
අධික ලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම, ඉන්ධන හිඟය, ගෑස් හිඟවීම පැය ගණනාවක් දිගු පෝලිම්වල ගතකිරීමට සිදුවීම හේතුකොට ගෙන ජනතාවගේ කනස්සල්ල වැඩිවීමත් ඔවුන්ගේ කෝපය රජය වෙත ඍජුව එල්ල කිරීමත් හේතුවෙන් කිසිදා උණුසුම් නොවූ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් නිසා මහනුවර නගරයේ වීථි පසුගිය සති කිහිපය පුරා ජනයාගෙන් පිරී ඉතිරී ගියේය.
විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, ව්‍යාපාර ක්ෂේත්රයේ නිරත වූවන් (වෙළඳ සංගම්) ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් ගුරු හා රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ක්ෂේත්රයේ නියුතු වූවන්, වෛද්‍ය හෙද, හෙදි, අතුරු වෛද්‍ය සේවා සාමාජික සාමාජිකාවන් සහ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්, විරෝධතා පුවරු රැගෙන මහනුවර නගරයේ වීථිවල එක් රොක්වෙද්දී නගරය මිනිස් හිස් ගොඩකින් වැසී ගියේය.
දේශපාලන පක්ෂ නියෝජනය කරන්නන් ශිෂ්‍ය සංගම් මෙම උද්ඝෝෂණවලට එක්වූයේ කිසිදිනෙක මහනුවර නගරයට එක්රැස් නොවූ ජනගඟක් ලෙසිනි.
දරාගත නොහැකි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම, පෝලිම්වල පැය ගණන් රැය පහන් වනතුරා රැඳී සිටියද ඉන්ධන හා ගෘහස්ත ගෑස් ලබා ගැනීමට නොහැකි වීම නිසා දැඩි අපහසුතාවයට පත් වූ ජනතාව පක්ෂ ජාති, ආගම් බේදයකින් තොරව රාජ්‍ය පාලකයන්ට දෝෂාරෝපණය කරමින් අවසානයේ උද්ඝෝෂණ පෙළපාලි කරා යොමුවූහ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් ආරම්භ කළ දහස් ගණනකින් යුත් සිසු සිසුවියන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටවී මහනුවර නගරයේ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු රැගෙන මහමඟට අවතීර්ණ වීමත් සමඟ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු ශිෂ්‍ය සාමාජික, සාමාජිකාවන් වළක්වාලීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබීය.
කඳුළු ගෑස් ප්රහාරයන් නිසා පේරාදෙණිය ගලහ මංසන්ධියේ සිට මහනුවර නගරයට ඒමට පෙළපාළි සෑදුණු උද්ඝෝෂණයේ යෙදුණු සිසු සිසුවියන්ට පසුබැසීමට සිදුවිය. කෙසේ වෙතත් ඉන් නොනැවතුණු ශිෂ්‍ය ප්‍රජාව ඊට පසුදින තවත් අති දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කරමින් මහනුවර නගරය මුළුමනින්ම ආක්‍රමණය කරමින් සිය විරෝධතාවය ආරම්භ කළහ.

මෙම උද්ඝෝෂණ රුල්ලට එකතු වූ මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ වෙළඳ සංගම් (මුස්ලිම් හා හින්දු වෙළඳ සංගම්, මධ්‍යම පළාත් වාණිජ මණ්ඩල) නීතිඥ සංගම් සාමාජික සාමාජිකාවන් හා ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයන් දින කීපයක් ආණ්ඩුවට සිය විරෝධය පළ කරමින් උද්ඝෝෂණයන්ට එක්වී සිටියහ. අනපේක්ෂිත ලෙස උද්ඝෝෂණයට එක්වූ සිය දහස් ගණනක් වූ විරෝධතාකරුවන් මහනුවර නගරයේ මහාමාර්ග අවහිර කිරීමත් සමඟ මහනුවර නගරය තුළ දැඩි රථවාහන තදබදයක්ද ඇතිවිය.
