
සිය සන්නාමය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ෆේස්බුක් තම මව් සමාගමේ නාමය Meta (මෙටා) ලෙස වෙනස් කර ඇත්තේය. සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්ත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව සන්නාමය මඟින් තම සමාගමේ ක්‍රියාකාරකම් වඩාත් හොඳට “ආවරණය” කරන බවයි.
මව් සමාගමේ සන්නාමය වෙනස් කිරීම Facebook, Instagram සහ Whatsapp වැනි එක් එක් වේදිකා සඳහා අදාළ නොවන අතර එම සමාජ ජාලා පැරණි නම්වලින්ම දිගටම ක්‍රියාත්මක වේ. නව නම මව් සමාගම පමණක් භාවිතා කරනු ඇත.
හිටපු සේවිකාවක විසින් කාන්දු කරන ලද ලේඛන තොගයක් මත පදනම්ව ෆේස්බුක් පිළිබඳ සෘණාත්මක ප්‍රවෘත්ති මාලාවක් ප්‍රචාරය වීමෙන් අනතුරුව සමාගම මෙම පියවර ගෙන ඇත. ෆ්‍රැන්සිස් හෝගන් නම් ඇය චෝදනා කළේ, සමාගම “ආරක්ෂාවට වඩා ලාභයට මුල්තැන” ලබාදෙන බවයි.
2015 දී ගූගල් (Google) සමාගම ප්‍රතිව්‍යුහගත කරමින් එහි මව් සමාගමේ නම (ඇල්ෆාබෙට්) ලෙස නම් කරන ලදී, කෙසේ වෙතත්, එම නම මෙතෙක් ජනතාව අතර ප්‍රචලිත වී නැත.
ෆේස්බුක් ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් “මෙටාවර්ස්” එකක් (එනම් මිනිසුන්ට ඔන්ලයින් ක්‍රීඩා කිරීමට, වැඩ කිරීමට, සහ තාත්වික පරිසරයක සන්නිවේදනය කළ හැකි, බොහෝ විට VR හෙඩ්සෙට් භාවිතා කළ හැකි ඔන්ලයින් ක්‍රමවේදය) ගොඩනැගීමේ සැලසුම් එළිදක්වන අතරතුර සමාගමේ නව නම ප්‍රකාශයට පත් කළේය.
පවතින සන්නාමයට “අනාගතයේ දී පමණක් නොව, අද දවසේදී අප කරන සෑම දෙයක්ම නිරූපණය කළ නොහැකි” බවත්, එම නිසා සන්නාමය වෙනස් කළ යුතු බවත් ඔහු පැවසීය.
“කාලයත් සමඟම, අපි මෙටාවර්ස් සමාගමක් ලෙස දකිනු ඇතැයි මම බලාපොරොත්තු වෙමු. අපගේ කාර්යභාරය සහ අපගේ අනන්‍යතාවය අපගේ අනාගත සැලසුම් මත ස්ථාපිත කිරීමට මට අවශ්‍යයි,” ඔහු අන්තර්ජාලය හරහා විකාශය කළ සම්මන්ත්‍රණයක දී පැවසීය.
“අපි දැන් අපගේ ව්‍යාපාරය කොටස් දෙකක් ලෙස සලකා වාර්තා කරනවා. එකක් අපගේ යෙදවුම් පවුල, සහ අනෙක අනාගත වේදිකාවල අපගේ ක්‍රියාකාරකම්. මෙහි කොටසක් ලෙස, අප කරන සෑම දෙයක්ම විදහා දැක්වීමට, අප කවුරුන්ද යන්න සහ අප ගොඩනැගීමට බලාපොරොත්තු වන දේ පිළිබිඹු කිරීමට සමාගමට නව සන්නාමයක් හඳුන්වාදීමට කාලයයි.”
සමාගම බ්‍රහස්පතින්දා කැලිෆෝනියාවේ මෙන්ලෝ පාර්ක් හි පිහිටි සිය මූලස්ථානයේදී එහි මෙතෙක් පැවති නිල ලාංඡනය වූ "thumbs-up” ලකුණ, (අනන්තය) නිරූපණය කරන නිල්පැහැ හැඩයකින් ප්‍රතිස්ථාපනය කිරීම එළිදැක්වීය. කාලයාගේ ඇවෑමෙන්, සමාගමේ අනෙකුත් සේවාවන් භාවිතා කිරීම සඳහා ෆේස්බුක් භාවිතා කිරීමට පරිශීලකයින්ට සිදුනොවීම මේ නව නමෙන් පිළිබිඹු වෙතැයි සකර්බර්ග් පැවසීය.
“මෙටා” යන වචනය පැමිණෙන්නේ “ඔබ්බට” යන අර්ථය දෙන ග්‍රීක වචනයෙනි. පිටස්තරයෙකුට, metaverse VR තාක්ෂණයේ අනුවාදයක් ලෙස පෙනිය හැකි වුවත්, සමහරැන් විශ්වාස කරන්නේ එය අන්තර්ජාලයේ අනාගතය විය හැකි බවයි. පරිගණකයක රැඳී සිටීම වෙනුවට, මෙටාවර්ස් එකක සිටින පුද්ගලයින්ට සියලු වර්ගවල ඩිජිටල් පරිසරයන් සම්බන්ධ කරන තාත්වික ලෝකයකට ඇතුළු වීමට VR හෙඩ්සෙට් එකක් භාවිතා කළ හැකිය.
අතථ්‍ය ලෝකය (virtual world) රැකියාව, ක්‍රීඩා සහ ප්‍රසංගවල සිට, මිතුරන් සහ පවුලේ අය සමඟ කතාබහෙන් කාලය ගත කිරීම දක්වා ප්‍රායෝගිකව ඕනෑම දෙයක් සඳහා භාවිතා කළ හැකි යැයි බලාපොරොත්තු වේ. ෆේස්බුක් සමාගම පවසන්නේ, දෙසැම්බර් 1 වැනිදා සිට සමාගමේ නව නම වන MVRS යටතේ එහි කොටස් කොටස් වෙළදපොළට නිකුත් කිරීම ආරම්භ කිරීමට අදහස් කරන බවයි.
කාන්දු වූ ලේඛන වසංගතය අතරතුර එන්නත පිළිබඳ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ෆේස්බුක් විසින් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් වසන්කළ බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කිරීමද ඇතුළුව, සමාගමේ කීර්තිනාමයට පහර කීපයක් එල්ල වී ඇත. එය, හිටපු සේවිකාවක් වන හෝගන් මාධ්‍ය වෙත කාන්දු කරන ලද අභ්‍යන්තර ලේඛන මත පදනම් වූ වාර්තා මාලාවක නවතම හෙළිකිරීමයි.
ඉන්ස්ටග්‍රෑම් නව යෞවනයන්ගේ මානසික සෞඛ්‍යයට හානිකරන බවට පර්යේෂණ ප්‍රතිඵලයන්ගෙන් පෙන්වා දී ඇතත් ෆේස්බුක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත්, එක්සත් ජනපදයෙන් පිටතදී එහි වේදිකාවලට එකතුවෙන වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට එතරම් ප්‍රමුඛතාවක් නොදෙන බවත් එම වාර්තා පවසයි. සකර්බර්ග් එම වාර්තා විස්තර කර ඇත්තේ “සිය සමාගම පිළිබඳ ව්‍යාජ චිත්‍රයක් ඇඳීම සඳහා කාන්දු වූ ලේඛන තෝරා බේරා භාවිත කිරීමේ සැලසුම් කළ ප්‍රයත්නයක්” ලෙසය.
සමාගමකට නමක් තැබීමේ උත්සාහය දුෂ්කරය. සකර්බර්ග් පවසන්නේ ඔහු (මෙටා) නම් නම තෝරාගෙන ඇත්තේ එහි ග්‍රීක භාෂාවේ අර්ථය වන (ඔබ්බට) නිසා බවය. එය ඔහුට ගොඩනැගීමට අවශ්‍ය ජාලගත තාත්ත්වික ක්ෂේම භූමිය වන (Metaverse) වෙතද යොමු කරයි.
Facebook Meta ලෙස ඇමතීම ගැටලුවක් විය වන්නේ හැකි මෙන්න මේ නිසයි
පළමුවෙන්ම, මෙම පියවර මඟින් ෆේස්බුක් සමාගම තමාට එල්ලවී ඇති සෘණාත්මක කථාවලින් අවධානය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන බවක් පෙනේ. විචාරකයින් විශ්වාස කරන්නේ ෆේස්බුක් මෙය සිදුකර ඇත්තේ තම වෙළඳ නාමයට ඇතිවී තිබෙන හානිය නිසා බවයි. මේ නම වෙනස් කිරීමේ ක්‍රියාව සෙනෙට් සභිකයින් විසින් නොසලකා හැර ඇති බවට දැනටමත් දක්නට හැකිය. එක් සෙනෙට් සභිකයෙකු මෙම පියවර “බාහිර” වෙනස්කමක් ලෙස විස්තර කර තිබුණි.
දෙවනුව, ''Metaverse'' යනු තවමත් පිහිටුවා නැති සමාගමකි. එය දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වනු ඇතැයි අවධාරණය කිරීමට සකර්බර්ග් උනන්දු විය. තමාගේ ප්‍රධාන කාර්යභාරයට සම්පූර්ණයෙන්ම අසම්බන්ධ නමක් තිබීම මඳක් අසාමන්‍ය යැයි කීමට හැකිය. Facebookහි සියලුම ආදායම පාහේ ලැබෙන්නේ Facebook සහ Instagramහි ප්‍රචාරණය වන වෙළද දැන්වීම් මගිනි.
තෙවනුව, අනෙකුත් විශාල තාක්ෂණික සමාගම් විසින් සිදුවූ නව නාමකරණයන් අසාර්ථක වී ඇති බව අපි දනිමු. 2015දී Google සමාගම ''Alphabet'' ලෙස නැවත සන්නාමගත කරන ලද නමුත්, කිසිවෙකුත් Google සමාගම එම නමින් හඳුන්වන්නේ නැති තරම්ය.
මෙහි පැහැදිලි කරුණ වන්නේ, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ක්‍රියාත්මක කිරීම තවදුරටත් සකර්බර්ග්ගේ ආශාව නොවන බවය. ඔහු උනන්දු වී සිටින්නේ, මිනිස් අත්දැකීම් පරිවර්තනය කරන බැව් විශ්වාස කරන අතථ්‍ය ලෝක නිර්මාණය සඳහායි. ඔහු සමාජ මාධ්‍ය සමාගම් පවත්වාගෙන යන ආකාරය පිළිබඳ එල්ලවන නිරන්තර විවේචන වෙහෙසකාරී වනවා විය හැකිය. මෙම ප්‍රතිව්‍යුහගත කිරීම මඟින්, සමාගමේ ඔහු උනන්දුවක් දක්වන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ හැකියාව ඔහුට ලබාදී ඇත.
මෙම බෙදා වෙන්කිරීම ඒ කෝණයෙන් බැලූකළ අර්ථවත් යැයි කීමට පුළුවන. කෙසේ වෙතත්, ජනතාව එය පිළිගනු ඇත්ද යන්න දැකීම සඳහා ඉවසිල්ලෙන් බලා සිටීමට අපට සිදුවනු ඇත.
බී.බී.සී. සිංහල වෙබ්අඩවිය ඇසුරිනි