2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

හොඳට නරකට දෙකට ටික්ටොක්

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

කාලයෙන් කාලයට නව සමාජ මාධ්‍ය ජාලා සහ විවිධ යෙදවුම් (Apps) අලුතෙන් නිර්මාණයවනු දැකිය හැකිය. ෆෙස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්, මයිස්පේස්, ට්විටර්, වට්ස්ඇප්, ලින්ක්ඩ් ඉන්, වීචැට්, කියුකියු, ටම්බ්ලර්, ඉන්ටර්පෑල්ස් වැනි සමාජ මාධ්‍ය ජාල වරින්වර නිර්මාණය වෙමින් පුද්ගල සබඳතා පහසු කර තිබේ. මෙම ජාල අතරට එක්වූ නවීනතම යෙදවුම (App) වන්නේ ටික්ටොක්ය.

2020 වසරේ හඳුන්වාදුන් මෙම සමාජ මාධ්‍ය යෙදවුම සංගීතය, තොල් සමමුහුර්ත (ලිප් සින්ක්) වීඩියෝ සහ ක්ෂුද්‍ර වීඩියෝ අන්තර්ගතයන්ගේ සංකලනයකි. ටික්ටොක් එකවර පහසුවෙන් වටහාගත හැකි නොවුවද එම යෙදවුම ඇසුරින්  ට්‍රිලර් නම් සංගීත විඩියෝ නිර්මාණයටද දායකත්වයක් සපයා තිබේ.

ෆේස්බුක් භාවිතය අවුරුදු 40 ඉක්මවූවන් අතර පවා ජනප්‍රිය වන අතර ඉන්ස්ටග්‍රෑම් අවුරුදු 20ත් 40ත් අතර පිරිස අතර වඩාත් ප්‍රචලිතය. එහෙත් ටික්ටොක්වලට ඇබ්බැහි වී ඇති පිරිස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන් බව පැවසේ. ටික්ටොක් යෙදවුමේ ආරම්භය සිදුවූයේ 2014 වසරේය. එම වසරේ හඳුන්වා දුන් සමාජ මාධ්‍ය ජාලා යෙදවුමක් වූ මියුසිකලි නම් යෙදවුම වයස අවුරුදු 13ත් 18ත් අතර යෞවනයන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය විය. මෙම යෙදවුමේ ප්‍රධාන කාර්යය වූයේ ජනප්‍රිය ගීත,  පරිශීලකයන් විසින් නිර්මාණය කරන වීඩියෝ සමඟ ඒකාබද්ධ කොට නව විඩියෝවක් නිර්මාණය කළ හැකි වීමය මේවා හැඳින්වූයේ මියුසර්ස් ලෙසිනි. මෙම යෙදවුම මගින් ලිප් සින්ක් විඩියෝ සහ නර්තන විඩියෝ නිර්මාණය කිරීමට හැකියාවක් ලැබිණි. 2017 මැද භාගය වනවිට මියුසිකලි යෙදවුම මිලියන 200 කට අධික පිරිසක් භාවිතයට ගෙන තිබිණි.

2016 දී චීන යෙදවුම් නිර්මාණකරුවකු වූ බයිට් ඩෑන්ස් විසින් මියුසිකලි යෙදවුමට ප්‍රතිවාදි යෙදවුමක් ඩොයින් නමින් නිර්මාණය කළේය. මුලදී චීනයේ පමණක් දියත් කරන ලද මෙම යෙදවුම ජාත්‍යන්තර ආකර්ෂණය දිනා ගැනීම සඳහා &ටික්ටොක්* නමින් හැඳින්වීමට ඔහු පියවර ගත්තේය. වසරක් ඇතුළත, ටික්ටොක් යෙදවුම මිලියන 100 කට වඩා අධික පිරිසක් භාවිත කරන්නට වූ අතර තොල් සමමුහුර්ත (lip sync) වීඩියෝවල ජනප්‍රියතාවය අඛණ්ඩව විශාල ලෙස ඉහළ ගියේය.
2017 අගභාගයේදී, බයිට් ඩෑන්ස් විසින් මියුසිකලි යෙදවුම ඩොලර් මිලියන 800 ක් ගෙවා අත් පත් කර ගත්තේය. 2018 දී, ඔහු මියුසිකලි සහ ටික්ටොක් යන යෙදවුම් දෙක ඒකාබද්ධ කළ අතර. මෙම ඒකාබද්ධ වෙළඳ නාමය සහ පරිශීලක පදනම සමඟ, යෙදවුම ඉතා ඉක්මණින් ජනප්‍රියත්වයට පත් විය. ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් සහ යූ ටියුබ් අභිබවා යමින් ටික්ටොක් 2018 මුලදී ඇපල් ඇප් ස්ටෝර්හි වැඩිපුරම බාගත කළ යෙදුම බවට පත්විය. 2019 ජුලි වන විට, ටික්ටොක් යෙදවුම ගූගල් ප්ලේ ස්ටොර්ස් වෙතින් මිලියන 500 ඉක්මවා බාගත කර ගෙන තිබිණි.

