කොවිඩ්-19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමඟ රටවල් බොහොමයක් රෝගය සුවකරලීම උදෙසා විවිධ වෛද්‍ය ක්‍රම අත්හදා බැලීය. මේ වනවිටත් තවත් අත්හදා බැලීම්වල නිතර වෙමින්ද සිටියි. ඇතැම් බලවත් රටවල් එන්නත් ක්‍රම අත්හදා බලමින් සාර්ථක විසඳුමක් උදෙසා ප්‍රයත්නයක් දරන අතර තවත් රටවල් මේ සඳහා බෙහෙත් පෙති අත්හදා බලමින් සිටී.
මේවායින් ඇතැම් ක්‍රම අසාර්ථක ප්‍රතිඵල ලැබුණු අතර තවත් ක්‍රමවලින් යම්දුරකට සාර්ථකත්වයක් ලොවට ඔප්පු වී හමාරය. ඒ අනුව අමෙරිකාවේ අත්හදා බැලූ සාර්ථක එන්නත මේ වනවිට ඒ රට තුළ ලබාදෙමින් පවතී.
බලවත් රටවල් එවැනි බලවත් ක්‍රම අත්හදා බලද්දී කොඩිඩ් වසංගතයෙන් රට බේරාගැනීමට දේශීය වෙදකමට අනුව දේශීය ආයුර්වේද පැණියක් හඳුන්වා දීමට කෑගල්ල ප්‍රදේශයේ ජීවත්වන ධම්මික බණ්ඩාර වෙද මහතාට හැකියාව ලැබුණි. ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයක් දේශය පුවත්පතෙන් අපි පසුගියදා ඉදිරිපත් කළෙමු.
දෙසැම්බර් අටවැනිදා ධම්මික වෙද මහතා විසින් මෙම දේශීය පැණිය නොමිලේ ජනතාවට ලබාදීමත් සමඟ විවිධ පළාත්වලින් කෑගලු දිස්ත්‍රික්කයෙන් ජනතාවට ඇදී ආ අතර පන්දාහක් පැණි බෝතල් සකසා තිබුණද ඊට වඩා විශාල ප්‍රමාණ්‍යක් මෙය නොමිලේ ලබාගැනීමට පැමිණීමත් සමග විශාල තදබදයක් එම ප්‍රදේශයේ දක්නට ලැබුණි. ආරක්ෂක අංශ ඉදිරිපත් වී පැමිණි සිට ජනතාව හසුරුවාලීමටද සිදුවුණි.
කෙසේවුවද ධම්මික වෙද මහතාගේ "කොවිඩ් පැණිය" පිළිබඳව වාර්තාවීමත් සමඟ බොහෝ දෙනා සැනසුම් සුසුම් හෙලමින් පැණිය පිළිබඳව විශ්වාසය ඇති කිරීමට උත්සාහ දරද්දී ඇතැම්හු ඒ පිළිබඳව විවේචන කළහ. කෙනෙකු තවත් කෙනෙකු මුණගැසෙන්නට බය වූ වටපිටාවක මෙම "පැණිය" පිළිබඳව ඇතැමුන් සුභවාදී ආකල්පයකින් බලද්දී තවත් කෙනෙක් ඒ පිළිබඳව චෝදනා කළහ.
කෙසේ වුවද මේ වනවිට ආයුර්වේද දෙපාර්තමේන්තුව එය අතිරේක ආහාරයක් ලෙස නම්කර ඇති අතර පත්කරන ලද කමිටුව විසින් පර් ෙය්ෂණය කොට මෙය සාර්ථක යැයි නිගමනය වුවහොත් ඉතා ඉක්මනින් කොවිඩ් රෝගීන් හට ලබාදීමට කටයුතු කරනු ඇත.
