කොවිඩ්-19 රටපුරා ව්‍යාප්ත වූ පළමු රැල්ලේදීම ඇතැම්හු දේශීය වෙදකමට මූලික තැනක් ලබා දුන්හ. කොවිඩ්-19 වෛරසයට නිසි ප්‍රතිකාරයක් නොමැති බවට බටහිර වෛද්‍ය ක්‍රමය අදහස් පළ කරද්දී දේශීය වෛද්‍යවරු ඒ සඳහා දේශීය වෙදකම සුදුසු යැයි යෝජනා කළහ.
ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමත් සමඟම අතහැර දමා තිබූ පෙරුම්කායම් කැබැල්ලට, කොහොඹ කොළයට, කහ වතුරට මූලික තැනක් හිමි විය. අදටත් බොහෝ ප්‍රදේශවලින් පෙරුම්කායම් කැබැල්ලක්වත් සොයා ගන්නට නැත.
ආයුර්වේදයේදී නිරෝගිකම වර්ධනය කළ හැකි ඖෂධ පවතිනවා. අනෙකුත් වෛද්‍ය ක්‍රමවල පවතින්නේ යම්කිසි රෝගයක් වැළඳුණාට පසුව ඒ සඳහා ප්‍රතිකාර ලබා දීමයි. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයේදී ආහාර, ඖෂධ, විවරණ යන කරුණු තුන යටතේ ප්‍රතිකාර ලබා දෙනවා. තමන් ගන්නා ආහාර නිතරම ඖෂධයක් විය යුතු බව තමයි ආයුර්වේදයේදී සඳහන් වෙන්නේ. අපි එකම ආහාරයක් වෙනුවට විවිධාකාර ආහාර ගන්න පුරුදු වුණු මිනිස්සු. අල, බතල, ධාන්‍ය වර්ග, පළතුරු, පලා වර්ග ආදී සියලුම ආහාර අපි අනුභව කළා. ඒ වගේම අපි නිතරම නැවුම් එළවළු, පළතුරු ආහාරයට ගන්න පුරුදු වුණු අයයි. ඒ තුළින් අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය වුණා. සුද්දගෙන් පස්සේ අපි තේ බොන්න පටන් ගත්තේ. අපි බෙලි මල්, රණවරා, ඉරමුසු, පොල්පලා වැනි ඖෂධීය පානයන් දිනපතාම පානය කරපු අයයි. ඒ පාන වර්ග තුළින් අපේ ශරීරයට නිරන්තරයෙන්ම ඇතුළු වුණේ ඖෂධයි. එයින් ද අපේ ශරීරයේ ප්‍රතිශක්තීකරණය තවත් ආකාරයෙන් වර්ධනය වුණා. යැයි ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ආහාරපානවලට අමතරව අපේ හැසිරීම් රටාව හා චර්යා රටාවෙන් ද අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තීකරණය වර්ධනය වේ. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව උදෑසන අවදි වූ මොහොතේ පටන් රාත්‍රියට නින්දට යනතුරු තමන් අනුගමනය කළ යුතු පිළිවෙත් පිළිබඳව ද සඳහන් වේ. එම පිළිවෙත් අනුගමනය කිරීමෙන් ද සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සඳහන් කරයි.
දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව සෑම කෙනකුම අවදි විය යුත්තේ ඉර උදාවට පැය භාගයකට පෙරය. මෙය හඳුන්වනු ලබන්නේ බ්‍රහ්මමූර්තයෙන් අවදි වීම ලෙසය. එතැන් සිට තමන් අනුගමනය කළ යුතු දින චර්යාව පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වේ. මෙලෙස ආහාර හා විවරණ මගින් තමන්ගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කළ හැකි වේ.
