කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්හි කැලණි ගඟට යාබදව පිහිටා ඇති කර්මාන්තශාලා මගින් නිකුත් කරන අපද්‍රව්‍ය හේතුවෙන් කැලණි ගඟ අපවිත්‍ර වීම් සිදුවනවා දැයි බැලීම සඳහා කණ්ඩායම් දහතුනකගෙන් සමන්විත සමීක්ෂණයක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් දියත් කර ඇත.
කිලෝමීටර් 145ක් දිග වර්ග කිලෝමීටර් 2292ක ගංගා ධාරයක් ඇති කැලණි ගඟ ඒ ආශ්‍රිතව පිහිටා ඇති කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය මඟින් අපවිත්‍ර වන බවට බොහෝ දෙනෙක් චෝදනා කරති.
“මීට වසර දහයකට පමණ පෙර කැලණි ගඟට යාබද කර්මාන්ත ශාලා ඇතුළුව සියලුම කර්මාන්ත ශාලා පිළිබඳව සම්පූර්ණයෙන් සංගණනයක් සිදුකළා. මේ අනුව කැලණි ගඟට කිලෝමීටරයක් පමණ ඇතුළත ආසන්නයේ පිහිටා තිබෙන කර්මාන්ත ශාලා ලැයිස්තු ගත කළා. ඒ සියල්ලම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගත යුතු වෙනවා. එය නීතිමය අවශ්‍යතාවයක්...” යැයි පරිසර දූෂණ පාලන අධ්‍යක්ෂ ආචාර්ය සංජය රත්නායක මහතා දේශයට අදහස දක්වමින් පැවසීය.
1980 ජාතික පරිසර පනතෙහි 23 (අ) කොටසෙහි පනවා ඇති බලතල අනුව පරිසර ආරක්ෂණ බලපත් වැඩසටහන යටතේ කර්මාන්ත ක්‍රියාකාරකම් මඟින් පරිසරයට අප ජලය බැහැර කිරීම නීතිගත කර තිබේ. පනතෙහි දක්වා ඇති ආකාරයට අප ජලය පරිසරයට බැහැර කිරීමට නම් යම් කර්මාන්තයක් විසින් මෙම පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වේ.
මෙසේ පරිසරයට අපජලය බැහැර කරන යම් කර්මාන්ත ආයතන විසින් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගැනීමට නම් එම අපජලය අදාළ ප්‍රමිතීන්ට අනුකූල වනසේ පිළියම් කළ යුතුවේ.
“සංගණනය සිදුකළාට පසුවත් වරින්වර අලුත් කර්මාන්තශාලා ඉදිවුණා. ඒ සෑම අවස්ථාවකදීම අපේ පරිසර නිලධාරීන් ඒ පිළිබඳව තොරතුරු සොයාබලා අපගේ බලපත්‍ර ක්‍රමවේදය තුළ එය පාලනය කිරීමට කටයුතු කළා. මෑතකදී කරන ලද සමීක්ෂණවලට අනුව බලපත්‍ර ක්‍රමවේදවලට ඇතුළත් වුවත් බලපත්‍ර ලබාදෙන්නට පුළුවන් තත්ත්වයක නැති කර්මාන්ත ශාලා හැටක් පමණ ඉදිවී තිබෙනවා. බලපත්‍රයක් ලබාදෙන්නට නම් අප ලබාදී ඇති ප්‍රමිතියට අනුකූල විය යුතු වෙනවා.” යැයි ආචාර්ය සංජය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
මහා පරිමාණ බොහෝ කර්මාන්තශාලාවල මෙම පිරිපහදු පද්ධති ඇත. නමුත් ඇතැම් විට පරිසර නිලධාරීන් සොයාබැලීමේදී ඒවා ක්‍රියාත්මක වීම් අඩාල වුණ අවස්ථාද ඇත. එහිදී ඔවුන් උපදෙස් ලබාදී බලපත්‍රය ලබාදෙන අතර එසේ නොමැති අවස්ථාවලදී නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි.
ගඟකට යාබදව කර්මාන්තයත් ඉදිවෙද්දී එයින් යම් බලපෑමක් ගංගාවල සිදුවේ. එය අවම කිරීම සඳහා මෙම බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක වේ. ආචාර්ය සංජය රත්නායක මහතා පවසන්නේ අදටත් කැලණි ගඟේ ජලය පානය කිරීමට හැකියාව පවතින බවයි.
2003 සිට කැලණි ගඟෙහි සහ එහි ඇතැම් අතු ගංගාවන්හි දූෂිත තත්ත්වය ජලයේ පී.එච්.අයි. අගය, ආම්ලතාවය, දියවූ ඔක්සිජන් ප්‍රමාණය, ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම, රසායනික ඔක්සිජන් ඉල්ලුම, ක්ලෝරයිඩ, නයිට්‍රේට් සහ ක්ෂුද්‍රජීවී ගණත්වය ආදී කරුණුවලට අදාළව පරීක්ෂාවට ලක්කෙරී ඇත. ජලයේ ඇතැම් බැර ලෝහ ප්‍රමාණයක් (ඊයම්, ක්‍රොමියම් වැනි)ද ගණනය කෙරී ඇත. කරදිය මිශ්‍ර වීම, මළ මිශ්‍රවීම සහ පාංශු ඛාදනය වීම මඟින් රොන් මඩ තැන්පත් වීම ආදිය ගංගා ජලය අපවිත්‍ර කරනා ප්‍රධාන මූලාශ්‍ර වේ.