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
"කොවිඩ් රෝගය සඳහා නිෂ්පාදනය කළ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පිළිබඳව මේ වනවිට යම් කතාවක් ඇතිවෙලා තිබෙනවා. එයින් කෑගල්ල ප්‍රදේශයේ සකස් කළ මෙම පැණිය සම්බන්දව ජනමාධ්‍ය හරහා ලබාදුන් ප්‍රචාරයත් සමඟ විශේෂ අවධානයක් යොමුවී තිබෙනවා. මේ වනවිට මෙවැනි ඖෂධ වට්ටෝරු විසිපහක් පමණ ප්‍රමාණයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම සඳහා අයැදුම්පත් ලැබී ඇති බවත් සඳහන් වෙනවා. එන්නතක් හෝ බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව සැකසූ බෙහෙතක්, මෙන්ම ලංකාවේ සකස් වන මෙම බෙහෙතක් ගත්තත් අනිවාර්යයෙන්ම විද්‍යාත්මක පදනමක් සහිතව තහවුරු විය යුතුයි. අඩුම තරමෙන් මෙය ආයුර්වේද වෛද්‍ය පර් යේෂණයකින් තහවුරු විය යුතුයි. මේ සියල්ල විද්‍යාත්මක ප්‍රවේශයන් හරහා විය යුතුයි. රටක් ලෙස මෙලෙස තවමත් තහවුරු නොවුණු දෙයක් පසුපස යාමේදී අපි විශේෂයෙන් අනුගමනය කළයුතු මූලික හුරුපුරුදුකම් පවා අමතක කරලයි තියෙන්නේ. පසුගියදා කෑගල්ලේදී නොමිලේ ලබාදුන් මෙම පැණිය ලබාගැනීමට පැමිණි ජනතාව නිසා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයේ කෑගල්ල ප්‍රදේශයද අවදානමකට ලක්වුණා. මූලික සෞඛ්‍ය පුරුදු අමතක කර මේ පැණිය ලබාගන්නට විශාල ජනතාවක් එතැන එක්රැස් වුණා.
ඒ නිසා බලධාරීන්ට මේ සම්බන්ධව විශාල වගකීමක් තිබෙනවා මේ සම්බන්ධව කළයුතු පරීක්ෂණය ඉක්මන් කරන්න. මේවා සැකසංකා සහිතව ඉදිරියට ගෙන යාම ඉතා අහිතකරයි. මේ පරීක්ෂණ කඩිනම් කොට මෙහි ඇත්ත නැත්ත රටටම පැහැදිලි කරන්න. එතෙක් මේ රෝගය වළක්වාගත හැකි හොඳම ක්‍රමවේද ලෙස තහවුරු වී තිබෙන නිවැරදිව දෑත් සේදීම, මුඛ ආවරණ නිවැරදිව පාවිච්චි කිරීම සහ මීටරයේ දුර තබාගන්න යන මූලික සිද්ධාන්ත තුන මත පිහිටා කටයුතු කරන්න. තවමත් විද්‍යාත්මකව තහවුරු නොවුණු දෙයක් පිටුපස ගොස් විද්‍යාත්මකව තහවුරු වුණු සිද්ධාන්ත අමතක කර දමා කටයුතු කිරීම කරන්න එපා යැයි අපි ඉල්ලා සිටිනවා."
කොවිඩ් පැණිය හෙවත් ධම්මික වෙද මහතාගේ පැණිය පිළිබඳව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය සභාපති රවි කුමුදේශ් මහතා පළකළේ මෙවන් අදහසකි.
"අද වනවිට රටේ පවතින වසංගත තත්ත්වයට වඩා වසංගතයක් බවට මේ පැණි පෝලිම පත්වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව රජයට, සෞඛ්‍ය අමාත්‍යංශය මීට වඩා වගකීමක් බාරගත යුතු වෙනවා. විවිධ පැණි වර්ග, දේශීයත්වය ප්‍රමුඛ කරගත්, නිෂ්පාදන වෙළෙන්දන් පැත්තෙන් සහ විවිධ දේශපාලනඥයන් පැත්තෙන් එනවා. එම නිසා මෙවැනි පැණි ගැන නිවැරදි සොයාබැලීමක් කළයුතු වෙනවා. දේශීයත්වය ගැන කතාකළාම තමන්ට දේශපාලන වාසි ලබාගත හැකි යැයි සමහරු හිතනවා. අද මේ රටේ සෞඛ්‍ය සේවය ගැන, විද්‍යාව ගැන දන්නේවත් නැති මිනිස්සු මේවා පස්සේ ගොස් මේ කොරෝනා පාලනය ව්‍යාකූල තත්ත්වයට පත්කරලා තිබෙනවා."
කොවිඩ් 19 වසංගතය සුව කරලීම උදෙසා කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් සැකසූ මෙම දේශීය පැණිය වෙනුවෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාද මෙසේ අදහස් දැක්වීය. පසුගියදා දිනෙක අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සමඟ ධම්මික බණ්ඩාර වෙද මහතා පාර්ලිමේන්තුවට ගොස් මෙම පැණිය කතානායක ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකුටද ලබාදීමට ක්‍රියා කළේය.
