21 වැනි ශත වර්ෂය ඇරඹුණේ 1999.12.31 දින මධ්‍යම රාත්‍රියේය. 2021 වර්ෂය ඇරඹෙන්නේ 2020.12.31 මධ්‍යම රාත්‍රියේදිය. එකී ග්‍රහ ආරෝපිතය මෙම මීනාදී දක්ෂිණාවෘත රාශි කුණ්ඩලියේ පෙන්නුම් කර ඇත.
2021 වසර ඇරඹෙන 2020.12.31 මධ්‍යම රාත්‍රියේදී කුජ, යුරේනස්, චන්ද්‍ර, රවි, බුධ යන ග්‍රහයින් නැගෙනහිර දිශාවේ ගෝචරය වන්නේය. ශත වර්ෂය ඇරඹුණු 1999.12.31 මධ්‍යම රාත්‍රියේදී එකී නැගෙනහිර දිශාවේ ගුරු, ශනි, රවි, බුධ තැන්පත්ව සිටියේය.
මේ අනුව 2021 වසර ලබන්නේම අපේ රටේ සහ ලෝක ප්‍රජාව අතර දුක, කඳුළ, වේදනාව කරපින්නාගෙනය. එය මුළු වසර පුරාවටම ගලාගෙන යන්නේය. ශාරීරික සහ මානසික පීඩා මෙන්ම තම ආදරණීයයන්ගේ වියෝවන් නිසා තැන තැන මළමිනී තනිවීමේ භයානකත්වය හේතුවෙන් අමනුෂ්‍යයින්ගේ බලපෑමද මතු කරනවා ඇත.
ඊට ප්‍රධාන හේතුව වන්නේ පාදක වර්ෂයේද ගෝච වර්ෂයේද රාහු කේතු අක්ෂය උතුරට සහ දකුණට වැටී ඊට යුරේනස්, ශනි, ශුක්‍ර, ගුරු යන ග්‍රහයින් උගුල්ගත වීමය.
මෙම ග්‍රහ තත්ත්වය මත ජූලි - අගෝස්තු මාසවලදී ප්‍රබල භූ චලන සිදුවීමේ අවදානමද පවතී. එය සාගරයේ හෝ විශාල වැව් පොකුණු ආශ්‍රිතව සිදුවී ජල විපත්ද මතු කරනවා ඇත. වගාබිම්, කර්මාන්තශාලා, වෙළඳපොළවල් මහජනතාව ගැවසෙන ස්ථාන ආදිය ගින්නට බිලිවීමේ අවදානමද පවතී. දැන් සිටම වගකිවයුතු අංශ ඊට සූදානම් විය යුතුය.
2021 ජනවාරියේදී අන්තර්ජාතික විදේශ සම්බන්ධතා තීක්ෂණ ඥානයෙන් පවත්වා ගැනීමට වගකිවයුතු අංශ පියවර ගත යුතුයි. විවිධ ජාත්‍යන්තර කරදර මතුවිය හැකි බැවිනි. එමෙන්ම මුහුදු රැකියා මෙන්ම නීතිමය අංශවල රැකියාවල නියුතු අයද කල්පනාකාරී නොවුණහොත් මාරක විපත්තිවලට මුහුණදීමට සිදුවෙයි.
2021 පෙබරවාරි මාර්තු යන මාසවලදී අපේ රටේ අබිං, කංසා, ගංජා වැනි මත්ද්‍රව්‍යවල භාවිතය උපක්‍රමශීලීව වෙනත් ඖෂධ මුහුණුවරින් සමාජගත වෙයි. ජනතා සෞඛ්‍යය පිරිහේ. කලාකරුවන්ට උසස් රාජ්‍ය නිලධාරීන්ට පීඩා මෙන්ම ස්ත්‍රින්ට අසැබි ක්‍රියාවලට මුහුණදීමට සිදුවනු ඇත. දිය පිරිතෙන් පිරිත් කළ පැන් භාවිතයෙන් ස්වභාවික ප්‍රතිශක්තිකරණය වඩවාගත යුතුයි.
