වීසා අනුමත කිරීමත් කොමිසමට පවරලා - ජනාධිපති නීතිඥ
ඊ. කනග් ඊශ්වරන්
මෙහි අරමුණ රටේ ආර්ථිකය නැංවීමයි - අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්ෂානා ජමීල්
ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහණය පසුගිය අප්‍රේල් 12 දිනට කෝටි 2 ½කට ආසන්නයි. රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 62.7ක්. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මගින් කෘත්‍රිමව නිර්මාණය කළ හෙක්ටයාර 466.6ක බිම් ප්‍රමාණයක් මෙම ස්වෛරී රාජ්‍යයට එක් කිරීමට සැරසෙනවා. මෙම කෙටුම්පත මගින් කෘත්‍රිමව නිර්මාණය කළ භූමි භාගය කිළ හිමි බිම් ප්‍රමාණය ලෙස හඳුන්වා දී තිබෙනවා. 1947 වසරේදී මෙම කිළට හිමි ඉඩම් පනත (Crown Land Act) අනුව එලෙස අර්ථ දැක්වීම නිවැරදි නොවෙයි. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 5 වැනි වගන්තියෙන් කියැවෙන රටේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය වෙනවා. තවද මෙම කෙටුම්පතේ සඳහන් වන පරිදි වරාය නගරයේ පිහිටුවනු ලබන සමාගම් බදුවලින් නිදහස් කර තිබෙනවා. මේ අනුව මෙය තුළ ක්‍රියාත්මක වන කැසිනෝ ශාලාවල ආදායම පවා අපට ලැබෙන්නේ නැහැ. මෙය රටේ ආර්ථිකයට මපහරක්.
ජනාධිපති නීතිඥ ඊ. කනග් ඊශ්වරන් මහතා පසුගිය 19දා කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනතට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය ආරම්භ කරමින් එසේ පැවසීය. මෙම පෙත්සම් විභාගය ආරම්භ වූයේ අගවිනිසු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විනිසු මඩුල්ලක් හමුවේය. මෙම විනිශ්චය සභාවේ සෙසු සාමාජිකයන් වූයේ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවන්ය.
මෙහිදී පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 23ක් ඉදිරිපත් වී ඇති අතර අතරමැදි පෙත්සම්කවන් 11 දෙනෙක්ද මෙයට මැදිහත් වී සිටිති. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් මෙම පෙත්සම් ඉදිරිපත් කළ අය අතර වෙති. මේ අතර සුවිශේෂ වන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින්ද පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබීම සහ ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එම පෙත්සම වෙනුවෙන් කණු දැක්වීමය. පෙත්සම්කවන් සියලු දෙනාම පොදුවේ දක්වා ඇත්තේ මෙම පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 01, 03, 04(D),(E) 12(1) 14/1(G) 27(3) 148 හා 154(G) යන වගන්ති උල්ලංඝනය වන බවකි.
අතරමැදි පෙත්සම් 11 ඉදිරිපත් කර ඇත්තේ, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එස්. ආටිගල, කැබිනට් මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයයි. ඔවුන් පවසන්නේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බැවින් එයට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසටය.
19 දින පෙත්සම් විභාගය ආරම්භයේදී සභාපති අගවිනිසුවරයා පැවසුවේ පෙත්සම්කවන් සියලු දෙනාටම කණු දැක්වීමට ඉඩ දිය යුතු නිසා එක් පෙත්සමක් වෙනුවෙන් නීතිඥවරයකුට විනාඩි 20-30 අතර කාලයක් ලබාදීමට විනිසු මඩුල්ල තීරණය කළ බවයි.
පෙත්සම් විභාගයේදී මුලින්ම ජනාධිපති නීතිඥ ඊ. කනග් ඊශ්වරන් මහතා කණු දැක්වූයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙනි.
ඔහු තවදුරටත් මෙසේද කීවේය.
වරාය තුළ ඇති ඉඩම් පැවරීම, බදු දීම, විකිණීම සම්බන්ධයෙන් පූර්ණ බලතල මෙම කොමිසමට පැවරෙනවා. ඊට අමතරව මෙම පරිශ්‍රයේ සේවය කරන අයගේ වීසා අනුමත කිරීමද මෙම කොමිසමට පැවරී තිබෙනවා. ඒ නිසා මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නිසා එය අනුමත කිරීම 2/3ක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් විය යුතු බවට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්ක වන ගාමිණී වියන්ගොඩ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා තර්ක කළේ පනතේ 7 වැනි වගන්තිය අනුව පිහිටුවීමට නියමිත සත් පුද්ගල කොමිසම සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බවය. මෙයට පත්කෙරෙන සාමාජිකයන්ගේ සුදුසුකම් පිළිබඳ කිසිදු සඳහනක් නොමැති අතර ඔවුන් පත් කරනු ලබන්නේ එකම පුද්ගලයකු විසින් බවද ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව කොමිසමේ සාමාජිකයන් ලෙස විදේශිකයන් වුවද පත් කිරීමට බාධාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝලන්ඩ් අබේපාල මහතා පැවසුවේ සෙසු පෙත්සම්කවන්ගේ නීතිඥවන් පැවසූ සියලු කණුවලට තමන් එකඟ වන බවය.