ටික්ටොක් යෙදවුම චීනයේ හැඳින්වෙන්නේ &ඩොයින්* නමිනි. එරට මේ වන විට මිලියන 250 කට අධික පිරිසක් ඩොයින් භාවිත කරති. සෙසු ලෝකයේ, මෙම යෙදුම ටික්ටොක් ලෙස හැඳින්වෙන අතර එය ලොව පුරා රටවල් 154ක ප්‍රචලිතව පවතී. වර්තමානයේ, ටික්ටොක් භාවිත කරන්නන්ගෙන් 40%ක් සිටින්නේ චීනයෙන් පිටතය. ඉන්දියාවේ ටික්ටොක් භාවිත කරන්නන් සංඛ්‍යාව අති විශාලය. එහි ටික්ටොක් භාවිත කරන්නන් ලොව සමස්ත පිරිසෙන් 25෴ පමණ වෙතැයි අනුමාන කෙරේ.
2019 මාර්තු වනවිට එක්සත් ජනපදයේ ටික්ටොක් පරිශීලකයන් සංඛ්‍යාව දළ වශයෙන් මිලියන 14 ක් පමණ විය. 2019 අන්තර්ජාල ප්‍රවණතා වාර්තාවෙන් හෙළි වූයේ චීනයේ අන්තර්ජාල භාවිත කරන්නන් දිනකට පැය මිලියන 600 කට වඩා ටික්ටොක් මගින් කෙටි වීඩියෝ නරඹා ඇති බවයි.. 2021 අවසන් වන විට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ලොව ප්‍රමුඛම සමාජ මාධ්‍ය ජාලය වනු ඇතැයි විශ්වාස කෙරේ.

ටික්ටොක් යෙදවුමට පිවිසෙන්නකුට ආධුනික වීඩියෝ සාගරයක කිමිදිය හැකිය. බොහෝ වීඩියෝ දර්ශන තරුණ තරුණියන් සංගීතයට තොල් සමමුහුර්ත කිරීම හෝ ඔවුන්ගේ එදිනෙදා සිදුවීම්, ඔවුන්ගේ ආදර කතා හෝ පාසල් ජීවිතය ගැන යමක් බෙදා ගන්නා ඒවාය. වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයකුට මේවායේ එතරම් අදාළත්වයක් නොමැති වුවද. එමගින් විවිධ වයස් කාණ්ඩවලට පුද්ගලයන්ට මිලියන ගණනකගේ අදහස් සහ විවිධ අනුගාමිකයන් හඳුනාගත හැකිය. ටික්ටොක් විඩියෝවක් තත්ත්පර 15කට වඩා දීර්ඝ නොවේ. එහෙත් ඒවා මිනිත්තුවක් දක්වා වැඩිකිරීමේ විකල්ප හැකියාවක් පවතී. රෑප හෝ පණිවිඩ එකිනෙකා අතර බෙදාගත (share) නොහැකිය. තම නිර්මාණ පොදු හෝ පෞද්ගලික ගිණුමකට එක් කළ විට වෙනත් පුද්ගලයන්ට ඒවා නැරඹිය හැකිය. යම් යම්  සීමාවන් නිසා මෙම යෙදවුම මුලින් භාවිතා කරන පුද්ගලයකුට එක්වරම එය වටහා ගැනීම මඳක් අසීරුය.