අප්‍රේල් - මැයි මාසවලදී රටේ කර්මාන්තශාලා ගිනිගැනීම්, කඩා වැටීම්, හදිසි අනතුරු, දේපල - ජීවිත විනාශවීම් ආදියට පසුබිම සැළසේ. තැපැල් කටයුතු බැංකු කටයුතු ආදියට ඉතිහාසගත වංචාවන් ඉස්මතු වනු ඇත. වගා හානි ආකර විපත්ති, උණ වසංගතයක් සමාජගත වීම නිසා ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වන්නේය. ත්‍රිවිධ රත්නයේත් ත්‍රිමූර්තියේත් පිහිට පතා ක්‍රියාකරන ජීවීන්ට යම් අස්වැසිල්ලක් ලැබිය හැක.
ජූලි, ජූලි, අගෝස්තු මාසවලදී නෘත්‍යශාලා, පාසල්, විශ්වවිද්‍යාල ආදියට මාරක අපල මතුවී ඒවා ගිනිගැනීම්, කඩාවැටීම්, පිපිරීම් ඇතිවෙනවා ඇත. ඉතිහාසගත වන දුම්රිය, ගුවන්, ගොඩබිම්, මුහුදු අනතුරු වාර්තා වී දියඹේද ගිනි විපත් මතුවෙනවා ඇත.
වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී මනුසිත වල්මත් වී සියදිවි නසාගැනීම් ඉස්මතු වන්නේය. සහන කණ්ඩායම් දැන් සිටම වැඩට බැස සැලසුම් සැකසීම යෙහෙකි. මුදලේ අගය පහළ බසින අතර නව සොයාගැනීම් ව්‍යාප්ත වෙයි.
ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් සිදුකිරීමේ නව තාක්ෂණයක් ක්‍රමවත්ව සමාජගත කිරීමට මනෝවිද්‍යාඥයින් යුහුසුළු වෙනවා ඇත. දෙවියන් හා අමනුෂ්‍යයින් සමඟ කතාබහ කිරීමට තරම් මනුෂ්‍යයා ආධ්‍යාත්මිකත්වයෙන් වරම් ගන්නවා සේම නව තාක්ෂණික මෙවලම් හඳුන්වා දීමේ ආරම්භයක්ද 2021 දී ලොවට දායාද කිරීමට ග්‍රහ ශක්තිය පසුබට නොවනු ඇත.
මේෂ - අමතර ආදායමක්
ලග්න ත්‍රිකෝණයේ කුජ, යුරේනස්, චන්ද්‍ර, රවි, බුධ ගෝචරයකින් ඇරඹෙන ලග්නයකි. ජූනි මාසය පමණ වනවිට අලුත් දේවල් පිළිබඳව නව අත්දැකීම් ලැබේ. කරන කියන කටයුතුවලට අමතරව බලාපොරොත්තු නොවූ දෙයකින් අමතර ආදායමක් ලබාගත හැක.
වසර මැදදී ශරීරයේ ඌෂ්ණත්වය ඉහළ යා හැක. උණ වැනි රෝගාබාධ වැළඳීමේ අවදානම පවතී. එමෙන් මංගල යෝග උදාවන නිසා කල වයස සපිරි අවිවාහක කෙනෙකු නම් දැන් සිටම සූදානම් වන්න.
උසස් අධ්‍යාපනයට වරම් ඇතත් ප්‍රබල බාධාවක් එල්ල වීම නිසා තරමක පසුබෑමකට ලක්වුවත් එය පසුව නිවැරදි වේවි. යහපත් සෞඛ්‍ය තත්ත්වය උදෙසා සෙනසුරු ග්‍රහ කන්නලව්වක් සිදුකර ගන්න. දිනපතාම දිය පිරිතෙන් පිරිත් කළ පැන් පානය කරන්න.
වෘෂභ - රෝගාබාධ සුවවේ
රාහු ග්‍රහයාගේ බලයටද, පඨවි ගුප්ත ත්‍රිකෝණ ශක්තියටද යටත්ව මෙම වසර ඔබට ක්‍රියාත්මක වෙයි. වසර මැද වනවිට ජීවන තත්ත්වය ස්ථාවර කරගත හැකිවනු ඇත. අප්‍රේල්, අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී සියලුම කටයුතු වගකීමෙන් යුතුව ඉටුකිරීමට වගබලාගත යුතුය. දිගු කාලයක සිට පැවති රෝගාබාධ තත්ත්වයන් නොවැම්බර් පමණ වනවිට සුව වනු ඇත.