“කැලණි ගඟ ආශ්‍රිතව ජලය අපවිත්‍ර වීම පිළිබඳව විශාල ගැටලුවක් මතුවී තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ මේ තත්ත්වය සිදුවෙමින් පවතින ගැටලුවක්. මේ වනවිට කොළඹ පානීය ජලයෙන් 80%ක් ලැබෙන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයෙනුයි. මධ්‍යම පරිසර අධිකාරියෙන් කැලණි ගඟේ ස්ථාන අටකින් සෑම සතියකට ජල පරීක්ෂාවක් සිදුකරනවා. එයින් ජලයේ ඇති සංඝටක හා අපද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂාවට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ඉවුර සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉවුර සම්පූර්ණයෙන්ම පූර්ණ අධීක්ෂණයක් කොට භෞතික පරීක්ෂාවකට ලක්කරන්නට අපි තීරණය කළා. ඒ අනුව කණ්ඩායම් දහතුනක් මේ වනවිටත් ඒ සියලුම ආයතනවලට ගොස් ඒ සම්බන්ධව සියලුම දත්ත එක්රැස් කරනවා.” යැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
ඒ අනුව මේ වනවිටත් කැලණි ගඟට යාබදව ඉදිකර ඇති කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය පිළිබඳව පරිසර පොලීසිය සහ එක්ව මධ්‍යම පරිසර අධිකාරි නිලධාරී කණ්ඩායම විසින් සොයාබැලීම සිදුකරයි. එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය සතුව මෘදුකාංගයක් (APP) ඇත. එමගින් එම ස්ථාන සජීවීව හඳුනා ගැනීමේ හැකියාවද පවතී. මේ වනවිට එම මෘදුකාංගයද ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව මේ සම්බන්ධව සති දෙකක් ඇතුළත පූර්ණ වර්තාවක් සකස් කොට ජනාධිපතිවරයාටත්, පරිසර අමාත්‍යවරයාටත් බාරදීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වේ. දෙවැනි අදියර ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතනවලට නීතිය ක්‍රියාත්මක කිරීමටත් අධිකරණයට ඉදිරිපත් කළයුතු ආයතනය අධිකරණයට ඉදිරිපත් කිරීමටත් ඔවුන් තීරණය කොට ඇත.
“කොළඹ ඉවුරේ සිට රත්නපුර ඉවුර දක්වාත්, ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කෑගල්ල දිස්ත්‍රික්කය දක්වාත් ඉවුරු මේ අන්දමට පරීක්ෂා කොට අවසානයේ කැලණි ගඟට අපවිත්‍ර වීම වළක්වා, පානීය ජලය සහිත කැලණි ගඟක් ලෙස පත් කිරීමට අපි කටයුතු සිදුකරනවා.” යැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා දේශයට වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
කැලණි ගඟ දූෂණය වීමේ ප්‍රධානම හේතුන් ගොඩබිම පදනම් කරගත් ඒවා වේ. පිරිපහදු කළ සහ නොකළ කර්මාන්ත අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්ත අපද්‍රව්‍ය, ගෘහාශ්‍රිත සහ නගාරාශ්‍රිත බැහැර කිරීම් ඒ අතර වේ. ගං පතුළෙත් අධික ලෙස වැලි ගොඩදැමීම හේතුවෙන් ගංගා පතුල ගැඹුරුවීම සිදුවේ. ගෘහාශ්‍රිත සහ නගරාශ්‍රිත බැහැර කිරීම්, මළ මිශ්‍රවීම් සහ පාංශු ඛාදනය වීම මඟින් රොන් මඩ තැන්පත් වීම ආදියෙන් ගංගා ජලය අපවිත්‍ර වේ.
“කැලණි ගඟට තියෙන තවත් ප්‍රධානම ගැටලුව වන්නේ මෙම ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය යයි. කැලණි ගඟ ආසන්නයේම අනවසර ඉදිකිරීම් සිදුකර තිබෙනවා. මේ ඉදිකිරීම්වල අපද්‍රව්‍ය බැහැර කිරීම හරිම අවිධිමත්. මළ අපද්‍රව්‍ය වගේම නිවාසවලින් ඉවතලන ඝන අපද්‍රව්‍ය පවා ඇතැමුන් බැහැර කරන්නේ මේ කැලණි ගඟටයි.” යැයි පරිසර දූෂණ පාලන අධ්‍යක්ෂ ආචාර්ය සංජය රත්නායක මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය පිරිපහදු කිරීමකින් තොරව කැලණි ගඟට බැහැර වේ. එය ඉතා හානිදායක තත්ත්වයකි. පසුගිය කාලයේදී ඇතිවූ අධික වර්ෂාවත් සමඟ බොහෝ දෙනා තම නිවසේ එකතුවෙන කසල බෑගය වර්ෂාවත් සමඟ ගලා යන කාණු පද්ධතිය මුදාහරී. ඒ සියල්ලම අවසානයේදි එකතු වන්නේ කැලණි ගඟටය.
“කෙසේ වුවද කණ්ඩායම් දහතුනක් යොදවා සිදුකරන සමීක්ෂණයට අනුව නොබෝ දිනකින් කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැර කරන කර්මාන්තශාලා සහ ආශ්‍රිතයින් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගෙන කැලණි ගඟ අපවිත්‍ර කිරිම වැළැක්වීමට මධයම පරිසර අධිකාරිය කටයුතු කර ඇත.
දිශානි ජයමාලි කරුණාරත්න