මෙම කෙටුම්පතේ බහුතර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි. කෙටුම්පතේ වගන්ති තුළින් භාර නීති මූලධර්මය, අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර බල තුලනය, රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුව සතු බලතල අහිමි වන අතර ඒ හේතුවෙන් දූෂණයට සහ බලය අවභාවිතයට ඉඩ ප්‍රස්ථා සැලසී තිබෙනවා.
මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර පළාත් සභා අනුමැතිය ලබාගත යුතු බව අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා එසේ නොකළහොත් රටේ මූලික නීතිය උල්ලංඝනය වන බවද ප්‍රකාශ කළේය.
මුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ යසස් ශ්‍රී නාගසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පංච පුද්ගල විනිසු මඩුල්ල හමුවේ 20දා කියා සිටියේ කොළඹ වරාය නගර භූමිය වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන ඇති තීරණය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය. ඔහු අවධාරණය කළේ මේ තීරණය රටේ ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් බවය. එම පනත් කෙටුම්පත තුළින් වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, වරාය නගරයට ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාවද පවතින බව ජනාධිපති නීතිඥවරයා කීවේය. එල්.ටී.ටී.ඊය වෙනම රාජ්‍යයක් ලබාගැනීමට අවුදු 30ක් සටන් කළ අතර, එහෙත් මෙයින් සිදුවන්නේ වෙනම රාජ්‍යයක් විදේශිකයන්ට ඉක්මනින් ලබාදීම බව කීවේය.
චීනයන් ශ්‍රී ලංකාවත් අතර ඇතිවූ එකඟතා ගිවිසුමක් මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා. 2004 වසරේ ඇතිකරගත් ගිවිසුම අනුව මේ සඳහා පස් පුරවා නිර්මාණය කළ මුළු වපසරිය හෙක්ටයාර 269යි. යළිත් මේ ව්‍යාපෘතිය ආරම්භ කරන විට ඒ ප්‍රමාණය හෙක්ටයාර 446ක් බවට පත්වෙලා තියෙනවා. 2019 වසරේදී එවකට සිටි විෂය භාර අමාත්‍යවරයා වරාය නගරය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද හිමිවුණා. මෙය පළාත් සභා ලේඛනයට අයත් කාර්යයක් නිසා ඒ පිළිබඳ සියලු පළාත්වල අනුමැතිය ලබාගත යුතු බවට නීතිපතිවරයාද සිය අදහස් පළ කළා. ඒත් දැන් මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ එයට පටහැණිවයි.
මේ පනත් කෙටුම්පත අනුව ජනාධිපතිවරයාගේ බලය නොදන්නා කොමිසමකට පැවරීම සිදුවෙනවා. මේ ආකාරයට ජනාධිපතිවරයාට බලතල බෙදා දීම ව්‍යවස්ථාවට පටහැණියි. මෙහි ඇතිකරන කොමිසම අනුව රජයට අයත් දේපළ විකිණීමට වුණත් බලය ලැබෙනවා. අනෙක් අතට වරාය නගරයේ සේවය කරන සේවකයන්ට සියලුම ගෙවීම් කරනුයේ විදේශ මුදල්වලින්. ශ්‍රී ලංකා පියල් පාවිච්චි කිරීමක් සිදුවන්නේ නැහැ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට පටහැණි බව කිය යුතුයි.
පෙත්සම්කාර පාරිසරික විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය වෙනුවෙන් විනිසු මඩුල්ල ඇමතූ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පැවසුවේ පනත් කෙටුම්පතේ 65 හා 66 යන වගන්ති මගින් නාගරික සංවර්ධන අධිකාරි නීතිය සහ ආයෝජන මණ්ඩල නීතිය වරාය නගරයෙන් ඉවත් කර තිබීම සැමට සමානව නීතිය පැවතිය යුතුය යන මූලධර්මයට පටහැණි බවයි. ඔහු මෙසේද පවසා සිටියේය.