ත්‍රිමූර්තිය ප්‍රමුඛ කරගෙන සර්ව දේවතා පූජාවන්ද ධන ආකර්ෂණය ගුප්ත ක්‍රම භාවිතයද තුළින් විශේෂ ජය ලබාගත හැක.
මිථුන - ධන සම්පත්
මීනාදී දක්ෂිණාවෘත ඔබගේ දෛව ග්‍රහසටහන තුළ වායෝ ගුප්ත ත්‍රිකෝණය මේ වර්ෂය තුළදී බලගැන්වෙයි. පසුගිය වසරේ සිට සිදුකළ රැකියා සහ ස්වයංරැකියා බල ගැන්වෙනවා ඇත. ධන සම්පත් ළඟා කරගත හැකි වර්ෂයක් වෙයි.
ඔබ ගණදෙවියන් කෙරෙහි විශ්වාසයෙන් පින්දෙන ගාථාවන් කියා පින් දී නැණ නුවණ යදින්න. ඉගෙනීම් දියුණුව සහිතව විභාග ජය ලබාගත හැක.
වර්ෂයේ අවසාන කාර්තුවේදී හදිසි අනතුරු ආදියෙන් මිදීමට කටයුතු කළයුතු බවට සිතේ තබාගන්න. මැයි මාසයේදී උණ ආදී රෝගවලින් මිදීමට කටයුතු කර ගන්න. ඔබ ඉන්ද්‍රියයන් දමන නෛවද්‍ය යන වැඳුම් සිදුකර ආනාපාන සති භාවනාව වඩනවා නම් ඉතා පහසුවෙන්ම මේ වර්ෂය ඔබට සාර්ථක වසරක් කරගත හැක.
කටක - ආර්ථික ගැටලු
ඉන්දීය භිර්ගු නන්දන නාඩිය පවසන්නේ ඔබගේ ආපෝ ගුප්ත ත්‍රිකෝණය ප්‍රබල ලෙසම මෙම වසර ආරම්භයේ සිටම සක්‍රීය වන බවයි. ඉටු නොවී තිබූ බලාපොරොත්තු කීපයක් ඉටුකරගත හැකිවනු ඇත.
නමුත් රැකීරක්ෂා කටයුතුවලටද, ස්ථීර දේපලවලටද, තැන්පත් ධනයට අභියෝග එල්ල වී ළඟින් ඇසුරු කරන සමහර අය තමාගෙන් ඉවත්ව යාමටද ඉඩ ඇත. අප්‍රේල්, මැයි මාසවලදි වගාකරන කෙනෙකු නම් වගකීමෙන් කටයුතු කළ යුතුය. ජූලි, අගෝස්තු මාසවලදී ගමනේ බිමනේදී පරිස්සම් වන්න. කලාකරුවෙකු නම් සැප්තැම්බර් වන විට සතුටුදායක ආරංචියක් ලැබේ. නොවැම්බර් වනවිට ප්‍රබල ආර්ථික ප්‍රශ්නයක් මතුවන නිසා දැන් සිටම ඉතිරි කරන්න.
රැකියා ව්‍යාපාර දියුණු කරගෙන ධනය ළඟාකර ගැනීම සඳහා විශ්ව ආලෝක පූජාවේ සතියකට වරක්වත් යෙදෙන්න. විවාහය ප්‍රමාද කෙනෙකු නම් ඒ තුළින්ම මංගල යෝගද උදාකර ගත හැක. ස්වභාවික ප්‍රතිශක්තිය රැක ගැනීම සඳහා දිය පිරිත භාවිත කරන්න.
සිංහ - හදිසි අනතුරු
ඔබගේ පඨවි ගුප්ත ත්‍රිකෝණය වසර පුරාවටම ප්‍රබල ලෙස සක්‍රීය වන බව ඉන්දීය භිර්ගු නන්දන නාඩිය පවසයි.
