
කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන කෙරෙහි ඇතිවූ බලපෑම පිළිබඳ ප්‍රමාණවත් තරම් සාකච්ඡා නොවුණි. ඊට හේතුව වූයේ ආර්ථික සාමාජීය කරුණු මෙන් අධ්‍යාපනට අදාළ කොවිඩ් සිදුකර ඇති බලපෑම සෘජුව හඳුනාගත නොහැකි වීමයි. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය ප්‍රමාද පිළිබඳ යම් කතාබහක් ඇතිවූ බව සැබෑය. දැන් ඒ කතාබහ සාමාන්‍ය පෙළ විභාගය දෙසට යොමුවී තිබේ. සමාන්‍ය පෙළ විභාගය පිළිබඳ ඇතිවී ඇති කතාබහ පදනම් කරගෙන අප කොවිඩ් අධ්‍යාපන බලපෑම පිළිබඳ සාකච්ඡා කිරීමට අදහස් කෙළෙමු.
පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වැනිදා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මීළඟ ඉලක්කය එම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාම බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
මේ වනවිටත් “ගුරුගෙදර” සහ “ඊ-තක්සලාව” වැඩසටහන් රජය විසින් ක්‍රියාවට නංවා ඇත. ඊට අමතරව 3 වැනි පාසල් වාරයට අදාළ ප‍්‍රධාන විෂයන් ආවරණය කිරීමේ අරමුණින් මෙම නව වැඩසටහන් මාලාවක් ජාතික රූපවාහිනියේ අයි නාළිකාව සහ නේත‍්‍රා නාළිකාව ඔස්සේ දැනට දිනකට පැය 16ක කාලයක් විකාශය කෙරෙයි. ඉදිරියේදී අවශ්‍යතාව අනුව මෙම කාලය දීර්ඝ කිරීමට හා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධ කර ගනිමින් ගුවන්විදුලිය ඔස්සේද විකාශය කිරීමට කටයුතු කරන බව කියැවෙයි. මෙහිදී මුළු දිවයිනම ආවරණය වන පරිදි හා සියලුම දරැවන්ට සහභාගී වීමට හැකිවන පරිදි මාධ්‍ය කිහිපයක් ඔස්සේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.
තවද අවශ්‍යතා හඳුනාගනිමින් මුද්‍රිත පාඩම් මාලාවක් දරුවන් අතට පත් කිරීමටද තීරණය කර ඇතැයි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රෙමජයන්ත මහතා පසුගියදා පැහැදිලි කළේය. එසේම දරුවන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමට අදාළ ගුරුවරුන් සම්බන්ධ කර ගැනීමට 1377 යනුවෙන් විශේෂ දුරකථන අංකයක් අධ්‍යාපන අමාත්‍යාංශ හඳුන්වා දී තිබේ. එසේම 0117601702, 071449131 යන දුරකථ අංක මාර්ගයෙන්ද දරුවන් වෙනුවෙන් විවෘත කර ඇත.
කෙසේ වෙතත් විභාගය ඉලක්ක කරගත් අධ්‍යාපනයක සිටින මෙරට දරුවන්ට මෙම තත්ත්වයන් ප්‍රායෝගික වේදැයි ගුරු සංගම් කිහිපයක් ප්‍රශ්නය කරමින් සිටියි. එසේම විධිමත් විෂයමාලා ආවරණය වීමක් සිදුනොවූ පසුබිමක සමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර සැකසීම පිළිබඳවද ඔවුන් ප්‍රශ්න කර සිටිති. එසේම මේ වනවිට දරුවන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකි බවද ඔවුහු අවධානය කර සිටිති.
මේ අතර නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කර ඇත. ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ කටයුතු කර තිබේ. සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පැවැත්වෙන වේලාව වෙනසක් නොකොට, පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද සාකච්ඡා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබිණි.
පසුගියදා මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කර ඇති ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මාර්ගයෙන් එම වාර්තා ලබාගැනීම සිදුවිය. ඒ අනුව සාමාන්‍ය පෙළ එක් එක් විෂයන්ට අදාළව දැනට සම්පූර්ණ කර ඇති විෂය කරුණු හා තවදුරටත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමාලෝචනය කිරීමට බලධාරීන් සැලසුම් කර තිබේ. මේ අනුව ප්‍රශ්නය පත්‍ර සැකසීමේ දී දරුවන්ට යම් සහනක් හිමිවනු ඇති බව කියැවේ.