"වෙදමහතා මෙම පැණිය කතානායකතුමන්ට ලබාදීමට අවස්ථාවක් ලබාගැනීමට කැමැත්ත පළකළා. අපි එයට අවස්ථාව ලබාදුන්නා. ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් මෙම පැණිය අතිරේක ආහාරයක් ලෙස අනුමත කරලා තියෙනවා. ඒක පෝෂණ විද්‍යාත්මකව වැදගත් වෙනවා. ඒ නිසා එය කතානායකතුමන් විසින් බාරගත්තා. අපි ඒක පිළිගැන්වූවා. විපක්ෂ මන්ත්‍රීවරු දේශීය දේවල්වලට බරපතළ ලෙස පහර ගහන අවස්ථාවක අපි මේ රටේ දේශීය ස්වභාවික ආහාරපාන පිළිබඳව බයක් ඇතිකරගත යුතු වන්නේ නැහැ. මේක ආයුර්වේද දෙපාර්තමේන්තුවත් දේශීය වෛද්‍ය අමාත්‍යංශයත් වගේම කොවිඩ් මර්දනය පිළිබඳව දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් පත්කළ කමිටුවත් මෙය අතිරේක ආහාරයක් ලෙස අනුමත කළා. පවත්වනු ලබන රසායන පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව මෙය ඖෂධයක්ද නැද්ද කියලා ඉදිරියේදී තීරණය වේවි. මේ පැණියට අනුව මේ රටේ හෙළ වෛද්‍යවරු කොවිඩ් වසංගතයෙන් බේරීමට ගතහැකි ඔසු වට්ටෝරු විසිපහකට වඩා ප්‍රමාණයක් දේශීය වෛද්‍ය අමාත්‍යංශයට ලබාදී තිබෙනවා. ඒවා ගැනත් අපි අධ්‍යයනය කරනවා."
මේ සම්බන්ධව ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් හෙන්දවිතාරණ මහතාද මෙසේ මාධ්‍යයට අදහස් දැක්වීය.
"මේ වනවිට මෙම කොවිඩ් වසංගතයෙන් බේරීමට ප්‍රධාන වශයෙන් දේශීය වට්ටෝරු කිහිපයක් ඉදිරිපත් වෙලා කරලා තියෙනවා. මේවායින් සමහරක් වට්ටෝරුවලට සායනික පරීක්ෂණ කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව හෝ සෞඛ්‍ය අමාත්‍යංශය අසමත් වෙලා තිබෙනවා. කරුණාකර මෙම ඖෂධ සඳහා කඩිනමින් පරීක්ෂණ පවත්වන්න යැයි අපි ඉල්ලා සිටිනවා."
දේශීය වට්ටෝරු කිහිපයක්ම මෙලෙස අනුමතය ලබාදෙන්න යැයි ඉල්ලීම් කරන අවදියක ඒ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද මෙසේ අදහස් දැක්වීය.
"මේ සම්බන්ධව එක පැණියක් නොව පැණි වර්ග කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඊට අමතරව ආයුර්වේදයෙන්, හෙළ වෙදකමින්, දේශීය වෙදකමින් විවිධ ඖෂධයක් හඳුන්වා දුන්නා. ඒවායේ යම් සාර්ථක ප්‍රතිඵලයක් තිබෙනවා නම් එය ක්‍රමානුකූලව
පර් ෙය්ෂණය කොට, අධ්‍යයනය කොට රටට හෙළිදරව් කිරීමට අපි වගකීම් ඇති රජයක් ලෙස කටයුතු කරනවා."
මේ අතර ධම්මික බණ්ඩාර වෙද මහතා නිෂ්පාදනය කළ මෙම කොවිඩ් මර්දන පැණිය දළදා වහන්සේ වෙත පූජා කිරීමක්ද පසුගියදා සිදුකෙරුණි. එම අවස්ථාවද දියවඩන නිළමේ නිලංග දෑල මහතාද සහභාගි වුණි. මෙහිදී අස්ගිරි අනුනායක ආනමඩුවේ ධම්මදස්සි හිමියන්ටද අස්ගිරි විහාරයේදී අස්ගිරි මහනායක හිමියන් වෙතද පැණිය පූජා කෙරුණි.
එමෙන්ම පසුගිය දිනෙක ධම්මික වෙද මහතා මෙම පැණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේටද පූජා කළේය. පසුව එය අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් වෙත පූජා කෙරුණි. එමෙන්ම රුවන්වැලි මහ සෑයටද කොවිඩ් මර්දන මෙම ඖෂධය පූජා කෙරුණු අතර විහාරාධිපති පල්ලේගම හේමරතන හිමි වෙතද මෙම හෙළ ඔසුව පිළිගන්වනු ලැබීය.
දිශානි ජයමාලි කරුණාරත්න