
කොවිඩ්-19 පිළිබඳ ලෝක අවදානම යළිත් උපරිම තලයකට පැමිණ තිබේ. ඊට හේතුව කොවිඩ් දෙවැනි රැල්ල හිතනවාට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත වීමය. අමෙරිකාව, යුරෝපය හා ඉන්දියාව මීට හොඳම නිදර්ශන ලෙස පවතී. එක් අතකින් ආසාදිතයන්ගේ ගණන සීඝ්‍රයෙන් ඉහළ යයි. තව අතකින් මරණ සංඛ්‍යාව වැඩි වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තත්ත්වය බැරෑරුම් බව ප්‍රකාශ කර තිබේ. වසංගතය මර්දනය සඳහා රජය ගෙන ඇති පියවර කිසි ලෙසකින් ලිහිල් වී නැත. මහජනයාට කොවිඩ් සම්බන්ධයෙන් ඇති අවබෝධයෙහි අඩුවක් ද දකින්නට නැත. එහෙත් මිනුවන්ගොඩින් ආරම්භ වූ දෙවැනි රුල්ල තවම පාලනය වී නැත. එය බරපතළ තත්ත්වයකි. මේ අනුව ඉදිරි කාලය වඩාත් වගකීම් සහගත වෙයි.
අප මුහුණදෙන අභියෝගය වන්නේ වසංගතයට මුහුණ දෙමින් දෛනික ජීවිතය ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යන්නේ කෙසේද යන්නය. ඊට අවශ්‍ය වැදගත් උපදේශන ගණනාවක් රජය දී ඇත. එම උපදේශන නීතියක් ලෙස ද ක්‍රියාත්මක වෙයි. අප හැමදාම පෙන්වා දෙන ආකාරයට මෙය සාමූහික වගකීමකි. සාමූහික යුතුකමකි. පුරවැසියා, රජය, ආයතන පමණක් නොව, විවිධ සංවිධාන පවා තම වගකීම් හා යුතුකම් කෙරෙහි පූර්ණ අවබෝධයකින් ක්‍රියා කිරීම වැදගත්ය.
ඩුබායි සංචාරයක නිරතව නිරෝධායනයට ලක් නොවූ කොවිඩ්-19 වෛරසය ආසාධිත වූ පුද්ගලයකු හේතුවෙන් බණ්ඩාරගම අටළුගම ගම්මානට මුද්‍රා තබා ගම්මානයේ ජීවත් වන සියලු දෙනා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පසුගිය 27 දා පියවර ගත්තේය. ඒ අනුව මෙම ගම්මානයේ පවුල් 5000ක පමණ පුද්ගලයන් 20,000ක් දින 14ක් යන තුරු සිය නිවාස තුළම රඳවා ස්වයං නිරෝධායනයට යොමු කරනු ඇත.
මේ පුද්ගලයා ගැන බණ්ඩාරගම පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ 24 වැනිදාය. ඒ අනුව ඔහුගේ නිවෙසට සෞඛ්‍ය අංශ සමඟ පොලීසිය ගොස් ඇති අතර මුලදී ඔහු තමා ඩුබායි ගිය බව පිළිගැනීමට මැළිකමක් දක්වා තිබේ. මේ වන විටත් ඔහු ඩුබායි ගියේ කුමන කාරණාවක් සඳහා දැයි අනාවරණය වී නැත. දීර්ඝ ලෙස ඔහුගෙන් පොලීසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ තමා ඩුබායි ගිය බව පිළිගෙන ඇති අතර එහිදී ඔහු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කොවිඩ්-19 වෛරසයේ රෝගී ලක්ෂණ ඔහුට පෙන්නුම් කර ඇත්තේ 25 වැනිදාය.
ඒ බව දැනගත් සෞඛ්‍ය අංශ පොලීසියේ සහාය ඇතිව ඔහුව වහාම කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එම පුද්ගලයාට කොවිඩ්-19 රෝගී තත්ත්වය වැළඳී ඇතැයි තහවුරු වන්නේ පසුගිය 26දා සවසය. ඒ අනුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කිරීමට නාගොඩ රෝහල් බලධාරීහු පියවර ගත්හ.
