1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී සංකල්පය හඳුන්වා දුන්නේ ක්‍රියාකාරී දේශපාලනයට අකැමැති හෝ ඉන් ජයගත නොහැකි නමුත් රටට අවශ්‍ය උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහාය. එසේම කිසියම් පක්ෂයකට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ආසනයක් දිනාගත නොහැකි වුවත් ඔවුන්ට සමස්ත රටෙන්ම ලැබෙන ඡන්ද ප්‍රමාණය මත යම් නියෝජනයක් ලබාදීමටය. එපමණක් නොව මෙම ක්‍රමය මගින් පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී පුරුෂ නියෝජනය මෙන්ම ජාති, ආගම් නියෝජනය සමතුලනය කිරීමටද අවස්ථාව තිබේ.
2020 මහා මැතිවරණ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මෙන්ම බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළුව භික්ෂුන් වහසේලා ප්‍රමුඛ කොටගත් ජාතික ව්‍යාපාරය පසුගිය මහ මැතිවරණ සදහා ඉදිරිපත්වනු ලැබුවේ අපේ ජනබල පක්ෂයෙන්ය. වෙනත් පිරිසකගෙන් තාවකාලිකව ලබාගෙන පිහිට වූ එම පක්ෂයේ ලේකම් ධුරයට පත්කර සිටිෙය් වේදිනිගම විමලතිස්ස හිමියන්ය.
මෙහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුණෑගලින් ලබාදුන් නාමයෝජනා ප්‍රතික්ෂේප වීම මත තරග කිරීමට අවස්ථාවක් නොලැබුණ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ තරග කළහ.
කෙසේවෙතත් සැලකියයුතු මනාප ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට නොහැකි වීම ඔස්සේ අපේ ජනබල පක්ෂයෙන් කිසිදු මන්ත්‍රී ධුරයක් දිස්ත්‍රික්ක වශයෙන් නොලැබුණද දිවයින පුරා සමස්ත ඡන්ද 67,758 ක් ලබාගැනීම මත පක්ෂයට එක් ජාතික ලැයිස්තු ආසනයක් ලබාගැනීම හැකියාව ලැබිණි. මහ මැතිවරණයෙන් පසු කාලයක් මුළුල්ලේම අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී අසුන පිළිබඳව දැඩි කථා බහක් මතුවිය. එනම් මන්ත්‍රී ආසනය සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සුදුසු බව පිරිසක් පවසද්දී තවත් පිරිසක් එයට රතන හිමියන් සුදුසු බව පැවසීමය.
වරින්වර මතුවුණ අපේ ජනබල පක්ෂයේ මෙම මන්ත්‍රී ධුර ගැටලුව සඳහා නීතිමය බාධාවක් පැන නැගුණි. එනම් මැතිවරණයේ කිසිදු ලැයිස්තුවකට ඇතුළත්ව නොසිටි අයකු මුල් වටයේදීම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරගත නොහැකි බවට ව්‍යවස්ථාවේ තිබීමය.
මෙවන් ආන්දෝලනාත්මක පසුබිමක පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැටලුව විසඳෙන තෙක් තමා එම මන්ත්‍රී ධුරයට පත්කරන ලෙසට පසුගිය අගෝස්තු මස 07 වැනිදා අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් සිය අත්සනින් යුතු ලිපියක් මැතිවරණ කොමිසමට යවා තිබිණ.
මෙහිදී විමලතිස්ස හිමියන්ගේ ඉල්ලීම අභියෝගයට ලක්කරමින් එම පක්ෂයේ සභාපති අදාළ ලිපිය පිළිනොගන්නා ලෙස ඉල්ලා තවත් ලිපියක් මැතිවරණ කොමිසම වෙත යැවීමටද කටයුතු කර තිබිණි. එමෙන්ම මැතිවරණ කොමිසමට එන්තරවාසියක් යැවීමටද එම පක්ෂය කටයුතු කළේය.
කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් හමුවේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ ලේකම්ධුරය ඉවත්කර නව ලේකම්වරයකු පත්කර පක්ෂයේ නායක සමන් පෙරේරාගේ නම ජාතික ලැයිස්තුවට යෝජනා කෙරිණි. සමන් පෙරේරා පසුව ඉවත්ව අදාළ මන්ත්‍රී ධුරය ඥානසාර හිමියන්ට ලබාදෙන බව එම පක්ෂයේ තීරණය වී තිබිණි.
කෙසේ වෙතත් පසුගිය මාස කිහිපයෙහි බරපතළ ගැටලුවක් බවට පත්වී තිබූ අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධුරය මේ වනවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට හිමි වී ඇත. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතුරලියේ රතන හිමියන් සහ පක්ෂයේ සභාපති සමන් පෙරේරා පසුගිය 7 වැනිදා මෙම මන්ත්‍රීධුරය පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ජාතික ලැයිස්තුව පිළිබඳ අවසන් තීරණයක් ගත් බව පක්ෂ ආරංචි මාර්ග පැවසීය.
සියලුදෙනාගේ තීන්දුවෙන් මා පාර්ලිමේන්තු යනවා
අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි
කවුරුත් දන්නවා අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධුරය සඳහා පසුගිය කාලයේ සිදුවුණ දේවල් ඒ වගේම මන්ත්‍රීධුරය සඳහා නම් තුනක් ඉදිරිපත්ව තිබුණා. ඒ වගේම අධිකරණයට යන්නත් වුණා. මේ ප්‍රශ්නය නිසා කෙසේ වෙතත් අවසානයේ සියලු බලවේග තීරණය කළා මාව පාර්ලිමේන්තුවට යවන්න.
සටහන: හසිත් අංජන