
රට වෙනුවෙන් සැබෑ ලෙසම කැපකිරීම් සිදුකරන්නේද රටක අගය දන්නා මිනිසුන්ය. ගුවන දෙරණ රකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවන් මිනිසුන්ගෙන් සපිරි තැනකි. ගුවන් විරුවන්ගේ ඉතිහාසය දන්නා ශ්‍රී ලංකිකයන්ට එම සත්‍ය අමුතුෙවන් පැහැදිලි කළයුතු නොවේ. ඕනෑම ව්‍යසනයකදී පෙරට එන ගුවන් විරුවෝ වර්තමාන ආර්ථික අර්බුදය හමුවේද පෙරට පැමිණ සිටිති. මෙම කතාව ඒ පිළිබඳවය.
වර්තමාන ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගියදා සුවිශේෂී තීරණ කිහිපයකට එළඹියේය. ඉන් ජනප්‍රිය තීරණය වූයේ රජයේ මැති ඇමතිවරුන්හට ගෙවීම් ක්‍රමවේදයක් යටතේ ලබාදුන් අභ්‍යන්තර ගුවන් පහසුකම් සීමා කිරීමට ගුවන් හමුදාව ගනු ලැබූ තීරණයයි. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ විවිධ අවස්ථාවලදී ගෙවීම් ක්‍රමවේදකට යටත්ව ගුවන් පහසුකම් ලබාදීමය පසුගිය සමයේ ගුවන් හමුදාව කටයුතු කළේය. එහෙත් වර්තමාන ඉන්ධන අර්බුද හමුවේ ගුවන් හමුදාපතිවරයා තීරණය කර සිටියේ අත්‍යවශ්‍ය කටයුත්තකදී හැර මෙම පහසුකම තවදුරටත් අමාත්‍යවරුන් වෙත ලබා නොදීමයි.
මෙය හුදෙක් ඉන්ධන අර්බුද හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ලෙස අරුත් ගන්වා මෙම තීරණයේ වටිනාකම පහත හෙළීමට හැකියාවක් නොවේ. ඊට හේතුව නම් සැබැවින්ම ගුවන් හමුදාව සතුව මේ වනවිටත් ඉන්ධන සංචිත පැවතීමයි. කවර පරිමාණයේ අර්බුදයක් රටතුළ පැවතියද හමුදාවන් වෙත සැපයුම් ලබාදීමට ඕනෑම රජයක් කටයුතු කරයි. එය ශ්‍රී ලංකාවටද පොදු තත්ත්වයකි. එසේ එහෙයින් මෙහිදී පැහැදිලි වනුයේ ගුවන් හමුදාව ගුවන් හමුදාවේ තීරණයේ සුවිශේෂී බවයි.
ඇමතිවරුන්ට සීමා පැනවීම වර්තමාන ආර්ථික අර්බුද හමුවේ ගනු ලැබූ එක් තීන්දුවක් පමණි. මේ වන ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ගෙවීම් ක්‍රමවේදකට යටත්ව සිවිල් ඉල්ලීම මත ගුවන් යානා ලබාදීම ගුවන් හමුදාව මුලින්ම නවතා දමා තිබේ. මෙය ගුවන් හමුදාවට යම් ආදායමක් ලද කටයුත්තක් ලෙස හැඳින්වීම වරදක් නැත. එහෙත් මේ මොහොතේදී ගුවන් හමුදාව විසින්ම මෙම කටයුත්ත නවතා දැමීමට තීරණය කා ඇත්තේ ඉන්ධන සම්බන්ධ රට තුළ උද්ගතව ඇති තත්වය සලකා බලමිනි. සැබැවින් ගුවන් හමුදාව සිය ඉන්ධන සංචිත ආරක්ෂිතව පවත්වා ගෙන යෑමට වෙහෙසෙන බව මේ හරහා පැහැදිලි වේ.
සාමාන්‍ය තත්ත්වයක් යටතේ ගුවන් හමුදාව ආවේක්ෂණ කටයුතු සඳහා සහ ගුවන් පුහුණු වීම් සඳහා පියාසැරියන් සිදුකරනු ලබයි. ආවේක්ශණ කටයුවලදී මුහුදු සීමාවේ අනවසර ඇතුල්වීම් සේම රට අභ්‍යන්තරයේ සිදුවන වැලි ගොඩදැමීම් නීති විරෝධ වගාවන් ආදිය සම්බන්ධ අදියද ගුවන් හමුදාව නිරීක්ෂණ කොට වර්තා කරනු ලබයි. එසේම ගුවන් පුහුණුවීම් ඕනෑම ගුවන් හමුදාවක් සිය රාජකාරියක් ලෙස නිතැතින්ම සිදුකළ යුත්තකි. ගුවන් යානා පැදවීම යනු කුසලතාවක් වන අතර ගුවන් නියමුවන් නිරන්තරයෙන්ම පියාසර කිරීම සිදු කළ යුතුවේ. ඒ අනුව මෙම කටයුතු ද්ත්වයම ගුවන් හමුදාවකට අතිශය වැදගත් රාජකාරි බව පැහැදිලිය.