මෙලෙස වසා දැමුණු අටළුගම ප්‍රදේශයේ මුස්ලිම් වැසියන් බොහෝ දෙනකු පී.සී.ආර්. පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම නිසා පසුගිය දිනවල අටළුගම ප්‍රදේශයේ දැඩි අර්බුදයක් හටගෙන තිබූ අතර මේ වන විට එය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් ඇත. මේ වන විට බණ්ඩාරගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ 1000ක් පමණ සිදු කර ඇති අතර ඉන් 321 දෙනකුට කොවිඩ් රෝගය වැළඳී තිබේ. අටළුගම වැසියන් කොරෝනා හඳුනා ගැනීමේ පී.සී.ආර්. ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව දේශයේ අපි පාර්ශ්ව කිහිපයකින් කරුණු විමසීමක් කළෙමු.
සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳාගත්තා
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයකු සිටින බවට වාර්තා වුණේ පසුගිය 27 වැනිදා. ඊට පස්සේ ඒ ප්‍රදේශය ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. ඊට පස්සේ සෞඛ්‍ය අංශ මෙම ප්‍රදේශයේ ආසාධිතයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කරන්න හැදුවත් ඔවුන් ඒ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වුණේ නැහැ. ඇත්තටම මේ තත්ත්වය නිසා දැඩි අර්බුදකාරී තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. ඊට පස්සේ අපි ප්‍රාදේශීය සභාවේ ඉන්න මුස්ලිම් මහජන නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමුවෙලා මේ පිළිබඳව සාකච්ඡා කළා. දැන් මේ වන විට එලෙස හුදෙකලා කෙරුණු ගම්මානවල පිරිස් එම පී.සී.ආර්. සඳහා යොමුවෙමින් පවතිනවා. පසුගිය දින දෙක තුළ පී.සී.ආර්. පරීක්ෂාවන් 1000කට අධික ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ඒ පරීක්ෂණවලින් පොසිටිව් වුණු අය ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් කටයුතු කරලා තියෙනවා.
බිය නිසා තමයි එහෙම වෙලා තිබුණේ
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ.ජේ.එම්. සිංග්සාර්
බණ්ඩාරගම ප්‍රදේශයේ හුදෙකලා කෙරුණු ගම්මානවල මුස්ලිම් වැසියන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවීම නිසා පසුගිය දිනවල දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. නමුත් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා. දැන් දැන් ජනතාව එම පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සඳහා ඉදිරිපත් වෙනවා. මේ ජනතාව පී.සී.ආර්. කරන්න තියෙන බය නිසා තමයි මේ කටයුතු සඳහා ඉදිරිපත් වෙලා නොතිබුණේ. නමුත් අපේ සභාපතිතුමා ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන් හමුවෙලා මේ පිළිබඳව දැනුවත් කළාට පස්සේ ඒ ආගමික නායකයන් පල්ලිවලින් ජනතාව දැනුවත් කළා. ඊට පස්සේ මේ තත්ත්වය දැන් වන විට වෙනස් වෙලා තියෙනවා.
පළමු රෝගියා සොයාගන්නකොටත් පොකුර හැදිලා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ
බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයෙන් මුල්ම රෝගීන් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ලැබුණේ දින දෙකකටත් එහා ගිය ප්‍රමාදයක් සහිතව. ඒ අනුව පළමු රෝගීන් හඳුනා ගැනීමට හැකිවුණේ රෝගීන් පොකුරක් නිර්මාණය වීමෙන් අනතුරුව. පැය 48කට වඩා එළියට ගිහිල්ලා පරක්කු වෙලා දෙන ප්‍රතිඵල හරහා තීන්දු තීරණ ගන්න බෑ ඒ ප්‍රදේශ ගැන. ඒවා අවුට් ඩේටඩ්. එහෙම නැත්නම් පිළුණු වෙච්ච දත්ත මත තමයි අපට තීරණ ගන්න වෙන්නෙ. බණ්ඩාරගම අටළුගම පළවැනි රෝගීන් ටික වාර්තා වෙනකොට ඒ පී.සී.ආර්. සාම්පල් ගත්ත දවසයි වාර්තා ආපු දවසයි අතර දවස් කීයක පරතරයක් තියෙනවාද කියලා හොයලා බලන්නකො. දවස් දෙකකට එහා පැත්තෙ. ඒ කියන්නෙ පැය 48කට එහා පැත්තෙ පිළුණු වෙච්ච දත්තත් එක්ක තමයි බණ්ඩාරගම තීරණ ගන්න වුණේ අපට. ඒ නිසා තමයි අපට අර පළවැනි රෝගියා වාර්තා වෙනකොට රෝගීන් පොකුරක් නිර්මාණය වෙලා ඉවරයි. ඒ අපේ මේ පරක්කුවත් එක්ක.
සටහන: හසිත් අංජන