චමිඳු නිසල් ද සිල්වා
මෙතෙක් ඉගැන්වූ විෂයන්ට අදාළව් විභාග පැවැත්වීම හොඳයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳ නිශ්චිතව දින සඳහන් කිරීම පහසු නෑ රටේ තත්ත්වය මත. එහෙත් විභාගය පැවැත්වීමට ආණ්ඩුව සූදානම් විය යුතුයි. විෂය නිර්දේශයේ ඉගැන්වූ කොටස් ටික පිළිබඳ සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. සමස්ත විෂයමලා ආවරණය වන පරිදි විභාගය පැවත්වීම සුදුසු නෑ. ඔන්ලයින් සහ වෙනත් ක්‍රමවේද මත ලබාදෙන අධ්‍යාපන පිළිබඳ සළකලා විභාගය පවත්වනවා නම් සාධාරණ නෑ. රටේ හැම තැනකටම සමාන පහසුකම් නෑ. අනික් අතට පාසල් වාරය ආරම්භ වුණත් සියලු විෂය කොටස් ආවරණය කරන්න පුළුවන් වෙයි කියලා අපි අපේක්ෂා කරන්නේ නෑ. යම් අමතර දැනුමක් ලබාදෙන්න පුළුවන් වෙයි.
ඔන්ලයින් රූපවාහිනී ක්‍රමය තුළ පන්ති කාමරයේ තිබෙන පෙරළා ප්‍රශ්නය කිරීමේ හැකියාව නෑ. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධතාව දුරස්ථයි. අනික් අතට ළමයි විවිධාකාරයි. ඔවුන් වෙනුවෙන් වෙන් වෙන්ව අවධානය ලබාදීමේ හැකියාවක් නෑ. ඒ නිසා අපි කියනවා නිසි පරිදි උගන්වන ලද විෂය කරුණු පදම් කරගෙන තමා විභාගය පවත්වන්න ඕනෑ. කොහොම වුණත් එවකට තිබෙන තත්ත්වය එක්ක තීරණ ගැනීම වැදගත්. දැන් දින යොදාගැනීම ගැටලුවක් නෑ. විභාගය කාර්ය මණ්ඩලයේ ගුරුවරුන් විදුහල්පතිවරුන්ගේ වගේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වීමත් ඉතා වැදගත්.
ඔන්ලයින් ඉගැන්වීමේ ගැටලු රැසක්
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික අසංක නිරෝෂණ
ඇත්තෙන්ම අපේ අදහස විභාගයක් නියමිත නිශ්චිත දිනයකදී පැවැත්වීම ඉතා සුදුසුයි. නමුත් ඊට අදාළ විෂය නිර්දේශයන් නිවැරදිව ආවරණය කොට තිබීම අනිවාර්යයි. මෙවර සමාන්‍ය පෙළ කරන දරුවන්ට දළ වශයෙන් මාස හතරක විතර අධ්‍යාපන කාලයක් නැතිවුණා. ඇත්තෙන්ම ඒ පාසල් උපකාරක පන්ති කිසිවක් නොපැවතුණු කාල වකවානුවක්. අපේ අදහස විෂය නිර්දේශයන් ආවරණය කරගෙන විභාගය පැවැත්වීම හැම දරුවෙකුට කරන සාධාරණයක්. එම නිසා නියමිත දිනකදී විභාගය පැවැත්වීමට ගත් තීරණය අධ්‍යාපන බලධාරී නැවත සලකා බැලිය යුතුයි කියන එක තමා අපේ අදහස.
විටෙක ඔවුන්ට තර්ක කරන්න පුළුවන් මේ ඔන්ලයින් අධ්‍යාපන මගින් විෂය නිර්දේශ ආවරණය කරගත්ත බව. අපි සංගමයක් විදිහට වගකීමෙන් කියනවා පුංචි පරීක්ෂණයක් කරලා බලන්න මේ ඔන්ලයින් අධ්‍යාපන තුළ තිබෙන ගැටලු. බොහෝ දරුවන්ට පහසුකම් නෑ. සිග්නල් එන්නේ නෑ. රටේ විශාල දරුවන් පිරිසක් ඔන්ලයින් අධ්‍යාපන හරහා විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීමේ ගැටලුවක් තිබෙනවා. කොළඹ අවට නගර තුළ ඉන්න දරුවන් සීමිත ප්‍රමාණයක් ඔන්ලයින් ක්‍රමය හරහා විෂය නිර්දේශයන් ආවරණය කරගත්තා වෙන්න පුළුවන්. නමුත් මේ රටේ ඉන්න ග්‍රාමීය දරුවන් විශාල ප්‍රමාණයකට මේ පහසුකම් නොමැති නිසා මෙම සාර්ථක නොවන බව අපි හොයාගෙන තිබෙනවා. එම නිසා අපි කියා සිටිනවා දරුවන්ට නියමිත අධ්‍යාපන කාලයක් ලබාදී මෙම විභාගය පැවැත්වීම සුදුසු බව.