ශ‍්‍රී ලංකාවේ (එවකට ලංකාවේ) නීති විරෝධී සූදු ක‍්‍රීඩාව මැඩපැවැත්වීම සඳහා නීතිමය විධිවිධාන සැලසීම සඳහා මෙම පනත සම්මත කර ඇත්තේ 1889 වර්ෂයේදීය. 1889 අංක 17 දරන මෙම මුල් පනත 1917 අංක 37, 1946 අංක 03, 1957 අංක 26, 1961 අංක 48 දරන සශෝධිත පනත් මගින් සංශෝධනය කර ඇත.
1956 සංශෝධිත මුද්‍රණයේ මෙම ආඥා පනත 04 වැනි අධිකාරය වශයෙන් ද, 1980 සංශෝධිත මුද්‍රණයේ 59 වැනි අධිකාරය වශයෙන් ද හැඳින්වේ.
මෙම පනතේ විධිවිධාන අනුව නීතිවිරෝධී සූදු ක‍්‍රීඩාව කරන කවුරුන් හෝ මහේස්ත‍්‍රාත් ඉදිරියේ වරදකරුවකු වූ විට රුපියල් 100/-කට වැඩි නොවන දඩයකට හෝ මාස හයක් නොඉක්මවන බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඬුවම් දෙකෙන්ම දඬුවම් කළ යුතුය.
නිවෙසක හිමිකරු හෝ පදිංචිකරු හෝ තාවකාලිකව හෝ වෙනත් ආකාරයකින් යම්කිසි ස්ථානයක් ප‍්‍රසිද්ධ සූදු පොළක් ලෙස භාවිත කිරීම හෝ පවත්වාගෙන යන නිවෙසක හිමිකරු හෝ පදිංචිකරු වශයෙන් හෝ තාවකාලිකව හෝ වෙනත් ආකාරයකින් වෙනත් තැනැත්තකුව ප‍්‍රසිද්ධ සූදු පොළක් වශයෙන් භාවිත කිරීමට අවසර දෙන ප‍්‍රසිද්ධ සූදු පොළක් වශයෙන් භාවිත කිරීමට හෝ තබා ගැනීමට, රැකවරණය හෝ කළමනාකරණයට උදව් කරන කවුරුන් හෝ රුපියල් 500/-ට නොවැඩි හෝ අවුරුදු එකකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකට හෝ දඬුවම් දෙකටම යටත් වේ.
සියලුම ගම්මුලාදෑනින්, පොලිස් නිලධරයන්, සියලුම මහ නගර සභා, නගර සභා සහ ටවුන් කවුන්සිල්වල පරීක්‍ෂකවරුන් නීතිවිරෝධී සූදු කරගෙන යන තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණ බලය ඇති මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරියට පැමිණවීමට බලය ඇති අතර, මෙවැනි අත්අඩංගුවට ගත් තැනැත්තන් පරීක්‍ෂා කිරීමට සහ ඔහු සතුව ඔහු ආසන්නයේ තිබූ සියලුම උපකරණ සහ මෙවලම් අත්අඩංගුවට ගෙන අධිකරණ බලය ඇති මහේස්ත‍්‍රාත්වරයකු ඉදිරිපිටට පැමිණවීම සුදුසුය.
යම් කිසි අධිකරණයක දී තහනම් කරන ලද භාණ්ඩ හෝ මෙවලම් බවට තීරණය කිරීමේ දී, එම ආනයනය තහනම් කරන ලද උපකරණ හෝ මෙවලම් රජයේ කර්මාන්ත ශාලාවේ ඉංජිනේරුවරයකු වශයෙන් කටයුතු කරන හෝ ක‍්‍රියා කරන නිලධාරියකු ආනයනය තහනම් කර ඇති උපකරණ බව සහතික කරන්නේ නම්, එම තීරණය, තීරණාත්මක හා අවාසානාත්මක සාක්‍ෂි වශයෙන් පිළිගත යුතු අතර, එම ඉදිරිපත් කරන ලද සහතිකය සම්බන්ධව හරස් ප‍්‍රශ්න හෝ ප‍්‍රශ්න කිරීම නොකළ යුතුය.