භූමිය සම්බන්ධ කරගෙන සිදුකරනු ලබන කටයුතුවලින් බොහෝ වාසි ලබාගත හැක. ගොඩනැගිල්ලක් ගෙයක් දොරක් සෑදීමට සුදුසුය. අරටු සහිත වගාවක් සිදුකිරීමට සුදුසුය. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් යන මාසවලදී පරිස්සම් වීමට වගබලා ගන්න. වටිනා කියන දෑ ගින්නෙන් ආරක්ෂා කර ගැනිමට උත්සුක වන්න. හදිසි අනතුරු ආදියේ අවදානමක් පවතින නිසා පුද්ගලික වාහනය භාවිත කිරීම සීමා කළ යුතුයි.
මෙම වර්ෂයේදී ඔබගේ තේජෝ ත්‍රිකෝණය පීඩාවන නිසා උණ රෝගවලින් බේරීමට අවධානය යොමුකරන්න. විශ්ව බල ආලෝක පූජාවේ යෙදෙන්න. දිය පිරිතෙන් පිරිත් කළ පැන් පානය තුළින් ශාරීරික නිරෝගිතාවය පතන්න. ගවයින්ට සාත්තු සප්පායම් කර ඊශ්වර දෙවියන්ට පින් අනුමෝදන් කොට ජීවිත ජයග්‍රහණය ලබාගන්න.
කන්‍යා - වැරදි තීරණයක්
මෙම වර්ෂයේදී අපෝ සහ පඨවි යන ගුප්ත ත්‍රිකෝණ දෙකම ඔබට සක්‍රීය වෙනවා ඇත. ස්වභාවික ප්‍රතිශක්තිය ඇතිකර ගැනීම සඳහා දිය පිරිත් බලගැන්වූ පැන් පානය ඉතා සුදුසුයි.
මාර්තු අප්‍රේල් මාසවලදී ඔබ වැරදි තීරණයක් ගැනීමට නියමිතය. ඒ තුළින් යම් ප්‍රමාණයකින් ඉදිරි ගමන අවහිර කරන බැවින් අන් අයගේ දැනමුතුකම්වලට ඇහුම්කන් දෙන්න. බෙල්ලෙන් ඉහළ ඉන්ද්‍රියයන්ගේ නිරෝගීතාවය පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන්න.
ඔබගේ ධනයක් දේපලක් අන්සතු වීමේ අවදානමක් පවතී. කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවලදී අවුල් ස්වභාවයක් හටගනු ඇත. එවිට ගණදෙවියන්ට පින්දෙන ගාථාවෙන් පින් දෙන පූජාවක් පවත්වන්න. නුවණ ලැබී උසස් අධ්‍යාපනය දියුණු කරගත හැක. දේපල රුකගැනීම සඳහා ගෘහාධිපති දෙවියන්ට පින්දෙන ගාථාවෙන් පින්දී නිවාසය ගේදොර රුකගෙන තම අයිතීන් සුරැකිය යුතුයි.
තුලා - නීතියෙන් විපතක්
ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්තයට අනුව වායුබල ගුප්ත ත්‍රිකෝණය අතිශයෙන් බලවත්ව ඔබට සක්‍රීය වෙයි. ඔබගේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ බලය වර්ධනය කරගත යුතු වසරක් බව පෙනේ. ඒ තුළින් ශාරීරික සහ මානසික සුවතාවය වර්ධනය කරගත යුතුයි.
ඔබගේ කීර්තිනාමය ඔප්නැංවෙන කාරණා කීපයක් ඉස්මතු වෙනවා ඇත. නමුත් සතුරු ක්‍රියාකාරකමක් ක්‍රියාත්මක වීම නිසා දියුණුව අඩපණ වීමේ තත්ත්වයක්ද මතුවෙයි. ඔබට අලුතින් ධනෝපායන මාර්ගයකට යොමුවීමට සිදුවේ. පවතින බොහෝ දේ විනාශ වී යා හැකි බැවිනි.
ඔබව නීති කරදරයකට පැටලවීමට සතුරකු විසින් කුමන්ත්‍රණයක් දියත් කරනු ඇත. එම අවදානම ජූලි මාසය වනවිට වර්ධනය වනු ඇත.