2019 වන විට ටික්ටොක් යෙදවුම බිලියනයකට අධික වාර ගණනක් ඉක්මවා බාගත කරගෙන තිබිණි. එහි ජනප්‍රියත්වය වර්ධනය වනවිට, ප්‍රකට වෙළඳ නාම හිමිකරුවන්ගේ සහ කීර්තිමත් පුද්ගලයන්ගේ ආකර්ශනය ටික්ටොක් වෙත එල්ල වෙමින් පවතී. ප්‍රකට හොලිවුඩ් නළු නිළියන් ටික්ටොක් හා සම්බන්ධ වීම නිසා සති කිහිපයක් ඇතුළත මිලියන ගණනක් ඔවුන් හා එක්වී සිටියහ.

ටික්ටොක්හි විශාලතම ජයග්‍රහණය වන්නේ ඕනෑම දෙයක් පිළිබඳව එහි පළකිරීමේ හැකියාවයි. හාස්‍යය, විනෝදාංශ, සංචාර, සංගීතය, ඡායාරූපකරණය, නැටුම්; වැනි සෑම අංගයක් සඳහාම එය විවෘතය. විනෝදාස්වාදය කෙරෙහි වැඩි නැඹුරුවක් දැක්වුවද අධ්‍යාපනික ව්‍යාපාර අරමුණු කරගත් අන්තර්ගතයන්ගේද ක්‍රමික ව්‍යාප්තියක් මේ ව විට එහි දැකිය හැකිය.

කිසියම් නව යෙදවුමක් නිර්මාණය වී එහි ජනප්‍රියත්වය වර්ධනය වන විට, එහි හොඳ නරක මොනවාදැයි  යන්න එකවර වටහා ගැනීම දුෂ්කර විය හැකිය. ඉන්ස්ටග්‍රෑම්, වසර ගණනාවක් පුරා සරල ඡායාරෑප පෙරහන් යෙදවුමක් මෙන් පෙනුණද ක්‍රමයෙන් සමාජ වේදිකාවක් සහ වෙළඳ නාම ප්‍රවර්ධන මෙවලමක් බවට පත්විය. ස්නැප්චැට් කතා මුලදී හාස්‍යජනක ලෙස පෙනුණද ඒවා ජනප්‍රිය වීමත් සමඟම ඉන්ස්ටග්‍රෑම් එම සංකල්පය ඇසුරින් ඉන්ස්ටග්‍රෑම් කතන්දර නිර්මාණය කරමින් දැන් සමාජ ජාලය තුළ ආධිපත්‍යය දරයි. ට්විටර්, එහි ව්‍යාකූල හැෂ් ටැග් පද්ධතිය සමඟින්, ප්‍රවෘත්ති සහ වර්තමාන සිදුවීම් සොයා ගැනීමේ නව මෙවලමක් බවට පත්විය. ටික්ටොක්,  මිනිත්තු කිහිපයක කෙටි කාලයක්  සඳහා ක්ෂුද්‍ර විනෝදාස්වාදය සහ අවධානය යොමු කරන පුද්ගලයන්ගේ විශාල වෙළඳපළක් බවට පත්ව තිබේ. වීඩියෝවක් සිත් ඇදගන්නා සුළු නම් මොහොතකින් එය ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගනී. 

ඕනෑම සමාජ ජාලයක් භාවිත කිරීම අවදානම් විය හැකි නමුත් වැඩිහිටි අධීක්ෂණයෙන් (පෞද්ගලික ගිණුමක් ලෙස) ළමයින්ට තහංචි පැනවෙන යෙදවුම තුළින් ආරක්ෂිතව භාවිත කළ හැකිය. ඔබ ටික්ටොක් සඳහා ලියාපදිංචි වූ විට, ඔබගේ ගිණුම පොදු ගිණුමක් නම් එයින් අදහස් වන්නේ ඕනෑම කෙනෙකුට ඔබගේ වීඩියෝ නැරඹීමට, සෘජු පණිවිඩ යැවීමට සහ ඔබ සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවයි. එසේ නොමැතිනම් පෞද්ගලික ගිණුමක් ලෙස අවශ්‍ය පුද්ගලයන්ට පමණක් පරිශීලනය කළ හැකි පරිදි පවත්වාගෙන යා හැකිය.