මේ පනත් කෙටුම්පතේ 26, 27 සහ 64 යන වගන්තිවලින් වරාය නගරයේ සියලු ගනුදෙනු සඳහා බලයලත් නිලධාරියකු පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) හා 14(1) යන වගන්ති දෙක උල්ලංඝනය කිරීමක්. එසේම මෙම පනත් කෙටුම්පතේ 3 වැනි උපලේඛනය මගින් ඇතැම් නීති වරාය නගරයෙන් ඉවත් කර තිබීමෙන් වෙනම රාජ්‍යයකට පාර කැපීමක් සිදුව තිබෙනවා
පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා මෙසේ පැවසීය.
මෙම පනත් කෙටුම්පතෙන් පෙඩ්රල් රාජ්‍යයක් ඇතිකර තිබෙනවා. වරාය නගරයට ශ්‍රී ලංකාවට බලපාන සමහර නීති බලපාන්නේ නැහැ. විශේෂයෙන් මූල්‍ය පනතේ විධිවිධාන ඊට බලපාන්නේ නැහැ. ඒ නිසා වරාය නගරයේ සිදුවන සියලු ගනුදෙනු ව්‍යවස්ථාදායකයේ පාලනයෙන් ඉවත් වෙනවා. ව්‍යවස්ථාදායකයට මූල්‍ය පාලනය කිරීමට ලබා දී ඇති බලතල පවා මෙම පනතෙන් කප්පාදු කර තිබෙනවා.
බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී මංගල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් කණු දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසුවේ පනත් කෙටුම්පතේ සියලුම වගන්ති එකට ගත් විට ශ්‍රී ලංකාව තුළ පෙඩරල් හෝ අර්ධ පෙඩරල් රාජ්‍යයකට පාර කැපීමක් සිදුවන බවය. මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තියෙන් ප්‍රකාශිත මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවන බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය 22දා අතරමැදි පෙත්සම්කාර කැබිනට් මණ්ඩල ලේකම් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති ලේකම් සංජීව ජයවර්ධන මෙසේ පැවසීය.
කොළඹ වරාය කොමිසමට රජයේ ඉඩම් පැවරීමේ බලතල ඇත්තේ ජනාධිපතිවරයාටයි. ඒවා බදු දෙනවාද, ව්‍යාපාරවලට ලබාදෙනවාද, එසේ ලබාදෙන්නේ කෙසේද යන්න තීරණය කරනු ලබන්නේ කොමිසම මගින්. මෙම කලාපය විවිධ කටයුතු රුසකට වෙන්කළ හැකි වෙනවා. නිවාස, වාණිජමය කටයුතු, අධ්‍යාපන ආයතන, විනෝදජනක අවස්ථා ආදියට දීමට සැලසුම් කර තිබෙනවා. මෙය ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීමේ මූලික අරමුණෙන් සිදු කළ දෙයක්. කොමිසමේ අරමුදල් පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත්. ව්‍යාපෘති සමාගම පියල් මිලියන 400ක් කොමිසමට ගෙවිය යුතු වෙනවා. එම මුදල පමණක් ලබාගැනීම අපේ අරමුණ නොවෙයි. මෙම ඉඩම් කොටස් බදු දීමෙන් ලැබෙන සම්පූර්ණ ආදායමෙන් සියයට එකක් කොමිසම තබාගන්නවා. ඉතිරි මුදල් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරනවා.
අතරමැදි පෙත්සම්කාර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කුෂාන්ත ද අල්විස් මහතා පැවසුවේ ලෝකය පුරා විශේෂ ආර්ථික කලාප 5000කට අධික ප්‍රමාණයක් තිබෙන බවය. එම කලාපවලට විදේශ ආයෝජනය ආකර්ෂණය කර ගැනීමට හා දිරිමත් කිරීමට එම රටවල් ආයෝජකයන්ට විවිධ සහන දෙන අතර ඔවුන් රුකගැනීම සඳහා දිරිමත් කිරීම් කළ යුතු බවයි. ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කළ යුතුය යන හැඟීම් ජනිත කරවීමට නම් එවැනි දේවල් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. එසේ නොකළහොත් ඔවුන් සිය කාලය හා ධනය මෙහි වැය නොකර වෙනත් රටවල් කරා යාමට ඉඩ තිබෙන බවද හෙතෙම පැවසීය. මෙම පනත මගින් විශේෂ වරප්‍රසාද ලබා දී ඇත්තේ එම තත්ත්වය වැළැක්වීම සඳහා බවද අවධාරණය කළ නීතිඥවරයා මෙහිදී ඇතිවන මතගැටුම් ලිහාගැනීම සඳහා බේම්කරණ මධ්‍යස්ථානයට යා හැකි බවද කීවේය.
පෙත්සම් විභාගයේදී නීතිපති වෙනුවෙන් කණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නීතිඥ ෆර්ෂානා ජමිල් මහත්මිය පැවසුවේ මෙම පනත් කෙටුම්පත රටේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ අතර එමගින් රජයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය විදහා දක්වන බවකි. ඇය ප්‍රකාශ කළ සුවිශේෂ කණක් වූයේ මේ පනත මගින් රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය පිළිබිඹු වන බැවින් එයට පළාත් සභාවලට අනුමැතිය ලබාගැනීමේ අවශ්‍යතාවක් නැති බවය. අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙම පනත් කෙටුම්පතේ සංශෝධන කිහිපයක් නීතිපතිවරයා වෙත යැවූ බව පවසමින් ඒවායේ පිටපත් විනිසු මඩුල්ල වෙත ඉදිරිපත් කළාය. මෙහිදී අගවිනිසු ජයන්ත ජයසූරිය මහතා එම සංශෝධන පෙත්සම්කවන්ට සහ අතරමැදි පෙත්සම්කවන්ටද ලබාදීමට නියෝග කළ අතර ඒ අනුව ඇය එහි පිටපත එම පාර්ශ්වවලට ලබා දුන්නාය.
අධිකරණය ඇමතූ ඇය මෙසේද කීවාය.
මෙම ව්‍යාප්තියට අයිති ඉඩම් 2009 වසරේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ ඒවායි. මේ ඉඩම රජයේ ඉඩම් පනත යටතට වැටෙන බිම්කඩක්. මෙම පනත අනුව පිහිටුවන කොමිසමට අසීමිත බලතල හිමිවන බවට පෙත්සම්කාර පාර්ශ්වවල නීතිඥවන් විරෝධතා ඉදිරිපත් කළා. එහෙත් එවැනි අසීමිත බලතල ලැබෙන්නේ නැහැ. මෙම කොමිසම පත්කර ඇත්තේ ජනාධිපතිවරයා වන අතර ඔහු පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා. ඔහු කරන පත්වීම්වලට එරෙහිව අවශ්‍ය නම් අධිකරණයට යාමට වුවද පුළුවන්. ඒ නිසා මේ කොමිසම අධිකරණ බලයෙන් පරිබාහිරව පිහිටවූවක් නොවෙයි. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ වරාය නගරයේ සියලු ව්‍යාපාර කටයුතු මෙහෙයවීමයි.
මෙම වරාය නගර ව්‍යාපෘතියට පෙර මෙහි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා වී තිබුණා. රටේ ආර්ථිකය කඩාවැටීමත් සමඟ ආර්ථික පුනදයට ඉවහල් වන සේ මෙහි වරාය නගරය පිහිටුවා රටේ ආර්ථික ගමන වේගවත් කිරීමට කටයුතු කළා. වරාය නගරය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඍජු ලෙසම විදේශ ආයෝජන ලබාගැනීමයි. මෙය පිහිටවූ ඉඩම රජයට අයිති ඉඩමක්. මෙය 1960 රජයේ ඉඩම් පනත යටතට වැටෙනවා. එයට හේතුව මෙම ඉඩම පිහිටා තියෙන්නේ මුහුදු තීරයේ වීමයි. ජාත්‍යන්තර නීතියට අනුව රටක මුහුදු තීරයේ ඇති සියලු දේපළ එම රටට අයිතියි. ඒනිසා මෙහි ඇති සියලු දේපළ අයිතිය ශ්‍රී ලංකා රජයට බව පැහැදිලියි. මෙහිදී රජය කිසිවිටෙකවත් ඒ ජාත්‍යන්තර නීතිය හෝ නාගරික සංවර්ධන නීතිය කඩ කරන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව රාජ්‍ය මුදල් පාලනය ව්‍යවස්ථාදායකයට අයිති වෙනවා. මේ ව්‍යාපෘතියේ සියලු ආදායම රජයේ ඒකාබද්ධ අරමුදලට බැරවෙන බව කිව යුතුයි.
මෙහිදී අගවිනිසුවරයාගේ ප්‍රශ්නයකට පිළිතු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ බදු සහන අනුමත කරනුයේ පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව බවය. ඒ නිසා පෙත්සම්කවන් පවසන පරිදි ව්‍යවස්ථාවේ 148 වගන්තිය උල්ලංඝනය වන්නේ නැතැයි ඇය පැවසුවාය.
► යසවර්ධන රුද්රිගූ