මෙම අවදානම් ස්වභාවයන් මර්දනය කරගැනීම සඳහා ත්‍රිවිධ රත්නයට පුද පූජා තබා බ්‍රහ්ම - විෂ්ණු - මහේෂ්වර යන ත්‍රිමූර්තියට පින් අනුමෝදන් කොට දැඩිමුණ්ඩ, සූනියම්, කඩවර යන දෙවිවරුන්ට කන්නලව් කොට ආශීර්වාද ලබාගන්න.
වෘශ්චික - රැකියා ව්‍යාපාර ගැටලු
ඔබගේ ආපෝ ගුප්ත ත්‍රිකෝණය ප්‍රබල ලෙස ගුරු, ශුක්‍ර, රාහු යන ග්‍රහ බලවේග විසින් උද්දීපනය කරන බව ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත විසින් පෙන්නුම් කරයි.
රුකීරක්ෂා කටයුතු හා ව්‍යාපාර කටයුතු ඉගෙනීම පිළිබඳව විවිධ ප්‍රශ්න මතු කරනු ඇත. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාදාමයන් සංසාරගත සතුරන් ඉස්මතු වී දියත් කරනු ඇත.
නමුත් වර්ග පරම්පරාවේ මියගිය ඥාතීන්ගේ දිව්‍ය ආත්මවල ආශීර්වාදය ලබාගැනීමෙන් බොහෝ අපල සමනය කරගත හැක. තම හත්මුතු පරම්පරාවේ ඥාතීන් සිහිකර පින් අනුමෝදන් කරන කුසල කර්මයක යෙදෙන්න. ඔවුන්ගේ පිහිට ලැබී තමාගේ ආත්ම ඉෂ්ඨ දිව්‍ය රාජයා බලවත් වී උදව් කරනු ලබත්වායි ආලෝක පූජාවක්ද පවත්වා යදින්න.
ධනු - උණ රෝග
නව වසර ඇරඹෙන්නේ කුජ, යුරේනස්, චන්ද්‍ර, ගුරු, ශනි යන ග්‍රහයින්ගේ බලයෙන් තේජෝ ත්‍රිකෝණය උත්තේජනය වෙමින් බවට ඉන්දීය භිර්ගු නන්දන නාඩියට පෙනේ.
අප්‍රේල් මාසය පමණ වන තෙක්ම ස්වභාවික ප්‍රතිශක්තිකරණ බලය හීන වන බව කිව යුතුය. ජූලි අගෝස්තු මාසවලදී පිටස්තර පුද්ගලයින්ගෙන් සහ ස්වභාවික විපත්තිවලින්ද අවදානම් ගෙනදීමට ඇති ඉඩකඩ වැඩිය. උණ රෝගවලින් ආරක්ෂා වීමටද වගබලා ගත යුතුයි. නව ආදායම් මාර්ගයක් තුළින් දියුණුව සළසා ගැනීමටද පුළුවන.
ඔබ සර්ව දේවතා පූජාවක් පවත්වා සෙනසුරු ග්‍රහ කන්නලව්වක් සිදුකර ගන්න. දිය පිරිත භාවිතා කර ස්වභාවික ප්‍රතිශක්තියට පින්දෙන ගාථාව කියා පින් අනුමෝදන් කොට විශ්ව බලයෙන් නැණ නුවන වඩවාගෙන ඉගෙනීම් ජයගෙන විභාග ජයද ලබාගන්න.
මකර - වාසනාවන්ත විවාහයක්
පඨවි භූත ගුප්ත ත්‍රිකෝණය නොවැම්බර් වනවිට ක්‍රම ක්‍රමයෙන් බලගැන්වෙනවා ඇත. යම් නව නිෂ්පාදන කෙරෙහි මනස ක්‍රියාකරනු ඇත. හස්ත කර්මාන්ත ආදියේ නව නිපැයුම් මනසට නැඟේ.
තිසරණ සරණ ගොස් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට පින් දෙන්න. අන් අය අතර ඔබට කැපී පෙනිය හැක. දරුවෙකුගේ නොවිසඳී තිබූ ප්‍රශ්නයක් නිරාකරණය වන වසරකි. උත්සාහය අත් නොහරින්න.
