පෙබරවාරි පළමුවැනිදා මධ්‍යම රාත්‍රිය ඉක්මවා තිබුණි. කොහේදෝ සිට පැමිණි මෝටර් රථ දෙකක් නවත්වනවාත් සමඟ ඉන් බැසගත් පිරිස 15ක් පමණ වූහ. රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරය දෙසට ගිය පිරිස අත නංචකු හා බේස්බෝල් පිති කිහිපයක්ද විය. නේවාසිකාගාරයේ රුඳී සිටි ශිෂ්‍ය පිරිසකට පහර පිට පහර එල්ලකර ගාලගෝට්ටියක් සිදුකර තිබුණේ ඒ මොහොතේය.
ඒ සමඟම නේවාසිකාගාරයේ රුඳී සිටි සිසුන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ පිටතින් පැමිණි පිරිස පලාගොස් තිබුණි. ඒ අතර මැර පිරිසේ අයකු සමඟ මෝටර් රථයක් අල්ලා ගැනීමට ශිෂ්‍ය පිරිස සමත්ව ඇත. සිදුවූ පහරදීම හමුවේ සිසුන් සිව්දෙනකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අයකුගේ තත්ත්වය බරපතළ වූයෙන් ඔහු මීගමුව රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත රාගම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයට බලහත්කාරයෙන් ඇතු වී එහි සිටි වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හය දෙනෙක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මැර අදාල ප්‍රහාරය පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ක්‍රියාකාරින්ගේ රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමය ඇතුළු පාර්ශ්ව රුසක හා ජනමාධ්‍යවල අවධානයට ලක්ව පවතී.
වාර්තාවන ආකාරයට රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරය තුළ සිසුන් අතර පැවති ආරවුලකි. ඊට ආසන්නතම හේතුව නවකවදය ලබාදීම හා සම්බන්ධ බව කියැවේ. කෙසේ වෙතත් එම ආරවුල දෙපාර්ශ්වය අතර සමථයකට පත්ව තිබී ඇතැයිද පැවසේ. එසේ තිබියදී පිටස්තර පිරිසකගේ මැදිහත්වීම මත මෙකී ගැටුම ඇතිකර තිබේ. පහරදීම සඳහා පැමිණි මැර පිරිස අතර එක් අයකු සමඟ ඔවුන් පැමිණි මෝටර් රථයක් බලහත්කාරයෙන් රඳවා ගැනීමට සිසු පිරිස සමත්ව ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශය දැනුම්වත් කිරීමෙන් පසුව රාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් අදාළ පරිශ්‍රයට ගොස් තිබුණි. එම අවස්ථාවේ රඳවා තබාගෙන සිටි සැකකරු හා මෝටර් රථය පොලීසියට බාරදීමට සිසු පිරිස ක්‍රියාකර ඇත. ඒ අතර මැර පිරිස අතර සිටි අයකුගේ මුදල් පසුම්බියක් වැටී තිබියදී එයද පොලීසිය වෙත ලබාදී ඇත.
එහි තිබූ හැඳුනුම්පතක් අනුව අනාවරණය වී ඇත්තේ 2018 වසරේදී පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සිය පෞද්ගලික කාර්ය මණඩලයේ අයකුට එම හැඳුනුම්පත නිකුත් කර ඇති බවය. එම පුද්ගලයා බණ්ඩාරගම, කිඳෙල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද හඳුනාගෙන සිටී. ඔහුට අයත් මුදල් පසුම්බියේ තිබී ඩොලර් නෝට්ටු කිහිපයක් හමුව ඇත. මෙම පුද්ගලයා ඉහළ පෙළේ දේශපාලනඥයන් ඇසුරු කරන්නකු බවටද තහවුරුව පවතී.
සිසුන් බාරයට ගනු ලැබූ මෝටර් රථය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් එකක් බවද අනාවරණය වී ඇත. එම රථය පොල් සංවර්ධන මණ්ඩලය අයත් වන අමාත්‍යංශය බාර අමාත්‍ය පොල් කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම මත එම වාහනය අමාත්‍යංශය වෙත මුදාහළ එකක් බවද හෙළි වී ඇත
.සිසු දෙපිරිස අතර වූ ආරවුල මත එක් සිසුවකු විසින් මෙම බාහිර පාර්ශ්වය දැනුම්වත් කර නේවාසිකාගාරය වෙත ගෙන්වා ගෙන ප්‍රහාරය එල්ලකර ඇතැයිද වාර්තා වේ. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කරන්නේ සිසුන්ට පහරදීමට සම්බන්ධ සියලුම අය වහා අත්අඩංගුවට ගතයුතු බවය. එම සිසුන්ට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රජයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මැදිහත් වන බවද ඔහු කීය. මේ අතර වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට පහරදුන් මැරයන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් කරන ලෙසත් ඊට සම්බන්ධ රාජ්‍ය ඇමැතිවරයාට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය මවුපිය සංගමයේ ප්‍රකාශක වසන්ත අල්විස් මහතා පවසයි. එමෙන්ම වෛද්‍ය පීඨය තුළට මැරයන් රුගෙන ඒමට කටයුතු කළ හා වෛද්‍ය පීඨයට හා සමස්ත වෛද්‍ය ප්‍රජාවට අපකීර්තියක් එක්කළ සිසුවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද ඉල්ලා සිටී.
මෙයට සම්බන්ධ සැකකාර සිසුවා මීට ඉහතදීත් සිසුන් හා මෙවැනි ගැටුම් ඇතිකරගෙන තිබෙන බව කියැවේ. ඒ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් අධ්‍යන කාර්ය මණ්ඩලය දැනුම්වත් කර ඇතැයිද පැවසේ.
මේ අතර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබෙන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා ඔප්පු වුවහොත් තමා ඇමැති ධුරය අත්හරින බවය. මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පළකෙරුණේ අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාට සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇති බවකි.
රාගම වෛද්‍ය පීඨයේ ආරවුලට මැදි වූ සිසු දෙපිරිසේ අයකු නවකවදයට විරුද්ධ අයෙකි. ඔහු විශේෂඥ වෛද්‍යවරයකුගේ පුත්‍රයකු බවද කියැවේ. කෙසේ වෙතත් ප්‍රහාරය පිළිබඳව පොලිස් කණ්ඩායම් දෙකක් විසින් විමර්ශන ආරම්භ කොට තිබෙන අතර සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන සිටිති. පිරිස අතර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු යන අයද වෙයි.
මේ පිළිබඳ අදහස් දක්වන මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පත් කිරීමට කටයුතු කර ඇත. පරීක්ෂණ සඳහා පුද්ගල සාක්ෂි හා විද්‍යාත්මක සාක්ෂි යොදාගැනීමට නියමිතය.
අත් අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනාගෙන් පස් දෙනෙක් මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවෙති. ඔවුන් අතර තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකරුවකු වන වෛද්‍ය පීඨ සිසුවෙක්ද වෙයි.
සිද්ධියෙන් පසුව රාගම පොලීසියට බාර වූ සැකකරුවන් තිදෙනෙක් හා තවත් අයෙක් සැකකරුවන් අතර සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක අංශයක සාමාජිකයෙක් ඇතුළු 10 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් පිරිස නීති විරෝධී රුස්වීමක සාමාජිකයන් වීම, පහරදී තුවාල සිදුකිරීම, අයුතු ඇතුළුවීම, රාජ්‍ය ආයතනයකට අයත් වාහනයක් රුගෙන ඒම, සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා යටතේ සැකකරුවන් අධිකරණයට යොමුකළ බවය.
සමන්ත ප්‍රදීප් විල්තෙර