සියලුම ග‍්‍රාමසේවා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, සියලුම මහ නගර සභා, නගර සභා සහ ටවුන් කවුන්සිල්වල පරීක්‍ෂකවරුන් නීති විරෝධී සූදු පොළවල් පවත්වාගෙන යන තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණ බලය ඇති මහේස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියට පමුණුවීමට බලය ලබා දී ඇති අතර, එවැනි අත්අඩංගුවට ගත් තැනැත්තන් පරීක්‍ෂා කිරීමට, ඔහු සතු, ඔහු සන්තකයේ හෝ ඔහු ආසන්නයේ තිබී හමු වූ උපකරණ සහ මෙවලම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ඒම සුදුසු යැයි සලකන්නේ නම් ඉදිරිපත් කළ යුතුය.
අමාත්‍යවරයා විසින් ගැසට් පත‍්‍රයෙහි පළ කරනු ලබන නිවේදනයක් මගින් වාසනාව උරගා බලන යම්කිසි ක‍්‍රීඩා කරන හෝ වාසනාව සහ දක්‍ෂකම් මිශ‍්‍ර වාසනාව උරගා බැලීමට භාවිත කරන උපකරණයක් හෝ මෙවලමක් ලංකාවට ආනයනය තහනම් කළ හැකිය.
මෙම ආනයනය කරන මෙවලම් කියවා තේරුම් ගත යුත්තේ රේගු ආඥා පනතේ අරමුණු සඳහා සහ එසේ ආනයනය කරන ලද උපකරණ සහ මෙවලම් රේගු ආඥා පනත යටතේ ආනයනය තහනම් භාණ්ඩ ලෙසය.
ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලද කිසිදු උපකරණයක් හෝ මෙවලමක් කිසිදු තැනැත්තකු විසින් ළඟ තබා ගැනීම හෝ ආනයනය කිරීම නොකළ යුතුය. කිසියම් පුද්ගලයකු මෙම පනතේ විධිවිධාන උල්ලංඝණය කරමින් භාණ්ඩ ආනයනය කරන විට වරදකට වරදකරුවකු වන අතර, වරදකරුවකු කිරීමේ දී, රුපියල් 500/-කට නොඅඩු හෝ අවුරුද්දකට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය යුතුය.
යම්කිසි වාසනාව උරගා බලන සූදු සඳහා භාවිත කරන උපකරණ සහ මෙවලම් ශ‍්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කරමින් අමාත්‍යවරයා විසින් ගැසට් පත‍්‍රය පළ කිරීමෙන් තහනම් කළ හැකිය.
ඉහත සඳහන් වගන්තියේ ප‍්‍රතිපාදන රේගු ආඥා පනත සමඟ කියවිය යුතු අතර, රේගු ආඥා පනතේ අරමුණු සඳහා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් තහනම් කර ඇති උපකරණ හෝ මෙවලම් මෙම ආඥා පනත යටතේ ආනයනය තහනම් කරන ලද භාණ්ඩ වශයෙන් සැලකිය යුතුය.
අමාත්‍යවරයා විසින් පළ කරන ලද කිසියම් ගැසට් පත‍්‍රයක් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන තුරු බල නොපැවැත්වේ.
ඒ අනුව, 1987/4/3 වැනි දින අංක 447/18 දරණ ගැසට් නිවේදනය මගින් ජැක්පොට් යන්ත‍්‍ර සම්බන්ධ ආනයනය තහනම් කර ඇත. කිසියම් තැනැත්තකු විසින් අමාත්‍යවරයා විසින් තහනම් කරන ලද උපකරණ හෝ මෙවලම් සන්තකයේ තබාගැනීම හෝ නිෂ්පාදනය කිරීම නොකළ යුතුය.
යම් කිසි තැනැත්තකු විසින් තහනම් කරන ලද උපකරණ හෝ මෙවලම් ආනයනය කිරීමේ වරදට වරදකරුවකු වීමේ දී රුපියල් 500ට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයකට හෝ ඒ දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමේ දඬුවමට යටත් විය යුතුය.