ආහාර හා විවරණයට අමතරව ඖෂධ පිළිබඳව ද දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වෙනවා. අතීතයේ කොරෝනා රෝගය නොතිබුණත් ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ තිබූ රෝග අතීතයේ දී තිබුණා. එමෙන්ම අපගේ දේශීය වෛද්‍යවරුන් ප්‍රතිකාර කරනු ලබන්නේ රෝග ලක්ෂණ දිහා බලමින් නොවේ. රෝගියාගේ ප්‍රකෘතියේ සිදුවන වෙනස්කම් දිහා බලලයි. ඒ නිසා ඕනෑම රෝගයක ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙනවා. ඕනෑම කෙනකුගේ ශරීරයේ වා, පිත්, සෙම් යනුවෙන් වෙන්වුණු කොටස් පවතිනවා. ඒවායේ මට්ටම වෙනස්වීම අනුව දේශීය වෛද්‍යවරුන් ප්‍රතිකාර ලබා දෙනවා. කුමාරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
කොවිඩ් රෝගයට මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගැනීමට ද පැරණි ග්‍රන්ථ පරිශීලනය කර ගනිමින් දේශීය වෛද්‍යවරු ඖෂධ වට්ටෝරු නිර්දේශ කළහ. දේශීය වෙදකම් ප්‍රවර්ධනය කිරීමේ අමාත්‍යාංශය මේ සම්බන්ධව ජාතික කමිටුවක් පත්කොට තිබේ. එහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරුන්, පාරම්පරික වෛද්‍යවරුන් මෙන්ම බටහිර ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් නියෝජනය වේ. මේ සියල්ලන්ගේම එකමුතුවෙන් දේශීය ඖෂධ කාණ්ඩයක් නියම විය. රෝගයේ මූලික අවස්ථාව, මධ්‍යම අවස්ථාව සහ අසාධ්‍ය අවස්ථාව ලෙස අවස්ථා තුනක් යටතේ මෙහිදී ප්‍රතිකාර පද්ධති නිර්දේශ කෙරිණි. ඒ අනුව මේ වන විට බස්නාහිර පළාත, සබරගමු පළාත සහ බටහිර රෝහල් සමඟ එක්ව මෙම ඖෂධ ලබා දීමට කටයුතු කර හමාරය.
අපි නිතරම කතා කරන, අපි නිතරම පානය කරන පස් පංගුව මේ සඳහා වඩාත් යෝග්‍ය වන බවයි වෛද්‍ය මතය වන්නේ. ජාතික කමිටුව රුස්කිරීමට පෙර ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් රුස්කොට මේ රෝගයට නිවෙසේදී සාදාගත හැකි ඖෂධයක් පිළිබඳවත් සාකච්ඡා කළා. එහිදී සුව ධරණී ඖෂධය පිළිබඳවත් සාකච්ඡා කළා. ඉඟුරු, වෙනිවැල්ගැට, හීන්අරක්ත, කොත්තමල්ලි එකතුවෙන් සැදුම්ලත් ඖෂධයක්. එය නිවෙසේ සිටින ඕනෑම කෙනකුට කිසිදු ගැටලුවක් නැතිවම පානය කරන්නට පුළුවන්. එය වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට පුළුවන්. ඒ වගේම නිවෙසේදී හොඳ කොළකැඳ පානය කරන්න. ගෙවත්තෙන් සපයාගත හැකි මොනරකුඩුම්බිය, ගොටුකොළ, හාතවාරිය, පොල්පලා ආදී කොළකැඳ පානය කරන්න. එයින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කර ගත හැකි වෙනවා.* ආයුර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
%ප්‍රතිශක්තීකරණය^ ආයුර්වේදයේදී හඳුන්වනු ලබන්නේ ව්‍යාධිශ්‍රමතාවය යනුවෙනි. එහි තේරුම වන්නේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවයි. දේශීය පාරම්පරික සහල් මගින් ද දේශීය අල වර්ග මගින් ද ප්‍රතිශක්තීකරණය වර්ධනය වේ. අධික සීනි භාවිතය ප්‍රතිශක්තීකරණය අඩාල කරයි. එමෙන්ම පිටිකිරි, පැණිබීම, කෘත්‍රිම කෑම බීම භාවිතයෙන් ඈත්විය යුතුය. මීට අමතරව නැවුම් එළවළු, නැවුම් පළතුරු, දොඩම්, නෙල්ලි, අනෝදා, නමිනං, වෙරළු, යකිනාරං, හීන් බෝවිටියා, වට්ටක්කා වැනි ආහාර ශරීරයට එක්කර ගත යුතුය. එමෙන්ම ධුමායනය කිරීම ද මෙම විෂබීජ නැසීමට හැකියාව පවතී. දෙහිකොළ, කොහොඹ කොළ, පැඟිරි කුලයේ ශාකවල කොළ යෙදූ දුම නිවෙසට ඇල්ලීමෙන් නිවෙස් විෂබීජහරණය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
දිශානි ජයමාලි කරුණාරත්න