2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

වාර්ෂිකව ලක්ෂ 07ක් වායු දූෂණයට බිලිවෙති!

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 29

ලෝකය පුරා  පුද්ගලයින් ලක්ෂ 07ක් පමණ වාර්ෂිකව වායු දූෂණය හේතුවෙන් මියයන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සඳහන් කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ වායු දූෂණයේ අනතුරුදායක බව, මේ වනවිට තවත් ඉහළ ගොස් ඇති බවය. දැන් එය එය, දුම්පානය සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර පුරුදු මගින් සිදුවන මරණ ප්‍රතිශතය හා සමාන වේ.

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන කලාපය ලෙස හඳුනාගෙන තිබෙන්නේ දකුණු ආසියාව හා චීනයයි. ලොව වැඩිපුරම වායු දූෂණය සිදුකරන කලාපය ලෙස හඳුනාගෙන තිබෙන්නේද මෙම  ප්‍රදේශයයි. එයිනුත් ලොව දූෂිතම වායුව ඇති නගර 30න් 22ක්ම දරන්නේ ඉන්දියාව බව පසුගියදා එළිදැක්වුණු වාර්තාවක් මඟින් හෙළිවිණි. මෙම වාර්තාව සඳහා නගර 3000ක් අධ්‍යයනය කර ඇති අතර අවාසනාවකට මෙන් ඉන් 64%ක්ම පවතින්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත අගයන්ට අනුව (සතුටුදායක නොවන) මට්ටමකය.

වායු දූෂණය අවම කිරීම සඳහා ලොව සියලු රටවල් කැපවීමෙන් කටයුතු කළයුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00