ස්ථානගතව තිබුණි.

නොවැම්බර් 6 වැනි දින සවස 6ට, ට්‍රෝලර් යාත්‍රාව බිඳ වැටී Vung Tau තුඩුවේ සිට නාවික සැතපුම් 260කට ආසන්න දුරකට මුහුදේ ගසාගෙන ගියේය. කැළඹිලි සහිත සුළඟට මුහුණ දෙමින් සිටි මේ නැව අනතුරැ ඇඟවීම් සංඥා යැවීය. වියට්නාම සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට (MRCC) ආපදා සංඥාව ලැබුණු අතර සහාය සඳහා ජපන් මෝටර් රථ ප්‍රවාහකයක් වන Helios Leader එම ස්ථානයට යැවීය.

පසුදා සවස 3 සිට සවස 7 දක්වා අතර කාලයේ හීලියස් ලීඩර් එම අඩවියට පැමිණියේය. පැය 10ක් පමණ ගතවූ මෙහෙයුමකින් පිරිමින් 264ක්, කාන්තාවන් 19 දෙනෙක් සහ ළමුන් 20 දෙනෙක්  ඇතුළු 303ක් වූ සියලුම සරණාගතයන් සහ කාර්ය මණ්ඩලය ආර් 3 ආර්යාව යාත්‍රාවෙන් ඉවත් කර නැවට ගෙන එන ලදී. තවත් වෙළෙඳ යාත්‍රා පහක්ද එම ස්ථානයට පැමිණ ඇති අතර කිසියම් සහායක් අවශ්‍ය නම් ඒවා සූදානම් කර තිබී ඇත.  ඉන් අනතුරුව ජපන් යාත්‍රාව සිය ගමන් මග වෙනස්කර බේරාගත් පිරිස වියට්නාමයට භාර දීමට කටයුතු කළේය.

Vung Tau හි ස්ථානගත කර ඇති වියට්නාම සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් යොදවා තිබු SAR 413 නෞකාවට ගොඩවීමට ශ්‍රී ලාංකිකයන් පිරිස අඟහරැවාදා හීලියෝස් ලීඩර් වෙතින් පිටත් විය. SAR 413 ට අමතරව, වියට්නාම බලධාරීන් ගලවාගත් පුද්ගලයන්ට ආහාර පාන සැපයීම සඳහා වෙනත් නැව් 5ක්ද යොදවා ඇත. අවශ්‍ය ආධාර සැපයීම සඳහා වෛද්‍ය නිලධාරීන්ද යාත්‍රාවේ සිටියහ.

SAR 413, යාත්‍රාව ජපන් යාත්‍රාව සමඟ සම්බන්ධ වීමට හැකිවූ එකම යාත්‍රාව වන අතර, බේරාගත් සියලුම පුද්ගලයන් ගෙන ඒම සඳහා එයට සංචාර දෙකක් කිරීමට සිදු විය. බදාදා උදෑසන වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම බොහෝදුරට අවසන් විය.
38 හැවිරිදි කේසවන් ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු සමග දුරකථනයෙන් කතා කළේ ඔවුන්ගේ ගමන ගැන විස්තර කරමිනි. එහිදී කේසවන් පැවසුවේ ඒජන්සියක් මගින් තමන් සහ අන් අය විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගමන පිටත් කළ බවය. ඔහු සහ අනෙක් අය ඔක්තෝබර් 9 වැනි දින ෙල්ඩිආර් 3 වෙත බස් රථයකින් ප්‍රවාහනය කළ බවත්, සංචාරය සඳහා ඔහුගෙන් ඩොලර් 5,000ක් ලබාගත් බවත් නෞකාව පැරණි හා කුඩා වූ අතර එහි විශාල පිරිසක් සිටි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ඇති සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසා ඇත්තේ මුදාගත් පුද්ගලයන්ට ප්‍රමාණවත් ආහාර සහ සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය කරන බවයි. Ba Ria-Vung Tau ජනතා කමිටුවේ නියෝජ්‍ය සභාපති Nguyen Cong Vinh ද පැවසුවේ මුදාගත් පුද්ගලයන්ට පළාත් පාලන ආයතන විසින් හොඳින් රැකවරණය ලබාදෙන බවයි.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Le Thi Thu Hang පැවසුවේ වියට්නාම නීතියට සහ ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුකූලව මානුෂීය සහය ලබාදීමට අමාත්‍යාංශය ජාත්‍යන්තර සංවිධාන සහ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.
පිරිස අතරින් කිසිදු තුවාලකරුවකු වාර්තා වී නොමැති අතර, සරණාගතයන් වියට්නාම වෙරළාරක්ෂක බලකායට මාරුකර යැවිණි. සරණාගතයන් ආපසු ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වියට්නාම සහ ශ්‍රී ලංකා රජයන් අතර සාකච්ඡා කිරීමට නියමිත විය.
මේ වසරේ මිලියනයකට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවෙන් විදේශගත වී ඇත. මෙම නික්ම යාමට ඔවුන් පොළඹවන්නේ කඩාවැටෙන ආර්ථිකය බව ජාත්‍යන්තර මාධ්‍ය මේ සිද්ධිය උපුටා දක්විමින් වාර්තා කර තිබුණි. මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේ, බේරාගත් ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික කතාබහ අරඹා ඇති බවයි. 

I  සුගත් පී. කුලතුංගආරච්චි