තෙවැනි වාරය සඳහා බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් පසුගිය 23 දා විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ යටතේ 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පමණක් ආරම්භ කෙරිණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද කියා සිටියේ කොවිඩ් වසංගතය අවසන් වන තෙක් වසරක් දෙකක් පාසල් වසා දමා තැබිය නොහැකි හෙයින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් ආරම්භ කිරීමේ ගැටලුවක් නොමැති බවය.
මෙම තීරණය හිතුවක්කාර ලෙස ගන්නා ලද්දක් නොව විදුහල්පතිවරුන්, ගුරුවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් වැනි පිරිසකගේ අදහස් විමසා බලා දරුවන්ගේ සෞඛ්‍ය මෙන්ම ඔවුන්ගේ අනාගතය පිළිබඳවද සලකා බැලීමෙන් පසු ගන්නා ලද තුලනාත්මක තීරණයක් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අංශවල මතය වූයේද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පාසල් විවෘත කළ යුතු බවටය. පාසල් යළි විවෘත කිරීමට තීරණ වූයේ වසංගතවේද පාලන ක්‍රමවේද අනුව තීරණය කිරීමෙන් පසුවයි. වෛරසය සම්පූර්ණයෙන් ඉවත්වන තෙක් බලා සිටියොත් අපට කවදා පාසල් විවෘත කළ හැකිදැයි කිව නොහැකියි. ගියවර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශ මෙවරත් ක්‍රියාත්මකයි. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට පාසල් අධීක්ෂණය කරන ලෙසට දන්වා තිබෙනවා.* යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ දරුවන් පාසල්වලට ගෙන්වා ගැනීමට තීරණය කළේ අධ්‍යාපනය බිඳ නොවැටී පවත්වාගෙන යෑමට අවශ්‍ය නිසා බවයි. &පාසල් සූදානම්, ඔබට ඉගෙන ගැනීමේ අවශ්‍යතාවත් තිබේනම් පාසලට එන්න. 23දා පාසල් විවෘත කළ විට උතුරු පළාතේ සිසුන්ගේ පැමිණීම 96%ක ඉහළ අගයක් පැවතුණා. රටේ දුෂ්කර එමෙන්ම ළමයින් 50 අඩු සිසුන් පිරිසක් සිටින පාසල් එක්දහස් හාරසිය හැට අටක් තිබෙනවා සීයයට අඩු ළමුන් ප්‍රමාණයක් සිටින පාසල් එක්දහස් හාරසිය අසූ අටක් තිබෙනවා ඒ වගේම එක දරුවෙක් පමණක් එන පාසලකුත් තිබෙනවා, දෙදෙනකු සිටින පාසල් පහක් තිබෙනවා. 77.3%ක් ම තිබෙන්නේ ළමයි පන්සියයට අඩු දුෂ්කර පාසල්. මෙන්න මේ දරුවන් සඳහා තමයි අප පසුගිය සඳුදා පාසල් විවෘත කළේ. දෙමව්පියන්, ආදිශිෂ්‍ය සංගම්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ස්වාධීනව තීරණ ගන්න අපි අවස්ථාව ලබා දී තිබෙනවා.
කොවිඩ් පාලන කටයුතු සඳහා පාසල්වලට අවශ්‍ය උපකරණ ගැනීම සඳහා පාසල් 5233ක් සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මිලියන 105කට අධික මුදලක් වෙන් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කරයි.. මේ වන විට 65%කට අධික ප්‍රමාණයක් පාසල්වලට ලබා දී තිබේ.
හදිසියේ පාසල් විවෘත කිරීමේ තීරණයට ගුරු - විදුහල්පති සංගම්වලින් එල්ල වූයේ දැඩි විරෝධයකි. ඔවුන්ගේ අදහස වූයේ පළමු කොවිඩ් රුල්ලෙන් පසු පාසල් විවෘත කිරීමේදි ගත් විධිමත් ක්‍රියාමාර්ග මෙවර සිදු නොවන බවයි. මවුපියන්ගේ සහ ගුරුවරුන්ගේ දායකත්වය යටතේ ඇතැම් පාසල් නිසි පරිදි සූදානම් කෙරුණද බොහෝ පාසල්වල විෂබීජහරණ ක්‍රියාවලියක් සිදු නොවූ බවටද චෝදනා එල්ල විය. කිසිදු සැලැස්මකින් තොරව පාසල් විවෘත කිරීමට පියවර ගැනීම මත සිසුන් අතරින් කොවිඩ් රුල්ලක් නිර්මාණය විය හැකියැයි ඔවුන් ප්‍රකාශ කළහ.
ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ මෙලෙස කඩිමුඩියේ පාසල් විවෘත කිරීම අයෝග්‍ය ක්‍රියාවක් බවයි.. අධ්‍යාපන අමාත්‍යංශය 23දා පාසල් විවෘත කරන බව ප්‍රකාශ කළේ 20 වැනිදා. සියලු කටයුතු සඳහා සූදානම් වීමට තිබුණේ දින තුනක කාලයක්. මේක හදිසි දේශපාලන තීන්දුවක්. එමගින් මෙරට පාසල් දරුවන්ගේ ජීවිත ඉතාමත් දැඩි අනතුරකට ලක්කිරීමක් සිදු වෙනවා පළමු කොවිඩ් රුල්ලෙන් පසු සූදානම් වීම සඳහා යම් කාලයක් සහ සැලසුමක් තිබුණා. මෙවර එවැන්නක් නැහැ. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග්‍රාම නිලධාරි, පොලිසිය සහ ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරියේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටු හදන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා දන්වා තිබුණා. පීඑච්අයි මහත්වරුන්ට දින තුනක් ඇතුළත ඔහුට අයත් ප්‍රදේශයේ සියලුම පාසල්වල කමිටු හදන්න පුළුවන්ද? . ඉගෙන ගන්නත් දරුවන්ගේ ජීවිත ආරක්ෂා වී තිබිය යුතුයි. අපි ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිමුඩියේ පාසල් ආරම්භ නොකරන ලෙසටයි.* යනුවෙන් ඔහු පැවසීය.
