කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිතා කිරීමට නියමිත “රුපිඩ් ඇන්ටිජන් ටෙස්ට්” හෙවත් “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය” සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ මෙරට සමාජයේ දැඩි කතාබහක් ඇති විය.
ඊට ප්‍රධානතම හේතුව වූයේ අදාළ පරීක්ෂණය සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල මෙරටදී භාවිතා කළ හැකිද යන සහතිකය නිකුත් කිරීමටත් පෙර එම කට්ටල විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සහ එය ආනයනය කළ පෞද්ගලික සමාගම පිළිබඳ ඇතැම් පිරිස් විවිධ මත පළ කිරීම හේතුවෙනි.
• මොකද්ද මේ ඇන්ටිජන් ටෙස්ට්?
කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා ගත යුතු බවත්, ඒ සඳහා කළ යුත්තේ දිගින් දිගටම පරීක්ෂණ සිදුකිරීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාර්තු මාසයේ සිට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය.
කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද වැඩි වශයෙන් භාවිත කළේ පීසීආර් පරීක්ෂණයයි. ඊට අමතරව ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව නැතහොත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සම්බන්ධයෙන්ද කතිකාව වෙනත් රටවල ඇතිවෙද්දී ලංකාවේද එම පරීක්ෂණය සිදුකිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක්ම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය. ඒ දිනවල රුපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සම්බන්ධයෙන් කතාබහක් නොතිබුණද, ලංකාවේ පෞද්ගලික සමාගමක් විසින් එම පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් ලංකාවට ගෙන ඒමත් සමග රුපිඩ් ඇන්ටිජන් ටෙස්ට් යළිත් කරළියට ආවේය.
රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම සඳහා තීරණය කර ඇති බව සහ ඊට අදාළව ඉල්ලුම්පත් යොමුකරන ලෙස දන්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔක්තෝබර් 26 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. කෙසේ වෙතත් රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල පිළිබඳව මේ දිනවල සමාජයේ පවතින්නේද කසුකුසුවකි.
කියලා සතියකින් කොහොමද මේවා ආවේ?
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේශ්
ඇන්ටිජන් ටෙස්ට් හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට අදාළ සාම්පල තොගයක් දිවයිනට රුගෙන ඒම සම්බන්ධයෙන් රජය ජනතාවට තොරතුරැ හෙළිකළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සුමානේ ඉඳලා තමයි මේ ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණ ගැන කථා කරන්න ගත්තේ. නමුත් ඒ කාරණාව කියලා සතියක් යන්න කලින් අපට ආරංචි වුණා ආයතන දෙකකින් මේ ක්ෂණික ප්‍රතිදේහ නිෂ්පාදන තොගයක් ලංකාවට ඇවිත් තිබෙනවා කියලා කොහොමද මේවා පුද්ගලික ආයතන දෙකක් මගින් ගෙන්නුවේ කියන එක පිළිබඳ ගැටලුව අපිට මතුවෙනවා. අනෙක මේ නිෂ්පාදන තත්ත්වයෙන් උසස්ද යන්න පිළිබඳ තක්සේරුවක්වත් ලබා දී නැහැ.
ප්‍රොසෙස් එක ඉවර වෙන්නත් කලින් කව්ද මෙච්චර තොගයක් ගෙන්වන්න අවසර දුන්නේ?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ
ඕනෙම රටක පී.සී.ආර්. ධාරිතාවය සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඇමරිකාවෙ වුණත්, දවසකට පරීක්ෂණ මිලියන ගාණක් කරන රටවල්වල වුණත් ඒ ඉල්ලුමට සරිලන ප්‍රමාණයට පී.සී.ආර්. නෑ. ඒක තමයි ඇත්ත. ඒ නිසා අපටත් විකල්ප හඳුනාගෙන ඉදිරියට යාම වැදගත් වෙනවා. එතකොට ඒ විදියට පී.සී.ආර්. එකට විකල්පයක් හැටියට පරීක්ෂණ ක්‍රමවේදයට එකතු කරන්න පුළුවන් කියපු එකක් තමයි රුපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක, එහෙම නැත්නම් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාව. මේ පරීක්ෂාව සම්බන්ධයෙන් මේ වෙනකොට වැලිඩේශන් ප්‍රොසෙස් එකක් යනවා, එහෙම නැත්නම් මේක අපේ රටට ගැලපෙනවාද කියලා තීරණය කිරීමේ ක්‍රියාවලියක් යනවා නමුත් දැන් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා යම් තොගයක් ගෙන්වලා කියලා. තවත් පාර්ශ්ව ගණනාවක් මේකෙ බැරූරැම්කම ගැන කතා කළා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන එතරම් හොඳ අතීත වාර්තා නෙවෙයි තියෙන්නෙ ටෙන්ඩර් සම්බන්ධයෙන්. ඒ නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදියට අපට තියෙන ප්‍රශ්නය තමයි වැලිඩේශන් ප්‍රොසෙස් එක ඉවරවෙලා නැත්නම් ලොකු තොගයක් ලංකාවට ගෙන්වලා තියෙනවා නම් එහෙම කරන්න කවුද අවසර දුන්නෙ? ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ඕනෙ, ඒ අය අවසර දුන්නද? එහෙම නැත්නම් වැලිඩේශන් ප්‍රොසෙස් එකට ගෙන්නපු තොගේද මේ තියෙන්නෙ? වැලිඩේශන් ප්‍රොසෙස් එකට මෙච්චර විශාල තොගයක් ඕනෙ වෙන්නෙ නෑ. ඒ සාම්පල් පරීක්ෂා කරන ඒවා සම්බන්ධයෙන් මේ දක්වා ලැබිලා තියෙන නිර්දේශ මොනවද? මේකට කොච්චර මුදලක් වියදම් වුණාද? මේවා මහජනතාවගේ බදු මුදල්. ඒ සල්ලිවලට සාධාරණය ඉෂ්ට වෙනවද? කියන කාරණාවලට පිළිතුරැ මේ එල්ලවෙලා තියෙන චෝදනා බැරූරැම්. මේවා ලේසියෙන් අහක දාන්නෙ නැතුව විධිමත් විමර්ශනයක් කරන්න
ආණ්ඩුව කිසිම මිලදී ගැනීමක් කළේ නෑ
ඖෂධ සැපයීම, නිෂ්පාදනය සහ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන
ඇත්තටම මේ පරීක්ෂණ කට්ටල ගැන රටපුරා වැරදි මතයක් නොමග යැවීමක් සිදුවෙන බවක් පේන්න තිබෙනවා. ඇතැම් පුද්ගලයන් මේකෙන් දේශපාලන වාසි ලබාගන්න බවක් පේන්න තිබෙනවා. මම ඉතා වගකීමෙන් කියනවා රජය ඒ පරීක්ෂණ කට්ටල මිලට ගැනීමක් සිදුකරලා නැහැ. මේ වනතෙක් නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි ඉල්ලීමක් කළා. කඩිනමින් මේ කට්ටල අපිට ලබාදෙන්න කියලා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අපට 50,000ක පමණ කට්ටල ප්‍රමාණයක් ලබාදෙනු ලැබුවා ආරම්භක පියවරේදී. එය පසුගිය 8 වැනිදා මෙරට ආවා එහෙම නැතුව රජය කිසිම පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීමක් සිදුකර නැහැ.
සටහන: හසිත් අංජන