එහෙත් මේ මොහොතේ රට තුළ උද්ගතව ඇති තත්වය හේතුවෙන් ගුවන් හමුදාපතිවරයා මෙම ක්‍රියාවලීන් ද්විත්වය එකිනෙක ඒකාබද්ධ කරමින් සිදුකිරීමට උත්සාහ දරයි. ආවේක්ෂණ අතරේම ගුවන් පුහුණු වීම්ද සිදුකිරීම මේ වනවිටත් ගුවන් හමුදාව කටයුතු කරමින් සිටියි. මේ හරහා ගුවන් පියාසර කාලය අඩුකර ගනිමින් ඉන්ධන ඉතුරු කර ගැනීමට ගුවන් හමුදාවේ බලාපොරොත්තුවයි. සැබවින්ම මෙම ඉතා සාධනීය පියවරකි. එසේම එය එක්තරා ආකාරය කැපකිරීමකි.

ගුවන් හමුදාව සතු යානා වෙනුවෙන් ප්‍රධාන වශයෙන් ගුවන් යානා ඉන්ධන වර්ග දෙකක් භාවිත කරයි. එම ඉන්ධන සංචිත ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන අතර සංචිත අඩු වනවිට ගුවන් හමුදාවට වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිත කරමින් ඉන්ධන මිලදී ගැනීම සිදුකරයි. කෙසේ වෙතත් මේ වනවිට ගුවන් හමුදාවේ ඉන්ධන සංචිතවල හිඟයක් නොමැති බව පැහැදිලිව සඳහන් කළ යුතුය. ගුවන් හමුදාව සඳහන් කරන පරිදි අනවශ්‍ය ලෙස ඉන්ධන භාවිතා කොට රජයට අමතර බරක් නොවීමට ගන්නා උත්සාහයක් ලෙස ඔවුන් ඉහත තීරණ ක්‍රියාවට නංවනු ලබයි.
රට තුළ පවතින ආර්ථික අර්බුද හමුවේ ගුවන් හමුදාව, ගුවන් යානා ඉන්ධන ඉතිරි කරගැනීමට අමතර තවත් සාධනීය ක්‍රියාමාර්ග රුසක් අනුගමන කරයි. ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මෝටර් රථ ඉන්ධන, විදුලිය සහ ජලයද අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව උත්සාහ කරයි. වාහන භාවිත සම්බන්ධ රජය විසින් නිකුත් කරනු ලැබූ චක්‍රලේඛයද ගුවන් හමුදාව අකුරට ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ අනුව ඉන්ධන ඉතිරි කර ගැනීමේ අරමුණින් ගුවන් හමුදාව සතු වාහන ධාවනය අඩුකිරීම, සාමූහික වශයෙන් පිරිස් ප්‍රවහානය කිරීම ආදිය මේ වනවිටත් සිදුවේ.
සැබවින්ම ගුවන් හමුදාව විසින් අනුගමනය කරනු ලබම මෙම පිළිවෙත රාජ්‍ය අංශයේ බොහෝ සංවිධානවලට ආදර්ශයකි. මේ මොහොතේ රාජය අංශ කටයුතු කළයුතු වන්නේ මෙපරිද්දෙනි. ඉහත ක්‍රමවේදයන්ට අමතර මේ වනවිට බොහෝ රුස්වීම් සූම් තාක්ෂණය ඔස්සේ සංවිධානය කිරීමට ගුවන් හමුදාව කටයුතු කොට තිබේ. එසේම ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතයට ගුවන් හමුදාව තවත් ක්‍රමවේද භාවිත කර ඇති බව කියවේ. ඒ අනුව අප ආරම්භයේ කී පරිදි මෙය සැබැවින්ම රට වෙනුවෙන් සිදුකරන කැපකිරීමක් බව ඔබට පැහැදිලි වනු ඇත.
කෙසේ වෙතත් අවසානයේ විශේෂයෙන්ම සඳහන් කළයුතු කරුණු කිහිපයක් තිබේ. ජාතික ආරක්ෂාව සම්බන්ධ හෝ අපදා කළමනාකරණ සම්බන්ධ මෙම ක්‍රියාවලින් කිසිදු බලපෑමක් එල්ල නොවීමට ගුවන් හමුදාව ප්‍රවේසම් වේ. ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වීමට ගුවන් හමුදාව භට පිරිස් සහ ගුවන් යානා සූදනමින් තබා ඇත. එසේ එහෙයින් මෙම ගුවන් විරුවන්ගේ කැපකිරීම අවතක්සේරුවට කිරීමට කිසිවෙක් හට නොහැකිය. සැබවින්ම ඔවුන් ආර්ථික ව්‍යසනය හමුවේ පෙරට පැමිණි විරුවන්ය.
විශේෂ ස්තුතිය - ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතාට
සටහන - චමිඳු නිසල් ද සිල්වා