යම්කිසි අධිකරණයක නඩු කටයුත්තක දී, අමාත්‍යවරයා විසින් තහනම් කරන ලද උපකරණ හෝ මෙවලම් ද යන්න තීරණය කිරීමේ දී රජයේ කර්මාන්ත ශාලාවේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා හෝ ඔහු වෙනුවෙන් ක‍්‍රියා කරන යම් තැනැත්තකු විසින් ඒ සම්බන්ධ සඳහන් කරුණු ඇතුළත් ඉදිරිපත් කරන ලද සහතිකය, අවසානාත්මක සාක්‍ෂි වශයෙන් පිළිගත යුතුය. එවැනි නිලධාරියකු විසින් ඉදිරිපත් කරන ලද එම සහතිකය සම්බන්ධව හරස් ප‍්‍රශ්න ඇසීම හෝ පරීක්‍ෂා කිරීම නොකළ යුතුය.
මෙම ඉදිරිපත් කරන ලද සහතිකය රජයේ කර්මාන්ත ශාලාවේ ප‍්‍රධාන ඉංජිනේරුවරයා හෝ වැඩ බලන ඉංජිනේරුවරයා විසින් අත්සන් කළ යුතුය.
නීතිවිරෝධී සූදු ක‍්‍රීඩා කරන තැනැත්තන් අත්අඩංගුවට ගෙන අධිකරණ බලය ඇති මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සියලුම ග‍්‍රාමසේවා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ට හා සියලුම මහ නගර සභා සභිකයන්ට, නගර සභිකයන්ට සහ ටවුන් කවුන්සිල් සභිකයන්ට බලය පැවරෙන අතර, සුදුසු යැයි ඔහු සලකන්නේ නම් එසේ අත්අඩංගුවට ගත් තැනැත්තා පරීක්‍ෂා කිරීමට සහ ඔහු සතු හෝ ඔහුගෙන් හමු වූ හෝ ඔහු සතුව තිබී සොයා ගත් උපකරණ හෝ මෙවලම් අත්ඩංගුවට ගෙන අධිකරණ බලය ඇති එම අධිකරණයට ඉදිරිපත් කිරීමට බලය ඇත.
දිවුරුමක් පිට ලැබෙන ලිඛිත තොරතුරක් මත අවශ්‍ය යැයි සිතන්නේ නම්, වැඩිදුරටත් විමර්ශනයකින් පසු යම් කිසි ස්ථානයක් ප‍්‍රසිද්ධ සූදු පොළක් වශයෙන් පවත්වාගෙන යන බවට සාධාරණ හේතුවක් ඇත්නම් මෙම පනතේ ‘අ’ උපලේඛනයෙහි සඳහන් වරෙන්තුවක් එහි නම් සඳහන් තැනැත්තකුට හෝ යම් කිසි පොලිස් නිලධාරියකුට අවශ්‍ය යැයි සිතන්නේ නම්, ආධාර ලබාගෙන දිවා කාලයේ හෝ රාත‍්‍රී කාලයේ දී එවැනි ස්ථානයකට ඇතුළු වී එම ස්ථානය සහ එම ස්ථානයේ සිටි හමුවන සියලුම තැනැත්තන් පරීක්‍ෂා කිරීමට හා සූදුවට යොදා ගත් එම ස්ථානයේ ඇති සියලුම උපකරණ සහ යම් කිසි සූදුවකට යොදන ලද හෝ යෙදීමට අදහස් කරගෙන සිටි සියලුම මුදල්, මුදල් සඳහා වූ සුරක්‍ෂිත හෝ වෙනත් භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට සහ එවැනි තැනැත්තන් එම ස්ථානය පරීක්‍ෂා කරන තුරු රඳවා තබා ගැනීමට සහ මෙම ආඥා පනත අනුව එම වරදකාරීත්වය අදාළ වන උපකල්පනය වන සාක්‍ෂි සමග එම ස්ථානයේ සිටි හමුවන සියලුම තැනැත්තන් නීතිය අනුව ක‍්‍රියා කිරීමට අධිකරණය ඉදිරිපත් කළ යුතුය.
ලබන සතියට...