ටික්ටොක් යෙදවුම එක්සත් ජනපදය තුළ විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් පළමු චීන යෙදවුමය එහි. ජනප්‍රියතාවය විශාල ලෙස වර්ධනය වන විට බයිට් ඩෑන්ස් රුස් කරන දත්ත චීන රජය විසින් ගබඩා කරනු ඇතැයි යන සැකය මතු විය.  2020 ජනවාරියේදී අමෙරිකා හමුදාවට විසින් රජය මගින් ලබා දී ඇති දුරකථනවලින් ටික්ටොක් භාවිතය තහනම් කරන ලදී. 2020 අගෝස්තු මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ටික්ටොක් මගින් චීන රජය අමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පරිදි දත්ත එක්රුස් කරමින් සිටින බවයි. ටික්ටොක් යෙදවුම දින 45ක් තුළ එක්සත් ජනපද සමාගමකට නොවිකුණන්නේ නම් එය තහනම් කළ හැකි විධායක නියෝගයකට ඔහු අත්සන් තැබීය. චීන සමාගමක් වන ටෙන්සෙන්ට් සමාගම සතු &වීචැට්* යෙදවුමට එරෙහිවද එවැනිම නියෝගයකට අත්සන් තැබීය. ටික්ටොක් මිලදී ගැනීමට මයික්‍රොසොෆ්ට් සමාගම ඩොලර් බිලියන 50ක ලන්සුවක් ද තබා තිබිණි. 

2020 සැප්තැම්බරයේදී, බයිට් ඩෑන්ස් විසින් එක්සත් ජනපද උප සමාගමක් වන ටික්ටොක් ග්ලෝබල් සමග ඩොලර් බිලියන 12ක තාවකාලික ගනුදෙනුවක් සිදු කළේය. මෙම නව ටික්ටොක් අනුබද්ධ සමාගම එක්සත් ජනපදයේ ඔරකල් සහ වෝල්මාර්ට් සතු සමාගමකි. නව ගනුදෙනුව ක්‍රියාත්මක වීමත් සමඟ නව සමාගමෙන් 20%ක් ඔරකල් සහ වෝල්මාර්ට් සතු වන අතර බයිට් ඩෑන්ස් පවසන්නේ තමාට 80෴ක හිමිකාරිත්වයක් ඇති බවයි. අමෙරිකා සමාගමට කොටස් හිමිවීම මත ටික්ටොක් මගින් දත්ත රුස් කිරීම පාලනය කරන බවක් පෙනෙන්නට තිබුණද, සත්‍ය ක්‍රියාවලිය තවමත් පැහැදිලි නැත.

2020 වසර තුළ ඉන්දියානුවන් මිලියන 118.5ක්ද, බ්‍රසීලියානුවන් මිලියන 54.6ක්ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 50.1ක්ද, ඉන්දුනීසියාවේ මිලියන 45.1ක්ද, චීනයේ 27..6ක්ද, වියට්නාමයේ මිලියන 21ක්ද, මෙක්සිකෝවේ මිලියන 20ක්ද, රුසියාවේ මිලියන 20.1ක්ද, තායිලන්තයේ මිලියන 14.3ක්ද, පිලිපීනයේ මිලියන 12.7ක්ද ටික්ටොක් යෙදවුම බාගත කරගෙන තිබේ.

ටික්ටොක්හි අන්තර්ගතයේ ඇතැම් නුසුදුසුකම් නිසා මේ වනවිට රටවල් කිහිපයක්ම එය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර තවත් රටවල් කිහිපයක් තහනම් කිරීමට සලකා බලමින් සිටින බැව් වාර්තා වේ. 2020 අගභාගයේදී ඉන්දියාවේ හා පාකිස්තානයේ ටික්ටොක් යෙදවුම තහනම් කෙරුණු අතර අසභ්‍ය දර්ශන ඇතුළත් විඩියෝ ප්‍රචාරය කිරීම මත ඉන්දුනීසියාවේ සහ බංග්ලාදේශයේ හා ආර්මේනියාව වැනි රටවලද මේ වනවිට තහනම් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා