2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

ලංකාවට ඇනයක් වෙන ඇෆ්ගන් තලිබාන්ලා

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 287

ඇෆ්ගනිස්ථානයේ ජනතාවාදී ආණ්ඩුව පලවා හැර තලිබාන්වරුන් බලය අල්ලා ගැනීමත් සමඟ ලෝකයේ බොහෝ විචාරකයන්ගේ මතය විවිධ විය. ඇතැම් අය එම ක්‍රමය ප්‍රතික්ෂේප කළ අතර තවත් අය එම ක්‍රමය හදවතින්ම වැළඳගත්තේ තලිබාන්වරුන්ගේ ඇඟෙහි ජාතිකත්වයේ සුදු සේල දවටමිනි. ඒ නිසා තලිබාන් පාලනය අතහැර පලාගිය ජනතාව මෙන්ම තලිබාන් පාලනය වෙනුවෙන් සහාය දැක්වූවෝද ලෝකයේ සිටිති.

මේ තලිබාන් පාලනය පිළිබඳ බොහෝදෙනා විවිධ අදහස් පළකළත් පසුගියදා මේ සම්බන්ධයෙන් වෙනස්ම අදහසක් දැක්වූයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා විසිනි. ඒ තලිබාන් පාලනය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය ගැනය. ඒ නිසාම මේ සම්බන්ධයෙන් අසා දැන ගැනීම සඳහා ඒ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකළෙමු.

තලිබාන් ආණ්ඩුව පිහිටුවීම ශ්‍රී ලංකාවට විදි දෙකකින් බලපානවා. එකක් ත්‍රස්තවාදය පැත්තෙන්, අනෙක් පැත්තෙන් මත්ද්‍රව්‍යවලින්. ඉස්සෙල්ලම මත්ද්‍රව්‍ය ගැන කතා කළොත් ලෝකයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය වන ස්ථාන දෙකක් තියෙනවා. එකක් රන් ත්‍රිකෝණය. ලාඕසය, මියන්මාරය සහ තායිලන්තය කියන රටවල් තුන තමයි රන් ත්‍රිකෝණයට අයත් වෙන්නේ. ඊටපස්සේ තමයි රන් චන්ද්‍රවංකය. ඒකට ඉරානය, ඇෆ්ගනිස්තානය සහ පකිස්තානය අයත් වෙනවා. අපිට රන් ත්‍රිකෝණයට වඩා වැඩියෙන්ම හොරොයින් එන්නේ රන් චන්ද්‍රවංකයෙන්. ඉස්සර අපිට හෙරොයින් ආවේ පකිස්තානයෙන් ඉන්දියාවට ඇවිත් ඉන්දියාවෙන් තූත්කුඩියට ඇවිත් එතනින් මන්නාරමට හරි මීගමුවට හරි ඇවිල්ලා. හැබැයි වර්තමානය වෙනකොට ඉරානයෙන් පකිස්තානයෙන් කෙළින්ම හෙරොයින් එනවා. දැන් මේ තලිබාන්වරු බලය අල්ලගත්තම වෙන්නේ මත්ද්‍රව්‍ය ජාලය තව තවත් පුළුල් වෙන එක. ඒකට හේතුව මේ තලිබාන්වරුන්ගේ මූලික ආදායම මත්ද්‍රව්‍ය ජාවාරම වීමයි. ඒ නිසා මත්ද්‍රව්‍ය ඉදිරියේදී වැඩිවෙන්න පුළුවන්.
කෙසේ වෙතත් මෙහි ඉතාම බරපතළ තත්ත්වය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමටත් වඩා ත්‍රස්තවාදයයි. මේ තත්ත්වය කෙලෙස බලපාන්නේද යන්න අපි විමසුවෙමු.

ඇමරිකාව ඉතාම අවිචාරවත් වැඩක් කළා 2020 මාර්තුවල. ඒ ඇමරිකාවේ බලපෑම මත අත්සන් කරපු ඇෆ්ගනිස්තානයයි තලෙබාන්ලායි අතර දෝහා ගිවිසුම. ඒ නිසා ඇෆ්ගන් බන්ධනාගාරවල රඳවලා හිටිය තලිබාන්ලා 5000ක් විතර නිදහස් කළා. මේකට ඇෆ්ගන් හිටපු ජනාධිපති අමරුල්ලා සලේ දැඩිව විරුද්ධ වුණා. ඔහු කොහොමත් විරුද්ධයි තලිබාන්ලාට. කොහොම වුණත් ඒ අය නැවතත් ඇෆ්ගන් ආණ්ඩුවට එරෙහිව තලිබාන්ලා එක්ක හිට ගත්තා. ඒ වගේම කියන්න ඕනේ මේ වෙනකොට බිහිවෙලා ඉන්නවා අයි.එස්.අයි.එස්.කේ. කි

යලා කණ්ඩායමක්. මේ අයගේ නිජභූමිය වෙන්නේ කොරාසන්

 සිහින රාජ්‍යය. ඒ අය හදාගත්ත එකක්. ඒ නිසයි ඒ සංවිධානය කොරාසාන් සංවිධානය ලෙස හඳුන්වන්නේ. දැන් මේකේ ඉන්නේ ක්‍රියාකාරී ඊජිප්තු ජාතිකයෙක් නායකයා හැටියට. මේ සංවිධානයට මේ වෙද්දි බැඳිලා ඉන්නේ ඇෆ්ගනිස්තානයේ සහ පකිස්තානයේ ඉන්න අන්තවාදී ඉස්ලාම්වරු. ඔවුන් විසින් තමයි මේ සංවිධානය මෙහෙයවන්නේ. ඒ නිසා ඔවුන් මේ වෙද්දී තලිබාන්ලට විරුද්ධව සටන් වදිනවා. ඒකට හොඳම උදාහරණය තමයි කාබුල් ගුවන්තොටුපළට එල්ල කළ ප්‍රහාරය. ඒක කළේ 

කොරාසාන්ලා. මේ සංවිධානය පිහිටුවන්නේ 2014දී.

මේ සියල්ල හරහා පෙනෙන්නේ එන්න එන්න තවත් ත්‍රස්ත සං

විධාන ලෝකය පුරා වර්ධනය වන බවයි. එකී වර්ධනය හේතුවෙන් සිදුවිය හැකි තර්ජන අභියෝග ලෙහෙසි පහසු වන්නේ නැත. අපි ඒ සම්බන්ධයෙන් විමසා බැලුවෙමු.

මෙහෙමයි දකුණු ආසියාවේ වැඩිම බලපෑම තියෙන්නේ ඉන්දියාවටයි ලංකාවටයි. ඒකට හේතුව මුස්ලිම් ජනගහනය අඩු නිසා. මේ නිසා ඔවුන්ගේ ඉලක්කය වෙන්න පුළුවන් අපේ වගේ රටවල්. ඒකට මම හේතු කියන්නම්. ඇෆ්ගනිස්තානයේ හිටපු උප ජනාධිපති අමරුල්ලා සලේ තවමත් තලිබාන්ලට, අයිඑස්ලාට

 විරුද්ධව කටයුතු කරන්නේ. ඔහු කියන්නේ කාබුල් එයාර්පෝට් එකට ගහපු එකට කොරාසාන්ලා විතරක් නෙමෙයි තලිබාන්ලා අතර ඉන්න අන්තවාදී අදහස් ඇති හඛානි කියන සංවිධානයත් සම්බන්ධයි කියලා. ඔය හඛානිලා තමයි කාබුල් අල්ලන්නත් තලිබාන්ලා එක්ක හිටියේ කියලා කියන්නේ. ඔය හඛානිලගෙන් හතර දෙනෙක් තලිබාන් ආණ්ඩුවේ ඉන්නවා ඉතාම බරපතළ අමාත්‍යංශ හතරක මේ වෙද්දී

 තලිබාන් ආණ්ඩුව ඇතුළේ තනතුරු දරමින්. තලිබාන්ලා ජාතිකවාදී සංවිධානයක් වුණත් හඛානිලා සිහින රාජ්‍යයේ තවම ඉන්නේ. 

මේ කණ්ඩායමේ නායක ජලීල් හඛානිගේ හිසට මේ වෙද්දී ඇමරිකාව ලංසු තියලා තියෙන්නේ ඩොලර් මිලියන 5ක්. කොහොම වුණත් මේ ජලීල් හඛානි මේ වෙද්දී කාබුල් නගරයේ ආරක්ෂාව බාර ප්‍රධානියා හැටියට වැඩ කරනවා. දැන් 2020 වසරේ කාබුල් නගරයේ එක කොටසකට ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ ප්‍රහාරය මෙහෙයවන්නේ ඉන්දියානු ජාතිකයෙක් වෙච්ච අබු හින්ද් කියන කෙනා. මිනිහා ඉන්දියාවේ කේරළයේ කෙනෙක්. ඔය කාබුල්වලට ගහන්නේ ඉන්දියානුවන් වැඩිම ඉන්න ප්‍රදේශයකට .කේරලයේ බලහත්කාරයෙන් ආගම් වෙනස් කිරීම යටතේ හින්දු ආගම අත්ඇරලා ඉස්ලාම් දහම වැළඳ ගත්ත කෙනෙක්. ඒ සාම්ප්‍රදායික ඉස්ලාම් ආගම නෙමෙයි වහබ්වාදය.

කොහොම හරි පාස්කු ප්‍රහාරය ගැන මුල්ම තොරතුර එන්නෙ

ත් රෝ සංවිධානය හරහා කේරළයෙන්. එතකොට සහරාන් ඇතුළු කල්ලිය කේරළය එක්ක ඍජුව සම්බන්ධයි. එතකොට බලන්න අපේ රටේ නැගෙනහිර පළාතත්, ඉන්දියාවේ කේරළයත්, ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයත් එකට යා වෙන හැටි. ඒ නිසා දැන් තත්ත්වය බරපතළයි. ඒක තමයි මේ වෙද්දී ඇෆ්ගන් ජනතා ආණ්ඩුවට අනුයුක්ත හමුදා සෙබලුන් ලක්ෂ තුනක් විතර තලිබාන්ලා හමුදාවෙන් ඉවත්කරලා. දැන් ඔවුන් ඉන්නේ තලිබාන්ලා එක්ක තරහින්. ඒ නිසා මේ පිරිස අයි.එස්. කොරාසන්ලට එකතුවෙන්න පුළුවන්. ඔවුන් වහබ්වාදයට අකමැති වුණත් මේ වෙලාවේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අයිඑස් වැළඳ ගන්න පුළුවන්. ඒ නිසා ඉදිරියට දකුණු ආසියාවට තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් අභියෝගය සුළු නෑ. විශේෂයෙන් අපිටත් එහෙමයි. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන වෙනදට වඩා අවධානයෙන් ඉන්න වෙනවා.

මේ ආකාරයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ඇෆ්ගන් තලිබාන් පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති අභියෝගය පැහැදිලි කළේය. එම තත්ත්වය හා සසඳන විට අනාගතයේ ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් වූ අභියෝගය සුළුපටු නැත. එය සුළුවෙන් තැකීමටද හැකියාවක් නැත.

 ගයාන් ගාල්ලගේ

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00