පෞද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරණ තරුණ ශිෂ්‍ය ප්රජාවද ප්‍රථම වතාවට විරෝධතා පුවරු රැගෙන මහනුවර නගරයේ වීථිවලට රැස්වූයේ රටතුළ උද්ගත වී තිබෙන දැඩි ආර්ථික අපහසුතාවයනට විරෝධය පළ කරමිනි.
උද්ඝෝෂණ හා විරෝධතාවයනට එක්වූ ඇතැම් පාර්ශ්වයන් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවෝය. ඔවුන්ගේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය සඳහාද ඇතැමුන් විරෝධතාවයනට සම්බන්ධ වූහ.
මෙම විරෝධතාවයන් සඳහා මහනුවර ඇතැම් බස්නායක නිලමේවරුන්ගේ වක්රාකාර සහායක් ලැබී තිබූ බව මහනුවර ජනතාව අතර කතාබහට ලක්වුවද ඒ සඳහා ප්‍රමාණවත් විශ්වාසනීය තොරතුරු අනාවරණය නොවිණි. මහනුවර නගරයේ අඛණ්ඩ උද්ඝෝෂණ හා විරෝධතා රැලි පැවතියද ඒ සඳහා සහභාගී වූයේ එකම පාර්ශ්වයක තරුණ කොටස් වීමද විශේෂයෙන් දැකගන්නට ලැබිණි.
ග්‍රාමීය ප්‍රජාව මෙම අඛණ්ඩ උද්ඝෝෂණවලට ස්වේච්ඡාවෙන් සහභාගි වීමේ ප්‍රවණතාවයක් දැකගන්නට නොලැබුණු අතර ඇතැම් ග්‍රාමීය පෙදෙස්වල දේශපාලන පක්ෂ සංවිධාය කරන ලද උද්ඝෝෂණ සඳහා ග්‍රාමීය ජනතාව සුළු වශයෙන් සහභාගී වී සිටියහ.
කෙසේ වෙතත් දිනෙන් දින ඉහළ යන සහල්, සීනි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි මිල වැඩිවීමත්, ඉන්ධන හිඟය ඖෂධ මිල අධික වීම, ගෘහස්ථ ගෑස් සපයා ගැනීමට නොහැකි වීම යන පීඩනකාරී තත්ත්වය යටතේ දිවා රාත්‍රී පෝලිම්වල රුඳී සිටින සාමාන්‍ය ජනතාව නගරයේ උද්ඝෝෂණ හා විරෝධතාවයන්ට එක්වූ පිරිස්වලට සිය සහාය පළ කිරීමද මහනුවර නගරයේදී දැකගන්නට ලැබිණි. නගරයේ වීථිවල ධාවනය වන රථවාහන නළා හඬවමින්ද මෙම උද්ඝෝෂණවලට රථවාහන පදවන්නන්ගේ සහායද උපරිමව ලබාදීම සිදුවිය.
එහෙත් ප්‍රචණ්ඩකාරීව හැසිරුණු ඇතැම් පෞද්ගලික බස් රථ සේවකයන් 20 වැනි දින පෙරවරුවේ නුවර දිගන, මහියංගණ නුවර ධාවනය වූ ලංගම බස්රථ රියදුරන්ට තර්ජනය කරමින් බස්රථවලට පහරදෙමින් මගීන්ටද බැණ වදිමින් ඔවුන් බලහත්කාරයෙන් බස් රථවලින් බස්සවා පීඩා කිරීම නිසා පොලීසිය මැදිහත් වී ඔවුන් ඉවත් කර බස්රථවලට ධාවනය කිරීමට ඉඩ ලබා දුන්නේය.
මහජනතාව පීඩාවට පත් කරවමින් මහ පාරවල්වලට කොට දමා අවහිර කර මහජනතාවට යන එනමං නැති කිරීම සම්බන්ධයෙන් මහජනතාව ප්‍රචණ්ඩකාරීව හැසිරී උද්ඝෝෂණය කළ පිරිස් වෙත විරෝධය පළ කළහ.
ලංකා බැංකු සේවක සංගමයේ සාමාජික සාමාජිකාවන්ද සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජික සාමාජිකාවන්ද මහනුවර නගරයට එක්රුස් වී (20) රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
ජේ.ඒ.එල්. ජයසිංහ
තෙල්දෙණිය චන්දන උඩුවාවල