කෙසේ වුවද පාසල්වලට සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබිණි. ඇතැම් පන්ති කාමරවල සිටියේ දරුවන් එක් අයකු හෝ දෙදෙනකු පමණි. බොහෝ පාසල්වල සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වූ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයටද ලක් විය. එහෙත් ඇතැම් පාසල්වල සිසුන් මුව ආවරණ පැළඳ සිටියේ නැත. තවත් පාසල්වල අත් සේදීම සඳහා සබන් තිබුණේ නැත. තවත් තැනක ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන උපකරණ නොවීය. ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන්ද ගැටලු දැකිය හැකි විය. ඇතැම් පාසල් බස් රථවල නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවලින් තොරව සිසුන් ප්‍රවාහනය කරනු දැකගත හැකි විය.. බස්නාහිර පළාත තුළ සංචරණ කළ දරුවන් ද පාසල්වලට පැමිණ තිබූ බව විදුහල්පතිවරුන්ට වාර්තා වී තිබිණි. ඇතැම් පාසල්වලට සිසුන් නොපැමිණීම මත ඔන්ලයින් ක්‍රමයට ඔවුනට ඉගැන්වීමේ කටයුතුවල නිරත වූ ගුරුවැරුන්ද දක්නට ලැබිණි.
විවෘත කිරීමට නියමිතව තිබුණද ඇතැම් පළාත්වල පාසල් විවෘත කෙරුණේ නැත. හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් පාසල් 5ක් විවෘත නොකිරීමට තීරණය වූයේ පාසල් අවට ගම්මානවලින් කොවිඩ් ආසාදියන් හමුවීම හේතුවෙනි. යටියන්තොට ප්‍රදේශයේද පාසල් කිහිපයක් විවෘත නොවූයේ එම ප්‍රදේශයේ ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හමුවීම නිසාවෙනි. නැඟෙනහිර පළාතේ පාසල් හයක්ද, මධ්‍යම පළාතේ පාසල් 14ක්ද, උතුරුමැද පළාතේ පාසල් 14ක්ද, සබරගමු පළාතේ පාසල් 12ක්ද, වයඹ පළාතේ පාසල් 48ක්ද අකුරුස්ස ප්‍රදේශයේ එක් පාසලක්ද ආරම්භ වූයේ නැත. වයඹ පළාතේ ඇතැම් පාසල් ලබන සතියේ විවෘත කිරීමට තීරණය කර තිබේ. මහනුවර නගර සීමාවේ පිහිටි පාසල් 45ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ මහනුවර ආසන්නයේ පිහිටි අකුරණ, මහයියාව වැනි ප්‍රදේශවලින් සහ මහනුවර මධ්‍යම වෙළෙඳපොළෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීම හේතුවෙනි.
මහනුවර ප්‍රදේශයේ ගුරු ස්වාමීන්වහන්සේ නමකටද කොවිඩ් ආසාදනය වී ඇතැයි ගුරු සංගම් සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් වෛරසය ගුරුවරුන් අතරද ව්‍යාප්ත වෙමින් පවතින හෙයින් පාසල් විවෘත කිරීමෙන් ගුරු - සිසු පොකුරක් ඇතිවීමේ අවදානමක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති. පසුගියදා බදුල්ලේ කන්දෙගෙදර පාසලකට හා අම්බලන්ගොඩ පාසල් දෙකකට පැමිණි සිසුන් තිදෙනකුගේ පවුලේ සාමාජිකයන් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීම මත කන්දෙගෙදර ජාතික පාසල තාවකාලිකව වසා දැමීමටත්, අම්බලන්ගොඩ ධර්මාශෝක හා කුලරත්න විදුහල්වල සිසුන් 25 දෙනකු හා ගුරුවරුන් කිහිප දෙනකු නිරෝධායනය කිරීමටත් සිදුවී තිබේ. මේ හේතුවෙන් පසුගිය 25 දින ධර්මාශෝක විදුහලට එකදු සිසුවකු හෝ නොපැමිණි අතර, කුලරත්න විදුහලට පැමිණ සිටියේ සිසුන් 7 දෙනකු පමණි. ගුරු සංගම් ප්‍රකාශ කරන්නේ දිනෙන් දින පාසල්වලට පැමිණෙන සිසුන් ප්‍රමාණය අවම වන බවයි. දෙමව්පියන් ළමුන් පාසල් වෙත නොඑවන්නේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නොමැති හෙයින් බවද එය සැලැස්මකින් තොරව පාසල් ආරම්භ කිරීමේ ප්‍රතිළුලයක් යැයිද ඔවුහු පවසති. කෙසේ වුවද දුෂ්කරතා මධ්‍යයේ වුව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යාමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් ප්‍රකාශ කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරෑපය අන්තර්ජාල ෙයනි