අගෝස්තු මාසය වනවිට ප්‍රබල අභියෝගයකට මුහුණදීමට සිදුවනවා ඇත. කිසිදු පැකිලීමක් නොමැතිව ඔබගේ ක්ෂණික ජීවාත්ම ඉෂ්ඨ දෙවිඳුට පින්දෙන ගාථාවෙන් පින් අනුමෝදන් කර සහනය ඉල්ලන්න. ඔබට ඒකාන්ත ජය ලැබේ.
සුදුසු කල වයස සපිරි කෙනෙකු නම් වාසනාවන්ත විවාහයක් සිදුවීමට නියමිතය. විභීෂණ දෙවියන්ට පූජාවක් තබා සෙත්කවි කියවීමෙන් විවාහය ප්‍රමාද කෙනෙකු නම් පැතුම ඉටුකර ගත හැක.
කුම්භ - වගාවෙන් ධන උල්පත්
ඔබගේ වායු ගුප්ත ත්‍රිකෝණය මෙම වර්ෂයේදී බලගැන්වෙන බව ඉන්දීය භිර්ගු නන්දන නාඩියට පෙනේ. ඔබ කුමන රැකියාවක හෝ ව්‍යාපාරයක යෙදෙන කෙනෙකු වුවද අද සිටම පෝච්චිවල බද්ධ පළතුරු වැනි දේ මෙන්ම එළවළු වගාවකටද පිවිසෙන්න. ඔබගේ විවේක කාලය ඔබට ධන උල්පතක් මවාවි.
ඔබ සෙනසුරු ග්‍රහ දෙවියන්ට එළඟි තෙල් පහන් සහිතව පූජා තබන්න. රෙදි පහන්තිර යොදා නොගෙන අනිවාර්යයෙන්ම බෙරු පහන්තිර යොදාගෙන නෙළුම් කොළ නමයක් මත කිරිබත් ගුලි නමයක් සහිත කපුටු දානයක් දෙන්න.
ජූලි මාසයේදී වැඩිපුර සෙනඟ ගැවසෙන විශාල ගොඩනැගිලි යට ඉන්න එපා. අධික වේගයෙන් ගමන් කරන වාහනවල ගමන් කරන්න එපා.
ආමාශ පීඩා ගෙනදිය හැක. එවිට දිනපතා උදේට දිය පිරිතෙන් පිරිත් කළ පැන් වීදුරුව බැගින් පානය කරන්න. ශරීරය සුවපත් වේවි.
මීන - ජීවන ජයග්‍රහණ
ඉන්දීය භිර්ගු නන්දන නාඩියට අනුව ඔබගේ ආපෝ ත්‍රිකෝණ බලය වර්ධනය වන වසරක් වන්නේය. තීක්ෂණ ඥානය උද්දීපනය වෙයි. නමුත් අප්‍රේල් මාසය දක්වා තරමක් පීඩාකාරීය. මැයි මාසයේ සිට ඉදිරියට ජීවන ජයග්‍රහණ රාශියක් ළඟාකර ගත හැක.
දෙවියන් කෙරෙහි විශේෂ භක්තියෙන් කටයුතු කරගෙන යන කෙනෙකු නම් අධ්‍යාත්මික ශක්තිය ඉහළ නංවාගෙන දියුණු වීමට මං විවර කරගත හැක.
එම නිවාස ගොඩනැගිලි නව ව්‍යාපාර ආදිය පිළිබඳව සැළසුම් සකසා ගැනීමට පසුබිම සැළසේ. විශ්වාසයෙන් යුතුව විශ්ව ශක්ති පහන් පූජාවන් මගින් ජීවිතය ජයගත හැක.
යම් යම් රෝග ඖෂධවලින් සුව නොවන අවස්ථා උදාවිය හැකි අතර දිය පිරිත භාවිතයෙන් විපුල ඵල නෙලාගත හැක.
ජ්‍යොතීර්විද්‍යා ශිරෝමනී අක්මීමණ සුරාශ්‍රී ගුණවර්ධන